සඳ පායනවිට තරුමල් නිදනා සේ නෙතු පියද්දි

|

ගිම්හානේ නිවාලන්න හාදු අරන් ළඟට එද්දි,,,
සුවඳ විඳින තත්පරේක ඔබේ ලැමට තුරුලු වෙද්දි,,,
සඳ පායනවිට තරුමල් නිදනා සේ නෙතු පියද්දි,,,
මහාමෙරක් සේ උන් මම සත්තයි සැනසුනි ළමිස්සි,,,

ප්‍රථම පෙමට හැම තැනින්ම බාදක වැඩිවුනි නිතරම,,,
නිතර දුක්ම වින්දෙනැතත් ලතවුල් ලොකුවට විඳලම,,,
මටම ලඟින් හිනැහි හිනැහි සෙවනැල්ලක් වූ විලසම,,,
ඉන්න ප්‍රතමප්‍රේමිය මගෙ එකම ප්‍රේමයයි සදහට,,,

ළඟින් හිඳන් පිරිමැදි හිත තාමත් සුවදයි එකලෙස,,,
සදා සින්න කරගන්නයි පෙරුම් පුරන හැම බවයක,,,
මටම දුන්නු සෙනෙහස සඳ මැනිකක් විළසින් රැකගෙන,,,
ප්‍රතම ප්‍රේමියේ නුබවම පතනව මා මියෙනතුරුම,,,

2 comments:

Shadow/හේමලයා said...

සුන්දර කවි පෙළක්......:)

ඉලංදාරියා said...

වෙනදාවගෙම හරිම ලස්සන පද පෙලක්