ඔබ දමා යන්න මට සිදුවුනා,,,

|
ඔබ දමා යන්න මට සිදුවුනා,,,සමාකරන් සුදු මැණිකේ,,,
ආදරේ ගොඩක් මම දිය කළා,,,මුතු කඳුලුවලින් ඔබෙ දෙනෙතේ,,,
කාලයක් ගියත් මට සිහිවුනා,,,ඔබ වින්ද වේදනා රහසේ,,,
ආ දුරක් නිසා මා තනි වුනා,,,ඔබ වගේ කෙනෙක් නැති ලෝකේ,,,

නෙක නෙක විසිතුරු  මුකුලිත කුසුමන්
කොතෙකුත් පිපුනා නෙතු මානේ,,,
එනමුදු නුඹෙ මුදු සියුමැළිකම් නෑ,,,
ඒ නෙක මල්වල කටු රැඳුනේ,,,

පොත් පිටු අතරේ සඟවන් පිදුවා,,,
මතකයි ඔබෙ කුලුඳුල් ප්‍රේමේ,,,
සිතුවම් මලුවේ සටහන් ඉතිරියි,,,
අතහැරුනත් සුවඳයි සිහිනේ,,,

3 comments:

රතීගේ දිනපොත said...

ඒ කියන්නේ සුදු මැණිකව දාල යන්න වෙච්ච වැරද්ද කොල්ලගේ අතේ. අයියෝ ඇයි එහෙනම් ඒ වගේ දෙයක් වෙලත් දුක් වෙන්නේ. දාලා නොගිය නම් ඉවරයිනෙ.ලස්සන පබැඳුමක්.

වැසි දැරිය - The Rain Girl said...


මේ පින්තූරේ දැක්කම මට ගැහැණු ළමයි නවකතාව මතක් වුණා.

කවිය ලස්සනයි.අවසන් ටික ‍හුගක් ලස්සනයි.

ජය වේවා!

ruwan kumara maddage said...

hugak sthuthi oyala hamogema adhahas walata..