
දුහුල් සලුව උනනා යුවතිය,,,
නිල්මිණි දෑසින් නුරා මවා,,,
සළෙලු පිරිමින්ගෙ පහස නිවන ඇය ,,,
සෙනෙහස නොව මුදල් පතා,,,
එකම සිතින් සිය හිමිව පුදා,,,
සෙනෙහස දෙන පතිනියට හොරා,,,
මත් සිතඟින් පුර අඟනු සොයා යන,,,
මිනිසා සොයනා සතුට කිමා,,,
තුරුණු දිවිය ඇය සින්න කළා ,,,
සලෙලුන් ඈ ගත කිළිටි කලා,,,
හිස් බදුනක් යට සිදුරුවෙලා එහි,,,
පුරනා සැනසුම තියෙද රඳා,,,
4 comments:
අදහස ලස්සනට ගලපලා තියේ.. තව තවත් ලියන්න හැකියාව ලැබෙන්න ඕනා.. :)
:) :) :)
hugak sthuthi hamadaamath apiwa balanna ena pabalu wagema kanishkata..
hama wachanekama hoda arthyak vatina kamak thiyenava...loketa panividayak thiyenava....digu gamanakata shakthiya labeva!
Post a Comment