අද නැතත් ඒ දෙවටෙ යන්නට ඔබ,,,

|
මල්කිණිති මත මුතු පිණිති ඉහිරුන,,,
හිමිදිරියෙ දුටු සුවඳ සුදු මල  ඔබ,,,
පොත් මිටිය මුදු ලැමට තද කරගෙන,,,
මා ලඟින් හැමදාම පාසැල් ගිය,,,

සුදු ගවුමෙ රැළි නිතර පිරිමැද මැද,,,
කෙළිදොලෙන් කී කතා සිහිවෙන විට,,,
අද නැතත් ඒ දෙවටෙ යන්නට ඔබ,,,
හිත විඳින දුක වුනත් මිහිරියි මට,,,

දිය කඩිති ලඟ අතින් සුදු ගෙන මම,,,
පැනපු පිම්මට වඩියෙ දුර ඉගිලුන,,,
මිහිරි හැඟුමින් නැහැවු ඔබ නැති මග,,,
කඳුලු පැන්නා මතක්වන ඉඳ හිට,,,

0 comments: