කසුප් නිරිඳුන් කළේ සිත්තම්,,,
ගලේ මතුපිට රූ ළඳුන්,,,
නෙලූ මල් ගෙන ලියෝ පන්සල් ගියේ රජුනට පින්දෙමින්,,,
ලොවේ සියොනෙත් වසඟ කරවන තිසරු පිරිපුන් ඒ ලඳුන්,,,
අදත් කියනව ඔබේ ගුන තෙද සඟවලා පියෙකුගෙ රිදුම්,,,
අහස් මැදුරේ සිට එදා,,,
කලා වැව ඉම දෙස බලා,,,
හෙලූ සුසුමන් පියා වෙනුවෙන්,,,
අදත් පවනේ හැඬවෙනා,,,
සිoහගිරියේ ඔබ එදා,,,
ගලේ සුමුදුම තැන් සොයා,,,
කළා වාගෙයි ළඳුන් සමගින්,,,
ලොවක් දිනු සිතුවම් නුරා,,,
සෙනේ සුවඳ අරන් එන්න කුමරෝ
සිනා සේල පලන්දන්න,,,
පැතුම් පඬුරු වඩම්මන්න,,,
ඔබ එනවද ආදර මගෙ කුමරෝ,,,
පියා සළන කිරිල්ලියට ,,,
විළඳ නොවේ සෙනේ දෙන්න,,,
වස්සානය එය මගෙ ජීවිතයේ,,,
නුවර වැවට පවන් සළන සුළඟේ,,,
හන්තානේ සෙනේ සුවඳ මුසුවී,,,
නිතර වසින පොද වැස්සේ,,,
ආදර මල් පූදිනවා නිබඳේ,,,
නමුණු කුළට පායන සඳ පින්නේ,,,
පිපී වැනෙන සීතල මල් ගොමුවේ,,
ඔබ එනකම් බලන් ඉන්නේ,,,
සෙනේ සුවඳ අරන් එන්න කුමරෝ...
සමාව අයදියි සමුගෙන යන්නට,,,
සිනාව ගෙනදී ජීවිත යහනට...
සක්මන් කළදා මා අත් බැඳගෙන...
සෙනේ විල් දියේ තෙමි තෙමි මගෙ වූ...
ඔබම අද ඇවිත් සමුගෙන යන්නට...
මගෙන් දුරස්වී වෙනතක යන්නට...
සෙනෙහස ගෙනදී මා සැනසූ ඔබ...
කඳුළින් බොඳ කර මා නෙතු ඉම සිට...
සමාව අයදියි සමුගෙන යන්නට...
හදවත කෙලෙසින් ඉවසන්නේ...
එනමුදු ඔබේ ලොව දුකක් නොවේවා කඳුළින්...
කඳුළක දියවෙන මතකය අතරේ...
නුඹ මා බදාන සෙනෙහස මුමුණා...
ලොවට බියෙන් සමුගන්නා මොහොතේ...
තුන් සිත ඉකිබිඳ හඩයි සොවින්...
එනමුදු ලොව දුකක් නොවේවා කඳුළින්...
යා යුතුම හින්දා,,,
නොසිඳෙනා කඳුළක්,,,,දෙනුවනේ රඳවා තියන්,,,,
ගිලිහෙනා පැතුමක් ,,,සුසුමකින් සඟාවා තියන්,,,
අරමුණක් සරණක් සොයා නොව,,, යා යුතුම හින්දා,,,
මිදී යන්නෙමි ඔබේ සෙනෙහෙන් මේ ලෙසින්,,,
සසර දිගු දුර වන්දනාවේ ඔබත් උන්නා මා ලඟින්,,,
මාත් නොවෙනස් සිතින් ලන්වී ඔබෙන් වින්දා පෙම් සුසුම්,,,
ඒත් හිමිකම් නැති සෙනේ අද රැඳී ඉන්නද කොයි ලෙසින් ලන්වී,,,
කොයි ලෙසින් ලන්වී,,,
ගඟන තරු මිණි වන්දනාවේ සඳක් සෙව්වා ජීවිතෙන්,,,
අතර සඳ මිණ මගේ නොව බැව් දැනී හැඬුනා මා නෙතින්,,,
අතැර යන්නට සිතක් නැතිමුත් දුකින් යන්නේ මේ ලෙසින් වෙන්වී,,,
මේ ලෙසින් වෙන්වී,,,
මහගිරි දඹ නැග පැතුමක් පැතුවා
සඳ ළියේ තනිවුනු යහනෙ මා හැඬූ දිනේ,,,
සඳ ළියේ තනිවුනු යහනෙ මා හැඬූ දිනේ,,,
නුඹ තැනූ ඉමිහිරි සිහින බොඳ වුනා මෙසේ,,,
ගඟ දියේ ඔරුවේ තැනූ පෙම් විමානයේ,,,
රුවල ගිළිහී ගියා වාගේ මගේ ලොවේ,,,
ඔරුවේ ඈත පාවී,,රැඳුනේ මා නෙතු යාවී,,,
කඳුළේ සේදි සේදී රහසින් දෑසේ වෑහේ,,,
නැගුනා සෙනෙහේ බොළඳී ආල නියා,,,
බිඳුනා ගඟුළේ දිය වැල් පාලුම රෑ,,,
මැදුරේ පාලු යාමේ,,,සෙව්වේ මාවම දේවී,,,
හදෙහී යාවු ප්‍රේමේ ඔබගෙයි ආදර දේවී,,,
සෙනෙහේ බින්දේ කවුරුද දෑස වසා,,,
සැලුනා මෙලෙසින් කඳුළින් සුසුම් දොවා,,,
Subscribe to:
Posts (Atom)