හෙණ හඬ අතරින් හදවත ඉදිරියෙ මගුල් සිලෝ

|


නෙත් තරු සීතල මන්දාරම් කලුවර ඇවිදින්,,,
වැස්සක සළකුණු මා සිත් ගගණත අකුණු සරින්,,,
හෙණ හඬ අතරින් හදවත ඉදිරියෙ මගුල් සිලෝ,,,
ඉවසනු කෙළෙසද පිටගම් යන මගෙ කුමරි ඉතින්,,,

කුoකුම අoජන ගැල්වූ දෙනෙතේ,,නුරා හැඟුම්,,,
විදිනා අතරේ නුබෙ අත වෙනතක බැඳී ගොසින්,,,
ආසිරි ගී මැද පෝරුව දෙදරණ සිළෝ හඬින්,,,
නුබ හිස ඔසවා බැලු හැටි මා දෙස කඳුලු නෙතින්,,,

රන්දුනු මාලා පලඳන විට ඔහු සෙනේහයෙන්,,,
මළබෙර වැයුනා පෙම්සිත අහිමිවු වියෝගයෙන්,,,
පෙම්කළ දෙනුවන් පෙරමග හමුවී හෙලූ සරින්,,,
නැoවේන කඳුළැල් පිණිමල් වේවා නුබේ නමින්,,,

2 comments:

Anonymous said...

harima lassanai malli...kohoma kiyannada kawi pedi vala apuruva....digu gamanakata mulu hada pathlenma suba pathum!

Anonymous said...

harima lassanai malli...kohoma kiyannada pedi pelaval vala apuruva...digu gamanakata suba pathum mulu hada pathlenm!