අම්මා ගෙනැත් දෙන්න කියලා හඬන හඬන ගානේ

|

අම්මා ඕන කියලා හඬන රත්තරන් පැටිච්චී,,,
අම්මා මූද අරන්ගියපු අයුරු ගැන කියද්දී,,,
හාන්කවිසියක් ඒ ගැන නොදන්නා මුවැත්තී,,,
බලන් ඉන්නවා තාමත් හඬන සිතින් පිච්චී,,,

උදම්වෙලා මූද එදා ආවෙ රකුසු වේසෙන්,,,
අම්මා දූව නලව නලව උන්නෙ මගේ ගාවින්,,,
අහින්සකී කෑ තියලා හැඬුවෙ ඒ නිමෙශෙන්,,,
අතහැරුනා අම්මා දුවේ නුබ රැකගත් මොහොතින්,,,

අම්මා ගෙනැත් දෙන්න කියලා හඬන හඬන ගානේ,,,
සිතින් මැරෙනවා යළියළි අම්මා එන්නෙනෑනේ,,,
ඇගේ රුවින් අඩුවක් නැති දූගෙ රන් සිනාවේ,,,
මොහොතක් වේනම් ඒ මo ඇයව දකින හීනේ,,

2 comments:

දිල් said...

හරිම ගැඟීම්බර පද ටිකක්....ලස්සනයි