ලොවේ තිමිර පට නසා දමන්නට උදා දිනිදු ලොව අඳුර ඉරූ,,,
සිතට නිරාමිස සුවය ගෙනෙන්නට ලොව්තුරු බුදු නෙත ලොවට හෙලූ,,,
වැව් දිය රැළි මත රටා මැවෙන පිපි නෙලුමක් සඳ දිය සුවය විඳී,,,
නෙලා ගොසින් සිරි පතුල් මතට දී බුදුන් වඳිමු අද දිනේ අපි ,,,
තන්හා අශා රතී රඟාලා නාටක දැක්වූ අතර තුරේ,,,
කෙලිසුන් නසලා අශා හැරදා බුදුවුනු අප බුදු මහිම සඳේ,,,
ගුණ ගැන මතුරා මෙත් සිත් පතුරා කරුණා ගුන දම් ඇතිව සිතේ,,,
තෙමගුල සිහිකර බුදුහිමි නමදිමු,,,ලොවටම සාමය පතා සිතේ,,,
නෙලුමක් දැක්කත් සිදුහත් උපතෙහි අසිරිය සිහිවෙන වෙසක් දිනේ,,,,
නෑවෙන සඳරැස් අතුරින් පිය නැග පනසල් බුදුගෙයි යොමා නෙතේ,,,,
අප මහ මුනිදුන් පිරිනිවනට ගිය දිනයත් සිහිකර ගැහෙන සිතේ,,,
සම්මා සම්බුදු සරණ පතනු මැන එතෙර කරන්නට සසර මගේ,,,
තෙමගුල සිහිකර බුදුහිමි නමදිමු,,,ලොවටම සාමය පතා සිතේ,,,
Friday, May 4, 2012
at
2:24 AM
|
Posted by
ruwan kumara maddage
Subscribe to:
Post Comments (Atom)
1 comments:
සුබ වෙසක් මංගල්ලයක් වේවා !!!
Post a Comment