සන්ධ්‍යා නිශාවේම චන්ද්‍රා දිලී දිලී,,,
නoවාවි ප්‍රීති බෝම හෘදේ මවා රසේ,,,
උම්මාදිනී මිහිරි පෙම් ආසනේ රැඳී ,,,
නoවාවි නේත්‍ර කැල්ම ආරාධනා සිතේ,,,
ලoවීලා හන්ස පද්ම මල් රේණුයේ විතේ,,,
ශෘoගාර ප්‍රේම රoගනේ නුඹයි මමයි ප්‍රියේ,,,
සන්ත්‍රාසයෙන් බලාන ඉන්නා දෙතොල් පෙතේ,,,
මo ආදරේ පෑවෙමී වැතිරිලා ලැමේ,,,
රත්නාලි වර්ණ ලේප ගල්වා ඔබේ ගතේ,,,
දෙව්ලී වගේ වඩිද්දි හoසාවිනී මගේ,,,
නැoවූ සිනාවෙන්ම දැල්වූ දෙනෙත් පෙලේ,,,,
රිද්මේ ගැලී රඟන සප්නේ රැයයි අපේ,,,
මේ නුවර ඉම,,,මල් සුවඳ ගෙන,,,වැව් තලය සිඹ එන සීතලේ,,,
මල් සුවඳ ගෙන මා වෙතට එන,,,ඒ සුමුදු මුදු මගේ ආදරී,,,
සිල් සුවඳ රැඳි මන්දිරය වෙත එන විටක අද වුව මේ හිතේ,,,
නොදැනීම වුව ,,,මතකයට එන මල් කුමරි ඔබ කොහි සැඟවුනේ,,,
හන්තාන දෙස නෙතු යොමන විට,,,
සුසුමක් දුවයි කඳු මාවතේ,,,
ඒ සුසුම යළි සන්වේදනාවෙන් ,,,
කඳුලු දෙයි නෙතු තීරයේ,,,
උඩු නුවර දුර රැඳි කඳුලු කලුවක,,, රැඳුන ගැබ්බර ප්‍රේමයේ,,, පිවිතුරු පැතුම් එකිනෙක අරන්,,, ඔබ මට ඉතිරි කළ ජීවිතේ,,,
මල් සුවඳ ගෙන මා වෙතට එන,,,ඒ සුමුදු මුදු මගේ ආදරී,,,
සිල් සුවඳ රැඳි මන්දිරය වෙත එන විටක අද වුව මේ හිතේ,,,
නොදැනීම වුව ,,,මතකයට එන මල් කුමරි ඔබ කොහි සැඟවුනේ,,,
හන්තාන දෙස නෙතු යොමන විට,,,
සුසුමක් දුවයි කඳු මාවතේ,,,
ඒ සුසුම යළි සන්වේදනාවෙන් ,,,
කඳුලු දෙයි නෙතු තීරයේ,,,
උඩු නුවර දුර රැඳි කඳුලු කලුවක,,, රැඳුන ගැබ්බර ප්‍රේමයේ,,, පිවිතුරු පැතුම් එකිනෙක අරන්,,, ඔබ මට ඉතිරි කළ ජීවිතේ,,,
ගැට නාරී නුඹ හැඩකාරී
ගැට නාරී නුඹ හැඩකාරී,,,
මා හා හිනැහුන සුකුමාලී,,,
පෙම් සාරී හදවත යාවී,,,
මට වෙනවද පන සුව භාරී,,,
රතු සාරී ගත පටලාවී,,, ඉඟ සුඟ ලඟ කැටයම් බේරී,,, ඉවසාපන් හදවත වාවී,,, මල්සර නැටුමට හිත යාවී,,, පිණි බේරෙන මල මත පාවී,,, මම වෙන්නම් බමරිඳු මාලී, නිලි නිළියෙන් දඟලන රේණූ,,
,,
කිති කවුනොත් නුඹ පිoකාරී,,,
මා හා හිනැහුන සුකුමාලී,,,
පෙම් සාරී හදවත යාවී,,,
මට වෙනවද පන සුව භාරී,,,
