උපන්බිමෙන් අපි ඈතක උන්නත්,,,,,,

|

ඉතිරූ ලේ ගoගා නිමවී,,,වසන්තයක් යලී ගෙනදී,,,
සතුරන් ඉදිරියෙ නොසැලුනු රන්වැට,,,
රණවිරුවන් ලoකාවේ,,,
උපන්බිමෙන් අපි ඈතක උන්නත්,,,
සිත නිදහස් හැම මොහොතේ,,,
ඉගිලී යන සිතඟින් සිපගන්නේ,,,
මව්බිම ශ්‍රී ලoකාවේ,,,

කෙත් වතු වැව් බිම් අතුරින් හමනා,,,
පවන් රොදක සුව සිසිළක්,,,
ලක් දෙරණෙන් පිට වෙනත් දේශයක,,,
තියේද විඳින්න මොහොතක්,,,
සමණළ සිරිපා තුමුණ නමුණුකුළ,,,
කඳු අතුරින් දිය දෝතක්,,,
සිසිළ විඳින්නට තියේද කොතැනක,,,
ලක් දෙරණෙන් පිට කාටත්,,,

මහසෙන් පැරකුම් ගැමුණු විජයභා,,,
වැනි නිරිඳුන්ගේ තේජස්,,,
අදත් රකිනවා සපුමල් කුමරුන්,,,
යාපා පටුනම ජයගත්,,,
දුරක ඉදන් අද අපිත් නගනවා,,,
රට වෙනුවෙන් ජය ගීයක්,,,
සව්සිරි සපිරුනු අප ලක්මවුනේ,,,
ඔබ වැජඹේ ලොව කොතැනත්,,,

3 comments:

ඉලංදාරියා said...

මෙකෙන් සිංදුවක් හදන්න පුලුවන්නම් මරු ..

වෙනදා වගෙම ලසනයි...

Amila Chathuranga said...

උපන් බිමට කෙල ගහන්න එපා...
ඒත් එතකොට අපි කොහාටද කෙල ගහන්නෙ......

ruwan kumara maddage said...

thanks oyalata...meka italiye band ekak..sinduwakata illuwe..balamu eyala kamathi..idiriye balamu...hugak sthuthi...