සෙනෙහෙන් පිරි නුවන් අතර නුඹයි හිනැහුනේ,,,
උණුසුම්පිරි මගේ ලැමැදෙ ඔබයි සැතපුනේ,,,
අප පෙම් කව පුරා කඳුලු මෙලෙස විසිරුනේ,,,
සඳ යන්නද පුර අහසින් කලුව වැපිරුවේ,,,
නිල් තණ මත රැඳි පිණි දිය ඔබේ පා දොවා,,,
හසමල් පිරි ලැම නිම්නය පුරා වැතිරුනා,,,
විඳගන්නට දුන්නු මතක විඳවන්න තියා,,,
ඔබ යන්නද මගෙ ලෝකය කලුවරේ තියා,,,
සුව සිහිනෙක සුවඳ පිරිනු මල් උයන් සොයා,,,
පිපි කුසුමෙහි සුව රොන් සුණු මටම නතුවුනා,,,
බැඳි පින්සර සසර කතර කඳුලින්ම තෙමා,,,
දුක දන් දී දුර යන්නද ලොව එරෙහි නිසා,,,
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment