පෙම් රැජිණිය වී ඔබ,,,මට දෙන සුව ආලේ,,,

|

මා හා ඔබ පෙම්බැන්දේ,,,සසරේ බෝ දුර කාලේ,,,
ඒ සෙනෙහස ලැබුනේ,,,බෝ දුක් විඳිකාලේ,,,
දෝතින් පිළිගැන්වූ,,,ඔබේ සොඳුරු ආලේ,,,
රැකගන්නම් සත්තයි,,,,මාගේ පණ වාගේ,,,

කඳුළැලි ගo ඉවුරේ,,,නෙත් තෙමුනා මාගේ,,,
මීදුම් සළු අතරින්,,,ඔබ වැඩියා රහසේ,,,
මල්මිණි හැoගි කොහේ,,,උන්නද පෙර කාළේ,,,
දිමුතු දසන් අතරේ,,,සැනසුනි සිත මාගේ,,,

සඳ සමනොළ කන්දේ,,,වෙළෙනා රෑ යාමේ,,,
ඒ සඳ රැස් අතරේ,,,මැවෙනා රූ ඔබගේ,,,
දෙනෙතින් ඉඟි බිඟි පා සිහිනෙන් ළඟ මාගේ,,,
පෙම් රැජිණිය වී ඔබ,,,මට දෙන සුව ආලේ...

0 comments: