මා පෙම් කළා පිරි නිල්දියේ තඹරුන් සොයා,,,

|
සුදු හාමිනේ නුඹ සැතපුනා පපු තලාවේ,,,
දුක යාවුනා මට ආදරේ නැති වෙලාවේ,,,
නෙතු සේදිලා පිරි කඳුලු ගිළිහෙන වෙලාවේ,,,
හද පෑරුනා කටු විසට මල් නැති අවාරේ,,,


නෙතු දිහා බැලුවත් සිනා මල් සඟවලා,,,
දුක නෙවෙයි ඔය පෙරෙන්නේ තරහක සෙයා,,,
මහ රැයේ වුව නොනිදනා සිතුවිළි පුරා,,,
ඉකි බිඳියි සිත විඳිමි තනිකම් රෑ දිවා,,,

සිත් යාවෙලා ආ දුර පුරා කිඳුරoගනා,,,
මා පෙම් කළා පිරි නිල්දියේ තඹරුන් සොයා,,,
සඳ බැස නොයාමුත් කලුතලා තවරා තියා,,,
ඇයි හැඩිකළේ සිත් අහස් ඉම වැහි ඉහිරිලා,,,,

0 comments: