හිඳිනවිටදී ලඟට වී ඔබ

|

සඳ නොමති කලුවරම කාලෙක…
තනිව උන්නෙමි හදවතින්…
සද සිසිල දෝතින්ම ගෙන දුන් …
සඳ කුමරි පින් දෙමි මන්…
හිඳිනවිටදී ලඟට වී ඔබ…
දැනේ ලොව හිමි වූ ලෙසින්…
අනේ ඔබ හිමි වූ මොහෙතෙ මට…
දැනුනි සක්විති රජ වරම්…
ඉදින් බවයේ සදා මත්තෙම…
මගෙම වූ මිනි පහන දැන්…
සිටිනු මැන මගෙ කඳුලු අරනේ…
නුඹෙන් සැනසෙමි මගෙ සිතුම්…

1 comments:

Anonymous said...

hmmm....
wellcome ruwan.
api balamu oyage wada kohomada kiyala issarahata.