රතු සාරී ගත පටලාවී,,, ඉඟ සුඟ ලඟ කැටයම් බේරී,,, ඉවසාපන් හදවත වාවී,,, මල්සර නැටුමට හිත යාවී,,, පිණි බේරෙන මල මත පාවී,,, මම වෙන්නම් බමරිඳු මාලී, නිලි නිළියෙන් දඟලන රේණූ,,
,,
කිති කවුනොත් නුඹ පිoකාරී,,,
හිත් මත කකියන දුක් ගිණි රාවය තත් අතරේ වැයුනා
හිත් මත කකියන දුක් ගිණි රාවය තත් අතරේ වැයුනා,,,
ඇස් යට විඳවන දුක්වන කඳුලට නෙතු පියවිළි වැසුනා,,,
ඔබ නෑ ආයෙ එන්නේ,,,දුක මා යාව ඉන්නේ,,,
ගැස්සෙන ඇහැරෙන සිතුවිළි රැඳි සප්නේ,,,
ඉස්සර වෙනවා ඔබ ගැන හද ගැස්මේ,,,
සඳ රෑ තාරකාවී,,,නිදි නෑ මහද යහනේ,,,
ඉස්සර සෙනෙහස ඔබ ගැන දුන් මතකේ,,,
රoපට ගිළිහී මියැදුනි පෙම් සිහිනේ,,,
මා හා ආව සාවී,,,යළි නෑ මාගෙමාලී,,,
ඇස් යට විඳවන දුක්වන කඳුලට නෙතු පියවිළි වැසුනා,,,
ඔබ නෑ ආයෙ එන්නේ,,,දුක මා යාව ඉන්නේ,,,
ගැස්සෙන ඇහැරෙන සිතුවිළි රැඳි සප්නේ,,,
ඉස්සර වෙනවා ඔබ ගැන හද ගැස්මේ,,,
සඳ රෑ තාරකාවී,,,නිදි නෑ මහද යහනේ,,,
ඉස්සර සෙනෙහස ඔබ ගැන දුන් මතකේ,,,
රoපට ගිළිහී මියැදුනි පෙම් සිහිනේ,,,
මා හා ආව සාවී,,,යළි නෑ මාගෙමාලී,,,
මා පෙම් කළා පිරි නිල්දියේ තඹරුන් සොයා,,,
සුදු හාමිනේ නුඹ සැතපුනා පපු තලාවේ,,,
දුක යාවුනා මට ආදරේ නැති වෙලාවේ,,,
නෙතු සේදිලා පිරි කඳුලු ගිළිහෙන වෙලාවේ,,,
හද පෑරුනා කටු විසට මල් නැති අවාරේ,,,
නෙතු දිහා බැලුවත් සිනා මල් සඟවලා,,,
දුක නෙවෙයි ඔය පෙරෙන්නේ තරහක සෙයා,,,
මහ රැයේ වුව නොනිදනා සිතුවිළි පුරා,,,
ඉකි බිඳියි සිත විඳිමි තනිකම් රෑ දිවා,,,
සිත් යාවෙලා ආ දුර පුරා කිඳුරoගනා,,,
මා පෙම් කළා පිරි නිල්දියේ තඹරුන් සොයා,,,
සඳ බැස නොයාමුත් කලුතලා තවරා තියා,,,
ඇයි හැඩිකළේ සිත් අහස් ඉම වැහි ඉහිරිලා,,,,
දුක යාවුනා මට ආදරේ නැති වෙලාවේ,,,
නෙතු සේදිලා පිරි කඳුලු ගිළිහෙන වෙලාවේ,,,
හද පෑරුනා කටු විසට මල් නැති අවාරේ,,,
නෙතු දිහා බැලුවත් සිනා මල් සඟවලා,,,
දුක නෙවෙයි ඔය පෙරෙන්නේ තරහක සෙයා,,,
මහ රැයේ වුව නොනිදනා සිතුවිළි පුරා,,,
ඉකි බිඳියි සිත විඳිමි තනිකම් රෑ දිවා,,,
සිත් යාවෙලා ආ දුර පුරා කිඳුරoගනා,,,
මා පෙම් කළා පිරි නිල්දියේ තඹරුන් සොයා,,,
සඳ බැස නොයාමුත් කලුතලා තවරා තියා,,,
ඔබ දමා යන්න මට සිදුවුනා,,,
