ඇසිපිය කඳුලෙන් ලැමදුක් වසාන ,,,

| | 3 comments »
කොහොමද අම්මේ ,,,මා බිහිකරන්න
මේ තරමට දුක් විඳෙව්වේ,,,
ඇසිපිය කඳුලෙන්  ලැමදුක්  වසාන ,,,
මේ තරමට දුක් විඳෙව්වේ,,,
මහමෙරකට දුක් විඳෙව්වේ,,,

මුතු වරුෂා නැති කටු පොලොවේ,,,
කවුරුද අම්මව හැඬෙව්වේ,,,
මා කුස දරාන,,,සුසුමන් මකාන,,,
නොගැනිය හැකි දුක් විඳෙව්වේ,,,
අම්මා තනියෙම විඳෙව්වේ,,,

දලු මල් කැකුලයි ,,,හිල් පොල්කටුවෙන්
පෙති නොරිදෙන්නට පෙඟෙව්වේ,,,
ඒ මල් කැකුලට ලේ කිරි කඳුලින් ,,,
සෙනෙහස මුසු කර පෙඟෙව්වේ,,,
මැදුරක සුව මට දැනෙව්වේ,,,

මා ලසොවින්ම ඔබ සොයමි සoසාරයේ,,,

| | 0 comments »
සිත් සඳ යායෙ තරු ඇතිරු පිoසාරියේ,,,
නෙත් මත යාවි මුමුණාපු රoජනාවියේ,,,
මා ලඟ ඉන්න බහදීපු සoසාරියේ,,,
මා හැර යන්න හිත දුන්නෙ ඇයි මේලෙසේ,,,

නෙක තරු පළසෙ යට විඳපු පෙම් සාගරේ,,,
මට ලoවීලා උණුසුම්ව දුන් ආදරේ,,,
මා පැතු ලෝකෙ සරසපු හැඩකාරියේ,,,
මේ හිත බින්දෙ කෙළෙසින්ද දුන් ඇදරේ,,,

රණ රූ අතර සුව විඳපු මල් මිහිරියේ,,,
උණු කඳුළක්ද එක්සිත්ව විඳි ආදරේ,,,
සිඳ බිඳ ලන්න අත දුන්නෙ කව්දෝ ප්‍රියේ,,,,
මා ලසොවින්ම ඔබ සොයමි සoසාරයේ,,,

බිසවුනි සීතා

| | 0 comments »
බිසවුනි සීතා නුඹමයි දේවී,,,
මා වෙනුවෙන් පතිදම් පිරුවේ,,,
අඳුරින් පිරිලා කඳුළින් පෙඟුනා,,,
ඔබ මා ඇසුරේ නොවු යුගයේ,,,

මියුරු තෙපුල්සර අහිමිවුනා,,,පෙම්බර බිසෝ  නුඹේ,,,
ලදිමි සතුරුබෙළ මුලින් නසත්,,,රාමා මමයි ඔබේ,,,
පියුම සතුරු රජ සැඟව තබත්,,,අශෝක වනේ හෙළේ,,,
මටම සෙනෙහෙ දම් පිරූ බිසොත් ,,,සීතා අගෙයි සෙනේ,,,

ලහිරු දිලෙත් මුලු ලොවම වෙලා,,,අඳුරුයි යුගේ පුරා,,,
හනුමා ඔබේ ගැන කියූ දිනේ,,,සුසුමක් හෙලූ මෙමා,,,
රජත තෙජස බල මගේ නිසයි,,,සටනක් කළේ මෙමා,,,
සොඳුර ඔබෙත් සිත මගේ නිසයි දිනුවේ පෙමින් මෙමා,,,

සුමට සුසිනිදු ප්‍රේමයේ අනුහස්,,,

| | 0 comments »
සුමට සුසිනිදු ප්‍රේමයේ අනුහස්,,,
රළුගලක් වුව  සනසාවි හදවත්,,,
ඉසුරුමුණියේ පෙම්යුවළ තවමත්,,,
ප්‍රථම ප්‍රේමෙන් ලබන රස පහසක්,,,

ලොවම සනසන මිනිස් නෙත් සඟළක්,,,
කියන නොකියන කතාවක රහසක්,,,
විඩාබර වූ සසර මග අපටත්,,,
තනිවෙලා වග දැනෙයි එක මොහොතක්,,,

නෙලූ කෝමළ රටා මත කැටයම්,,,
නැගෙන්නට ඇත දෑත මත තැල්මන්,,,
රිදුම් ලබමින් ඔහුගෙ ඩහදිය පැන්,,,
අදත් උතුරයි ඉසුරුමුණි පොකුණෙන්,,,

