කියන් මා නුඹ යන්න හරිමී
පින්න තවරා පිච්ච පෙති අග
සුපෙම් සඳවත පිපෙයි හිනැහී
නින්ද ලඟනෑ ඈතකය නුඹ
සිතින් ඔය සුදු කොපුල් සිඹිමී
ඉන්න හැකිනම් පාලු හිත ලඟ
ආදරේ මහ හුගක් පුදමී
එන්න සීතල සුසුම් තවරමු
කල්පනා සිහිනයෙන් ඇහැරී....
හන්ගලා දුර අනන්තයෙ හිත
රිදෙව්මුත් මගෙ හිතට වදදී
ලඟට ඇවිදින් පා සිඹින්නට
කප්පරක් කල් පෙරුම් පුරමී
ඇස් පියාගෙන හිත රිදෝගෙන
හීනෙනුත් ඔබෙ ලගට ලන්වී
හුස්මගන්නා හඬ අසන්නට
මගේ හිත මන් නතරකරමී....
බැන්දදා පෙම් සිනාසුන සිත
තැවේ ලඟකට එන්න බැරිවී
මන්ඳ මා ලඟ රැඬෙන්නට බැරි
කියන් මා නුඹ යන්න හරිමී
යන්නහැර තව ඈතකට දුර
හඬමි මම හොඳටෝම හඬමී
එන්න එක මොහොතකට මාවෙත
ඊටපසු ඔබ යන්න නොහැරී....—
Subscribe to:
Posts (Atom)