අප්පච්චී

|

රුසිරු සොයන දිවිගමනේ,,,ඔබ මට සිල් සුවඳක්,,,
ගිමන අතරේ සිසිලස දෙන,,,ඔබ මට පිනි වැස්සක්,,,
මලක් ලෙසින් මා උසුලන,,, ඔබ මට මල් අසුනක්,,,
අප්පච්චී ඔබ මගෙ දිවියට,,,දොලොස්මහේ පහනක්,,,

කෙතටම දියවූ දහදිය,,,රටටම දුන්නේ බතක්,,,
අපටම වෙන්වූ හිතකින්,,, ඉහිලූ දුක්ම ගොඩක්,,,
රටටම රජෙකුන් නොවුනට,,,ගමටම ඉටුදෙවියෙක්,,,
අප්පච්චී මගෙ දුක් ගිනි ලඟ,,,ඔබෙ හිත වෙඬරු පිඩක්,,,

කෙත් වතු වැව් බැඳි ගතිනුයි,,,හැදුනේ දරුවො ගොඩක්,,,
ඒ විරු දරුවන් අතිනුයි,,,රැකුනේ මෙවන් රටක්,,,
නෙලුමක් බුදුනට පුදදෙන,,, පෝදා පෝය සඳක්,,,
අම්මා අහිමිව ගිය මට,,,අප්පච්චී සෙනේ ගඟක්,,,

2 comments:

ඉලංදාරියා said...

ඈත්ත ,,ලස්සනම ලස්සනයි....

ජය ඔබට ,,ලිපි හ්කිපයක් මට මගාරිලා ..මම ඔකොම බෑලුවා

එවත් අවෙනදාවගෙම ලස්සනයි..!

ruwan kumara maddage said...

bohoma sthuthi..hamadaamath ena soyuranta