නුඹ නොදනී සිත් අහසින් වැටුනු කඳුලු කැට,,,

|

බෝගම්බර නුවර වැවේ දිය කපනා විට,,,
නුවර අහස හැඩුවා දින ගණනක් දුකටම,,,
මා පෙම් කළ නුඹ මාගෙම සිත කපනා විට,,,
නුඹ නොදනී සිත් අහසින් වැටුනු කඳුලු කැට,,,

සින්න වුනා ලියැවිල්ලෙන් බිරිඳක් විළසට,,,
ඉන්න වෙලා නෑ ලoවී සැනසීමෙන් මට,,,
භාර පඬුරු ගැට ගහුවත් සැමදා දෙවොලට,,,
දේවතාවි යන්න හදයි මාගෙන් පිටටම,,,

කල්ප ගණන් පෙම් කළමුත් මුවින් ලoව හිඳ,,,
වින්ද වේදනාව සැරයි ගිනිගත් කුළගෙය,,,
තෙතමනයක් නැති හිතකට පෙම්කළ වරදට,,,
දෙවියන්වත් ඇහැ ඇරලා බැලුවේ නෑ මට,,,

1 comments:

සෝරෝ said...

ලස්සනයි...!!