
සඳ දෙව්ලිය යන්න එපා,,,කවදාවත් මගෙන්,,,
සිත් අහසට පෑයූවේ ඔබ පමණයි ලඟින්,,,
කුමුදු පිපෙන රෑ යාමේ ,,,සඳ පිනි දිය අරන්,,,
සිත් අරණට ඔබ එනතුරු උන්නා මන් බලන්,,,
හැමදාමත් මා පෙම් කළ මගෙ සුදු සඳ දුරින්,,,
ළගට එන්න බැරිවුනාට ඔබ එනවා හොරෙන්,,,
සඳ වතුරින් මා ගත සිත නැහැවෙනකොට සුවෙන්,,,
දුක් දාහක් සේදෙනවා සඳ සවියෙ ඔබෙන්,,,
කනාමැදිරි රාත්ත්‍රියේ සයනයෙ හිස තියන්,,,
ඇය සිහිවී උනු කඳුලැල් ගලනකොටම නෙතින්,,,
සඳ දෙව්ලිය සෙමින් ඇවිත් කව්ලුපියන් තුළින්,,,
හීන්සීරුවේ මා ළඟ දැවටෙනවා පෙමින්,,,
1 comments:
හරිම ලස්සනයි. දිගටම ලියන්න.
Post a Comment