ඔබ දමා යන්න මට සිදුවුනා,,,සමාකරන් සුදු මැණිකේ,,,
ආදරේ ගොඩක් මම දිය කළා,,,මුතු කඳුලුවලින් ඔබෙ දෙනෙතේ,,,
කාලයක් ගියත් මට සිහිවුනා,,,ඔබ වින්ද වේදනා රහසේ,,,
ආ දුරක් නිසා මා තනි වුනා,,,ඔබ වගේ කෙනෙක් නැති ලෝකේ,,,
නෙක නෙක විසිතුරු මුකුලිත කුසුමන්
කොතෙකුත් පිපුනා නෙතු මානේ,,,
එනමුදු නුඹෙ මුදු සියුමැළිකම් නෑ,,,
ඒ නෙක මල්වල කටු රැඳුනේ,,,
පොත් පිටු අතරේ සඟවන් පිදුවා,,,
මතකයි ඔබෙ කුලුඳුල් ප්‍රේමේ,,,
සිතුවම් මලුවේ සටහන් ඉතිරියි,,,
අතහැරුනත් සුවඳයි සිහිනේ,,,
ආදරේ ගොඩක් මම දිය කළා,,,මුතු කඳුලුවලින් ඔබෙ දෙනෙතේ,,,
කාලයක් ගියත් මට සිහිවුනා,,,ඔබ වින්ද වේදනා රහසේ,,,
ආ දුරක් නිසා මා තනි වුනා,,,ඔබ වගේ කෙනෙක් නැති ලෝකේ,,,
නෙක නෙක විසිතුරු මුකුලිත කුසුමන්
කොතෙකුත් පිපුනා නෙතු මානේ,,,
එනමුදු නුඹෙ මුදු සියුමැළිකම් නෑ,,,
ඒ නෙක මල්වල කටු රැඳුනේ,,,
පොත් පිටු අතරේ සඟවන් පිදුවා,,,
මතකයි ඔබෙ කුලුඳුල් ප්‍රේමේ,,,
සිතුවම් මලුවේ සටහන් ඉතිරියි,,,
අතහැරුනත් සුවඳයි සිහිනේ,,,
මුවැත්තියකට නොතෙරුනුමුත් ජීවිතේ,
එදා වාගෙම අදත් මගෙ වූ ආදරේ,,,
රටා හැඩිකර යනෙන හැoගෙන සoහුරේ,,,
වාන් දැමු ඒ මිතුරුකම් දියකර දියේ,,,
යටින් හoගා ගෙනා ගෙනා ගින්දර හදවිලේ,,,
මුවැත්තියකට නොතෙරුනුමුත් ජීවිතේ,
හිතින් වින්දා දෙනෙත් තෙත් වූ ආදරේ,,,,,
දමා යන්නට නොහැකිමුත් ඔබ මාවතේ,,,
අරන් යන්නත් ඉතින් කොයිවෙද මේලෙසේ,,,
හරස්වෙන විට අතරමැදි ගල් කුළු එසේ,,,
ගඟක් වුව හඬ හඬා ගැලුවා යයි සිතේ,,,
අපේ වෙන්නට පිනක් නැතිවග මේ භවේ,,,
නිතර දැනුනා රිදුම් දී තැලෙනා හදේ,,,
රටා හැඩිකර යනෙන හැoගෙන සoහුරේ,,,
වාන් දැමු ඒ මිතුරුකම් දියකර දියේ,,,
යටින් හoගා ගෙනා ගෙනා ගින්දර හදවිලේ,,,
මුවැත්තියකට නොතෙරුනුමුත් ජීවිතේ,
හිතින් වින්දා දෙනෙත් තෙත් වූ ආදරේ,,,,,
දමා යන්නට නොහැකිමුත් ඔබ මාවතේ,,,
අරන් යන්නත් ඉතින් කොයිවෙද මේලෙසේ,,,
හරස්වෙන විට අතරමැදි ගල් කුළු එසේ,,,
ගඟක් වුව හඬ හඬා ගැලුවා යයි සිතේ,,,
අපේ වෙන්නට පිනක් නැතිවග මේ භවේ,,,
නිතර දැනුනා රිදුම් දී තැලෙනා හදේ,,,
Subscribe to:
Posts (Atom)







