සඳේ රන් සිනා මගෙ පුතුට ඇවිල්ලා,,,

|

සඳේ රන් සිනා මගෙ පුතුට ඇවිල්ලා,,,
පුතේ නුබෙ සිනා සුදු සඳට ඇවිල්ලා...
මගේ පුතුනගේ කිරි සුවඳ දැනීලා,,,
පුතේ අම්මගේ ලේ කිරට හැරෙන්නා,,,

පිනෙන් මා ලැබූ පුතු කුසට ඇවිල්ලා,,,
දිනෙන් දින ගෙවා මල් කුසුම පිපෙන්නා,,,
නුබේ තාත්තා මගෙ පුතුව බලාලා,,,
සතුටු සිනා ගෙන කඳුලු සලන්නා,,,

සුරoගනාවන් මහ රෑට ඇවිල්ලා,,,
පුතු හිස අතගා රස රහස් කියාලා,,,
කිරි දතකින් මුතු සිනා පුරාලා,,,
හිනැහෙන පුතු මට මැණික සමානා,,,

2 comments:

Anonymous said...

mee nirmanaya dakkama mata mage putha mathak una.mamath eyawa haduwe godak adaren.ada mama eyawa balanna awe ammage upandinee dawase eyage thaththa ammata denna kiyala putha laga monawada hari thiyala thiyenawada kiyala balannai.eth puthage thaththa aluthin kudammek genath nisada danne na putha ekka kiyala naththe ada ammage upandinee kiyala.
-amma-

ruwan kumara maddage said...

eth puthaa dannawa me lassana nirmanaya puthalagata kalekin wunath deela mathak kale ammage upandine waga...