මට එළියයි සැමදාමත් නුබේ සොඳුරු ඇසුර,,,

|

විකසිත පෙති දඟලනකොට රෑ කඩුපුල් මලෙක,,,
නිදිනැති සිත දඟලනවා නුබ එනතුරු සිතට,,,
හීන අරන් නුබ ඇවිදින් සැතපෙනවිට ළැමට,,
ඒ හීනෙන් සැතපෙනවා මගේ සොඳුරු පැතුම,,,

නුබට බැඳුනු මේ පෙම් සිත දඟලනකොට රෑට,,,
දුවන් එන්න හිතෙනවා මට සත්තයි නුබ ළඟට,,,
හීන හතක් එලිවීලා අපේම වෙන දාක,,,
ඉසුරුමුනියෙ පෙම්යුවලත් දෙවෙනියි අපේ පෙමට,,,

සීගිරි ළඳ නිදනවා වගේ නුබත් නිදන විටෙක,,,
හීනවලින් මo අවිදින් පෙරවෙනවා නුබට,,,
කඩුපුල් මල් සුවඳ හමන දේවතාවි විළස,,,
මට එළියයි සැමදාමත් නුබේ සොඳුරු ඇසුර,,,

1 comments:

මෝඩයා said...

සිහින......ලස්සනයි වදන් පෙළ......