පිච්චි පිච්චි ගිනි ගහද්දි නච්චිකුඩා සටනේ,,,
නිච්චි නැතිව මන් උන්නා වෙඩි වැදිච්ච අතරේ,,,
හිච්චි නගේ නුඹ නිතරම මතකෙට ආ එවෙලේ,,,
අච්චු වැදුනි නුඹ දැන් නෑ මන් දිරච්චි යහනේ,,,
වරිච්චි මේ බිත්ති අතර තිබිච සතුටේ,,,
හැලිච්චි උණු කඳුලු ගොඩක් තැලිච්චි මහදේ,,,
විලච්චියෙන් දීග කන්න හිතිච්චි දවසේ,,,
මැරිච්චි මගෙ ජීවිතයෙන් පලච්චි මැණිකේ,,,
පිරිච්චි මේ පැතුම් කුසුම් මැරිච්චි යාමේ,,,
දැනිච්ච දුක් රිදුම් වලින් පැලිච්ච මහදේ,,,
ඉරිච්චි සලු අතර දියව වැටිච්ච කඳුලේ,,,
ගෙවිච්චි මුලු ජීවිතයම ගිලිච්චි අරුමේ,,,
පිරිච්චි මේ පැතුම් කුසුම් මැරිච්චි යාමේ,,,
Friday, May 25, 2012
at
6:16 AM
|
Posted by
ruwan kumara maddage
Subscribe to:
Post Comments (Atom)
4 comments:
අපූරු වචන සංකලනයක්... අරුත්බර නිසාම විශිෂ්ටයි
අපූරු වචන සංකලනයක්... අරුත්බර නිසාම විශිෂ්ටයි
ජීවිතේ හැටි. ජය...!
ජීවිතේ හැටි. ජය...!
Post a Comment