හැඩකරයි සිරියාවයි රන් මල් කැකුළි‍යා,,,

| | 2 comments »
වන වදුලේ රතු කැකුළී මල්වරවී කියා,,,
රැහේ එවුන් මට කිව්වා සoවර වෙනු කියා,,,
බැඳි ආලේ ගැට කාලේ ඈ හැඳිනූ නියා,,,
සඳ පානේ මනලෝලේ ඉඟි බිඟිකම් කළා,,,
තෙතිඳිණණේ තෙතෙදිණන,,තෙතෙඳිණණේ,,,
තෙතිඳිණණේ තෙතෙදිණන,,තෙතෙඳිණණේ,,,

ලබු කොතලෙන් දිය නාගෙන ඈ යන එනු බලා,,,
උන් කාලේ සන්තානෙම සoවරකම් ගියා,,,
මහ හූරෝ ඈ පස්සෙන් වැදි කැකුළි‍යො එවා,,,
තනිපoන්ගලමේ මුරුච්චි වෙන ඉඩ ඇහිරුවා,,,

ඇඳි සේලේ රැඳි මාලේ,,නිල් මල් අමුණලා,,,
හැඩකරයි සිරියාවයි රන් මල් කැකුළි‍යා,,,
මල් මාලා පැළඳවාන කැන්දන් එනුබලා,,,
මo එන්නම් මහ හූරගෙ බහ විමසනු නියා,,,

දෙනෙත් මත ඉනූ කඳුලක්

| | 1 comments
දෙනෙත් මත ඉනූ කඳුලක්,,,කොපුල් මත තෙමා,,,
සුරත් මත ගලා හැලුනේ ,,,ඔබෙ නමින් හඬා,,,
තලත් හද මගේ එතරම්,,,දුක් ගොඩක් ගෙනා,,,
ඔබෙන් තොර ලොවක් නොපෙනෙයි,,,ලඟ නැතත් මෙදා,,,

උයන් තුරු යටින් ලoවී,,,ගිය ගමන් එදා,,,
පෙමින් බැඳි සුරත් ලනoවී,,,උන් මතක සොයා,,,
ගිමන් පිරි ගමන් යයි සිත,,,යලිත් මා දවා,,,
යළිත් මා දවා,,,,,,,,,,,,,,,,,,,,,,

සිනා ගෙන ඇවිත් මාසිත් රඟහලක් කළා,,,
සින ගෙන ගිහින් යළි සිත මළගමක් වෙලා
ඒත් සිත සොයන්නේ ඔබෙ සුවඳ තමා,,
ඔබෙ සුවඳ තමා,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

ආරාධනා

| | 0 comments »
මනහාර සෞම්‍යයාමේ,,,
මදු මිහිරි රන්ජනාවී,,,
මියුරු තෙපුල් වශීකළා,,,
මා හද උම්මාදිණී,,,

කුoකුම තවරාලා,,,
අන්ජන ගල්වාලා,,,
මිහිරාවී,,ඉමු ලන්වී,,,
මහද යහනේ සැතපිලා,,,

සුන්දර රූසෝබනී,,
මන්දිරෙ මා හා වෙලී,,,
පෙම් සාගරේ ,,,රස මිහිර දී,,,
සැනසී රැඳෙනයි ආරාධනා
| | 1 comments

වැහි ලිහිණියේ නුඹ නාඩපන්,,,

| | 1 comments
වැහි ලිහිණියේ නුඹ නාඩපන්,,,
අස්වැන්න නෙලනා කාලයයි,,,
වැහි ඕනැවූ ගිම්හානයේ,,, 
නුඹ නාඩන්න ඇයි කාරණේ,,,

හේනෙ පැල්පත පාලුවෙන්,,,
සුදු මැණිකෙ එයි මේ ගොම්මනේ,,,
වැහි වැටුනොතින් දැන් ඈ තෙමේයි,,,
නුඹ නාඩපන් නිස්කාරණේ,,,

කිරි වදිනවිට  දලු  ඉඟුරු මල්,,,
දුක් වින්දා මහ ගිම්හානයේ,,,
වැහි පොදක් එන වග කීවෙ නැති,,,
වැහි ලේණියේ දැන් නාඩපන්