උනුසුම් තලාවේ සැතපෙමි ඉතින් මo,,,

| | 3 comments »
සමනල් කුමාරී,,සනසයි සිනාදී,,,
ලතැවුල් නිමාවී,,,අත්තටු සලාවී,,,
කුසුමන් විමානේ,,,සුවඳින් පිරීලූ,,,
රඟදෙන නෙතින් ඈ ,,,ඇරුයුම් කරාවී,,,

නිකැළැල් සඳක් සේ,,, සුදුවත දිලේවී,,,
මනළොල් හැඟුම් දී සිත චoචළයිලූ,,,
තුරුණුයි යොවුන් මා,,,මනසින් දඟයිලූ,,,
යටපත් සිතුම් මල් ,,,රොන්සුනු පුරාවී,,,

දෙතොලින් පිපීලා,,, පොපියන නුරා මල්,,,
අවනත නොවූවා හදවත ඉතින් දැන්,,,
බැමි බැඳි විළoගූ ගිලිහී බිඳෙයි දැන්,,,
උනුසුම් තලාවේ සැතපෙමි ඉතින් මo,,,

සිත හත්කඩක් පැලීලා,,,අප වෙන් වෙනා වෙලාවේ,,,

| | 3 comments »
සුදු මල් මිටක් නෙලාලා,,ඔබේ සුරතෙ තැබුවේ,,,
නෙත් විල් මතින් ගලාලා,,, කොපුල් කඳුලු තෙමුනේ,,,
යන්නට වුනත් දමාලා,,,වැලපී දෙසිත් තැලුනේ,,,
ඉන්නට ලගින් රැඳීලා හිමිකම් අහිමිවූයේ,,,

හදවත් වලින් බැඳීලා,,,ගව් ගව් දුරක් ගෙවූයේ,,,
මනසින් සිතින් වෙලීලා,,,දුර යන්නටයි පැතූයේ,,,
සිත හත්කඩක් පැලීලා,,,අප වෙන් වෙනා වෙලාවේ,,,
වදනක් අහිමි මුවගින් නොමදෙන් හැගුම් විමානේ,,,

නිකැළැල් සඳක් කොයින්දෝ,,රැයේ අඳුරෙ දිලුනේ,,,
ලතැවුල් සිතක් නොවෙයිදෝ,,,සැමදා දුකින් හැඬුවේ,,,
මෙතෙකින් ගියත් අප වෙන්වී,,,මතකෙන් යයිද සැමරුම්ගී,,,
මතු  අත් බවෙත්  යළි හමුවී,,, වෙන් වී නොයන් මට ලoවී,,,

ගියත් ඔබ දුර රිදුම් දෙයි සිත,,,

| | 3 comments »
අහිමි හීනය හැරදමා ගිය ,,,
කඳුලු කවියට නෙතු යොමා,,,
විඳවනා සිත් තැවුල් අබියස ,,,
තාම සොයනවා ගිය ඔයා,,,
ඉසුරුමුණියේ වෙලුනු ප්‍රේමයෙ ,,,
සොඳුරු රූ මතකයේ තියා,,,
කඳුලු විල්තෙර මාව තනිකර,,,,
දුර ගිහින් නොකියම ඔයා,,,
වසත් කාලය යළිත් එන්නැති ,,,
අහිමි විජිතයෙ මo සොයා,,
ගියත් ඔබ දුර රිදුම් දෙයි සිත,,,
ඔබෙ සුවඳ මතකයෙ තියා,,,

ඇස් අස්සෙ නුඹ ඉන්න,,,වැසි වස්සනා කඳුලු හoගන්,,,

| | 3 comments »
ඇස් අස්සෙ නුඹ ඉන්න,,,වැසි වස්සනා කඳුලු හoගන්,,,
හිත් පත්ල උණුවෙන්න දුක ලoව මට දුන්න දඬුවම් ,,,
දුක ලoව මට දුන්න දඬුවම්,,,

පෙම් බැන්ද මල් සමයෙ  සැනසෙන්න මට කොයිද හසරැල්,,,
ලසොවින්ම නෙතු තෙමන කඳුලකට අත වැනුවෙ ඔබමයි,,,
කඳුලකට අත වැනුවෙ ඔබමයි,,,

මුතු පිනිති දඟකරන තණ පතක සුව නොලද කටොලින්,,,
නිදි විඳින පින අහිමි අපි අතරෙ දුක කඳුල සරදම්...
අපි අතර දුක කඳුල සරදම්....