ලේ කිරට හැරුනු දා,,,

|
නෙත් මල් අතුරින් මෙත් මල් පිපුනා,,,
මව් පිය සෙනෙහේ ගුණ සිහිවී,,,
සක්මන් සඳ යට සිත් මල් පිපුනා,,,
ඒ මව් පියනගෙ සිල් සුවඳේ,,,

මා බිහිකරන්න ,,,කඳුලු දුක් ගොඩක්,,,
අම්මේ ඔබ උහුලන්න ඇතී,,,
මුලු සoසාරෙම ,,,ඒ සුව ඇකයම ,,,
මා වෙනුවෙන් වෙන්වන්න ඇතී,,,

ගිහිපිරිතක්වන් පියෙකුගෙ සෙනෙහස,,,
මව් ඇකයේ රැඳවෙන්න ඇතී,,,
ඒ මවුනගෙ ලේ කිරට හැරුනු දා,,,
මා මෙලොවට බිහිවන්න ඇතී,,,

2 comments:

Unknown said...

ලස්සනයි...

Unknown said...

ලස්සනයි...