
හිරුට දැනෙන්නැති,,,සඳුට දැනෙනැති,,,
මා හද කුටියේ ඇවිලෙන ගින්දර,,,
එත් පුදුම ඒ හිරුට සඳුට නොව,,,
ඇයට මගේ දුක නොදැනුනු එකගැන,,,
කල්ප කාලයක් පෙමින් වෙලීගෙන,,,
ඇයටම පෙම්කල මා සිත තනිකර,,,
වෙන හද කුටියක සෙනේ සිතක් ළඟ,,,
ඇගේ සිතත් අද අන්ත අසරණය,,,
මුවින් කියන්නෑ මා ළඟ ඉන්නට,,,
එත් සිතන්නෑ මා හැර යයි වග,,,
ඇයත් අසරණයි සිත් දෙකොනක් ළඟ,,,
මගෙ ළඟ තනියට මත්විත පමණය,,,
2 comments:
පද පෙළ ලස්සනයි.....
ඔයාම ඇදපු සිතුවමක් දැම්මනම් තවත් අගේ වැඩි වෙයි කියල මට හිතුන.......
මේ පැත්තට ඇවිත් ගියාට ඔයාට ගොඩක් ස්තුතියි. ඉක්මනටම මම ඇදපු සිතුවමකට පද පෙලක් ලියන්නම්කො. .
Post a Comment