අපේ එක් පොලිස් කාන්තා නිළදාරිණියක්

|

ශ්‍රි ලoකාව නියොජනය කරමින් හදිසියේ දකුනු කොරියාවට පැමිණි උසස් පොලිස් නිළධාරින් සහ නිළධාරිණියන් කිහිප දෙනෙක් මා හට දකින්න ලැබුනේ හදිසියේ රුපවහිනිය නරඹන අතර තුරදීය.2010 වසරේ මෙහි පැමිණි ඒ කන්ඩායමේ කාන්තා පොලිස් නිළධාරිණියන්කිහිප දෙනෙක් විය...මෙම නිළධාරින් සහ නිළධාරිණියන් මෙම රටේ එක්තරා පොලිස්ථානයකදී සිය අත්දැකීම් එකතුකරගැනීමේ යෙදීසිටියේ රූපවාහිනී ආවරනයක්ද ලැබෙන මොහොතකය...එහි අපේ එක් පොලිස් කාන්තා නිළදාරිණියක් ශ්‍රි ලoකා පොලිස් යන ලාoචනයද සහිත පොලිස් කබායක් පැළඳගෙන,චුයින්ගම් එකක් කටේ දමාගෙන ඔනෑවටත් වඩා සපනු දකින මොහොතේ...අපට යම් ලජ්ජාවක් ඇතිවුනා පමණක් නොව...එහි සිටි එක්තරා කොරියානුවෙක් ,,"උබලගෙ රටේ චුයින්ගම් නැත්ද යනුවෙන් ඇසූ ප්‍රශ්නයෙන් අප පමණක් නොව රටේ නමටත් අවනම්බුවක් යැයි සිතුනි...වැදගත් නිළ ඇදුමකින් සැරසීගෙන සතපනහක් වැනි වටිනාකමක් වූ චුයින්ගම් එකක් නිසාවෙන් රටේ නමට වෙන කැළළ සුලුපටු නොවේයැයි අපට සිතේ.
සැබැවින්ම පිටරටකට සුලු කාලයකට යන පුද්ගලයා කවුරුන් වුවද ,,තමන් පුද්ගලික මිනිසෙක් පමණක් නොව පොදුවේ ශ්‍රි ලාoකිකයෙක් ලෙසින් කටයුතු කරන්නට හැකිනම් එය ලoකාවේ ගරුත්වයට සුබදායක වනු ඇතැයි මා සිතමි...මෙය එක් නිදසුනක් වුවද මෙවන් රටේ නාමයට හානි වන බොහෝ දෑ පිටරටවලදී සිදුවන එක කණගාටුදායකය...නමුත් මා මෙය ගෙන හැර පාන්නේ රට නියොජනය කරන වැදගත් ආයතනයක නිළධරිණියක් අතින් වන මේ වරද කොරියාවේ වසන 22000ක් පමණ ලාoකිකයින්ටද වන අවමානයක් නිසාවෙනි...

4 comments:

Danfun said...

අපේ රටේ පොලිසියට බඳවාගන්නේ ලැජ්ජාව, විනය වගේ ප්‍රාථමික ගතිගුණ අයින් කරලනෙ . ඒ ගොල්ලන්න්ට ට්‍රේනින් එක දෙන්නෙ කටු කන්න, පගා ගහන්න වගේ දියුණු දේවල් වලටනෙ.

Anonymous said...

ඒ News නෙමෙයි බන් උබ දැකලා තියෙන්නේ News පස්සේ ගියපු මහ ගෙදර එකේ රාජිනි නෝනා

``` Outsider``` said...

පොලිසිය වැදගත් ආයතනයක්ද?

ruwan kumara maddage said...

තෑන්ක්ස් බ්ලොග් එක කියවලා අදහසක් ලිව්වට...