කවුද පෙම්කළෙ මටත් වැඩියෙන්

|

එක වතාවක් ඇවිදින් යන්න මට කතාකරලා,,,
එක වතාවක් ඇවිදින් යන්න මට ළඟින් ඉඳලා,,,
එක වතාවක් ඉඩ දෙන්න මට සිපගන්න මගෙ කියලා,,,
එයත් ඇති හිත හදාගන්න ඔබ යන්න හැරිලා,,,

පොත් වලත් නම් ලියවුනේ
තැන් තැන් වලම පෙම් කරලා,,,
ආදරේ කළෙ නැතිම ගානට,,,
ගියේ පිටු පාලා,,,

කවුද පෙම්කළෙ මටත් වැඩියෙන්,,,
මගේ නෙත් වසලා,,,
හිතේ තරහක් නෑ ඉන්න,,,
ඔබ සුවෙන් දිවිගෙවලා,,,

3 comments:

මෝඩයා said...

දුක්බර සුබ පැතුමක්ද?....කලකිරීමද?...

ජංජාල චාමර said...

ආත්මයක් ආදරේ කලත්,
සිත ගියොත් මොහොතකට,
නැවතුණොත් හිත එතන,
යනවමයි කොයි කාත්,
ආයෙමත් නො එන්නම....

ruwan kumara maddage said...

කොහොමද හිතෙන්නෙ,,,කලකිරීමක් නෙවේ...දුක්බර සුබ පත්මක්...ඔව් ඔයලා කියන කතා ඇත්ත...