ආදරේ තරමෙ විස්කම්,,

Friday, May 24, 2013 |
රිදී සේල ගෙත්තම්,,,බැඳී මාල රන්දම්,,,
රැඳී ප්‍රේමෙ වත්කම්,,,විඳී මහද හැඟුමන්,,,
රණේ රුවක සිත්තම්,,,කළා වාගෙ ඔබනම්,,,
මගේ වීලා නැකතින්,,,විඳී මහද හැඟුමන්,,,

නෑසියෝ යහලු මිතුරන්,,,පාකළා අසිරි හසරැල්,,,
ගී සිලෝ නාද අතරින්,,,මා එබී බළමි රහසින්,,,
රන් හුයෙන් බැඳුනු සුරතින්,,,අපි අපේ වීල මෙළෙසින්,,,
දිනූ ප්‍රේමෙ සුවදුන් ,,,ඇරඹුමේ සොඳුර ඔබමයි,,,

ආදරේ තරමෙ විස්කම්,,පීදිලා දෑසෙ කැල්මන්,,,
ඉනූ කඳුලෙ රස්නෙන්,,,දැනේ ප්‍රේම අභිමන්,,,
මාලතී මාල පින්නෙන්,,නැහැවෙනා සප්න රැයකින්,,,
පීදෙනා මිහිරි  රැඟුමෙන් ,,,යාවෙලා රඟමු රැඟුමන්,,,

0 comments: