උපන් බිමේ මිය ගියත් මෙසේ

Tuesday, July 27, 2010 | | 0 comments »

කිලිනොච්චිය මහ සටන් බිමේ,,,
සටන නිමානැතිවුනත් දිනේ,,,
ලයට වැදුනු වෙඩි වලට වැඩී,,,
සතුරන් හමුවේ යෙදූ බලේ,,,

ලය සිදුරුව ලේ ගියත් මෙසේ,,,
සිතට දුකක් නෑ රටනෙ අපේ,,,
සුලු මොහොතයි තව ඉතිරිව ඇත්තේ,,,
රණ ජය සිකුරුයි ලක් දෙරණේ,,,

උපන් බිමේ මිය ගියත් මෙසේ,,
දූට කියන්නට එපා අපේ,,,
බිරිඳ සිහිවුනත් මියෙන වෙලේ,,,
මෙයයි යුද බිමක නිතර වුනේ,,,

මට එළියයි සැමදාමත් නුබේ සොඳුරු ඇසුර,,,

Friday, July 23, 2010 | | 1 comments

විකසිත පෙති දඟලනකොට රෑ කඩුපුල් මලෙක,,,
නිදිනැති සිත දඟලනවා නුබ එනතුරු සිතට,,,
හීන අරන් නුබ ඇවිදින් සැතපෙනවිට ළැමට,,
ඒ හීනෙන් සැතපෙනවා මගේ සොඳුරු පැතුම,,,

නුබට බැඳුනු මේ පෙම් සිත දඟලනකොට රෑට,,,
දුවන් එන්න හිතෙනවා මට සත්තයි නුබ ළඟට,,,
හීන හතක් එලිවීලා අපේම වෙන දාක,,,
ඉසුරුමුනියෙ පෙම්යුවලත් දෙවෙනියි අපේ පෙමට,,,

සීගිරි ළඳ නිදනවා වගේ නුබත් නිදන විටෙක,,,
හීනවලින් මo අවිදින් පෙරවෙනවා නුබට,,,
කඩුපුල් මල් සුවඳ හමන දේවතාවි විළස,,,
මට එළියයි සැමදාමත් නුබේ සොඳුරු ඇසුර,,,

කවුද පෙම්කළෙ මටත් වැඩියෙන්

Saturday, July 17, 2010 | | 3 comments »

එක වතාවක් ඇවිදින් යන්න මට කතාකරලා,,,
එක වතාවක් ඇවිදින් යන්න මට ළඟින් ඉඳලා,,,
එක වතාවක් ඉඩ දෙන්න මට සිපගන්න මගෙ කියලා,,,
එයත් ඇති හිත හදාගන්න ඔබ යන්න හැරිලා,,,

පොත් වලත් නම් ලියවුනේ
තැන් තැන් වලම පෙම් කරලා,,,
ආදරේ කළෙ නැතිම ගානට,,,
ගියේ පිටු පාලා,,,

කවුද පෙම්කළෙ මටත් වැඩියෙන්,,,
මගේ නෙත් වසලා,,,
හිතේ තරහක් නෑ ඉන්න,,,
ඔබ සුවෙන් දිවිගෙවලා,,,

දුහුල් සේල යන්තම් පැටලුනත් ගතේ,,,

Wednesday, July 14, 2010 | | 4 comments »

නිරූපණය කරනා ඔබෙ මෝස්තරේ,,,
කෝමළ රේඛා සියොළඟ රටා මැවේ,,,
දුහුල් සේල යන්තම් පැටලුනත් ගතේ,,,
ගත පමණක් නොව නිරුවත් සිතත් ඔබේ,,,

අම්මා නුබව හදන්න ඇති ආදරයෙන් ,,,
තාත්තා නුබ රකින්න ඇති ජීවිතයෙන්,,,
ළමිස්සියක් වූ පසු අද මේ විළසින්,,,
කතා අහන්නේ ඇයි මුදලට නැවෙමින්,,,

අහින්සකයි මල් වැනි යුවතියෝ බොහොම,,,
පහන් සිතයි සැනසුවේ හැම මිනිසාව,,,
අම්මා කෙනෙක් වෙන දවසක ළැමෙ හීන,,,
සාප දේවි මුදළට ලිහිනොත් සේල,,,

සඳ පායනවිට තරුමල් නිදනා සේ නෙතු පියද්දි

Friday, July 9, 2010 | | 2 comments »

ගිම්හානේ නිවාලන්න හාදු අරන් ළඟට එද්දි,,,
සුවඳ විඳින තත්පරේක ඔබේ ලැමට තුරුලු වෙද්දි,,,
සඳ පායනවිට තරුමල් නිදනා සේ නෙතු පියද්දි,,,
මහාමෙරක් සේ උන් මම සත්තයි සැනසුනි ළමිස්සි,,,

ප්‍රථම පෙමට හැම තැනින්ම බාදක වැඩිවුනි නිතරම,,,
නිතර දුක්ම වින්දෙනැතත් ලතවුල් ලොකුවට විඳලම,,,
මටම ලඟින් හිනැහි හිනැහි සෙවනැල්ලක් වූ විලසම,,,
ඉන්න ප්‍රතමප්‍රේමිය මගෙ එකම ප්‍රේමයයි සදහට,,,

ළඟින් හිඳන් පිරිමැදි හිත තාමත් සුවදයි එකලෙස,,,
සදා සින්න කරගන්නයි පෙරුම් පුරන හැම බවයක,,,
මටම දුන්නු සෙනෙහස සඳ මැනිකක් විළසින් රැකගෙන,,,
ප්‍රතම ප්‍රේමියේ නුබවම පතනව මා මියෙනතුරුම,,,

සිය දහස් වර නුබව ඉල්ලා හඬගාන

Tuesday, July 6, 2010 | | 5 comments »

ආදරය යන සොඳුරු හැඟීම අබියසම,,,
මටත් රහසේ මoමුලාවුනු මගේ සිත,,,
සිය දහස් වර නුබව ඉල්ලා හඬගාන ,,,
කාටවත් වැඩියෙන්ම දන්නේ නුබේ සිත,,,

පෙම්කරන තුරු ලොවම ගැරහුවෙ අපටමය,,,
පෙම අහිමිවන තුරුම හිනැහුනේ මට,,,
නුඹත් හැරගියෙ නොසිතු මොහොතකයි මඟ,,,
කවුද ඉන්නේ දැන් ඉතින් මේ මගේ ළඟ,,,

බකිනි මල මගෙ ළඟින් ඉඳ හිනැහුනේ ඔබ,,,
විස බමරෙකුට නතුවුනා රහසේම ඔබ,,,
දුක් ගොඩක් කඳුලින්ම සේදුනෙ සිතේ අග,,,
ලොවේ අවමන් ගෙනත් දි පෙම අහිමි වින,,,