අහිමි මුත් මමත් සොයමි ඔබට ජීවිතේ,,,

|

කලුවරයි අමාවකේ ගෙවන ජීවිතේ,,,
කව්ද උන්නෙ ඔබ ළඟින් දුක්ම ජීවිතේ,,,
අරමුණක් තනාදෙන්න ඇවැසිවූ දිනේ,,,
අහිමි මුත් මමත් සොයමි ඔබට ජීවිතේ,,,

කඳුලු මල් පිපී වැනෙන නෙත් උයන් පුරා,,,
සිනා මලක් පිපී වැනෙන තුරුම ලoවෙලා,,,
මාත් හැඟුම් බෝමයක් වසාගෙන මෙදා,,,
අහිමි මුත් මමත් සොයමි ජීවිතේ රඳා,,,

මනාළියක් වෙලා යන්න සෙනෙහසක් සොයා,,,
ලොවට හොරෙන් සිතින් හඬන කුමරියේ මෙදා,,,
කඳුලු හoගලා සෙනේ හිතත් හoගලා,,,
හිමි නැතත් මගෙත් ලෝකෙ රැජිණියයි ඔයා,,,

1 comments:

ඉලංදාරියා said...

වෙනදා වගේම ලස්සන නිර්මානයක් සහෝ...