නොමියෙන ගුණ කඳ...අම්මා

|
නෙලුම් විලක සුව සුමුදු  ඇකයෙ දී ,,,
මලක් ලෙසින් ගෙන නිම්මා...
ලෙයින් ඉණූ කිරි සෙනෙන්  දරුවෝ තැනු,,,
 නොමියෙන ගුණ කඳ  අම්මා,,,

අමාවකට පසු අහසක්,,, දුකින් ඉන්න හැම වාරේ,,,
පුරා සදක් සේ පායා ,,,එළිය කළා මුළු ලෝකේ ,,,
නිමා නොවන ඒ ගුණ කඳ,,,
වෙනස් නොවෙන අම්මා,,,ගෙදර බුදුන් අම්මා,,,

දරාගන්න බැරි කාලේ,,,පාලු මකා හිත මානේ ,,,
කදුළු බිබී ළඟ ඉන්නා එකම හදකි තුන් ලෝකේ,,,
දෙපා වඳිමි හද බැතියෙන,,,
සුවඳ ඔබයි අම්මා,,,ගෙදර බුදුන් අම්මා,,,


3 comments:

SilentSahan said...

ගොඩක් ලස්සන හැඟුම් බර නිර්මාණයක් මිත්‍රයා ..
ලස්සනයි..දිගටම ලියන්න ...

meegodaya said...

කොහෙන් පටන්ගෙන කොහෙන් ඉවර කරන්නද..... මේ ආදරයට කොහොම අරුත් උපමා හොයන්නද... අම්මගේ ආදරේ අම්මගේ ආදරේ වගේමයි

ලස්සනයි කවි පන්තිය

ruwan kumara maddage said...

hugak sthuthi oyalage diri wadan walata