ලතැවුල් නොමවේවා තෙරුවන් සරණේ,,,

|
රෑ පුර අහසෙහි තනි තරුවක සෙනෙහස නුඹටයි,,,
මේ මo සළකුණු මා හැරදා ඔබ යන වගටයි,,,
පෑ වසන්තයම වියැළෙනමුත් ඔබ යනු නියතයි,,,
මේ දෙනෙත් අගින් ගිළිහෙන වැසි ඔබෙ පෙරමගටයි,,,




දුක ළඟ ගිමන් නිවූ,,,සතුටක උයනේ,,,
ඔබ හරි සුවඳයි මට අදටත් මහදේ,,,
සුව දුන් හාදු දියෙන් නැහැවුනු ලැමදේ,,,
ගැහි ගැහි රිදුම් ගේන උල්පත ඔබ වේ,,,


නෙක තුරු උයන් පුරා සක්මන් ගමනේ,,, අත්වැල් බැඳන් ගියා ආදර ගමනේ,,, මා හැර ගියා වුනත් මේ දුක අතරේ,,, ලතැවුල් නොමවේවා තෙරුවන් සරණේ,,,

0 comments: