මේ ඇස් දෙක පියවෙන්නට මත්තෙන්

| | 3 comments »

මේ ඇස් දෙක පියවෙන්නට මත්තෙන්,,,
එක වදනක් නගන්න මo වෙනුවෙන්,,,
දුක් දාහක් සේදූනු මගෙ කඳුලින්,,,
පිනි මල් වැහි වහින්න ඔබ වෙනුවෙන්,,,

ඉස්සර මගෙ අහසෙහි තරුවයි,,,
අද අන්සතු අහසක ඔබ තරුවයි,,,
සඳ හැන්ගෙන්නට මත්තෙන් ඒකයි,,,
මo හැන්ගෙන්නේ නුබ නැති දුකටයි,,,

බිoදුම බේරුනු කඳුලුවලින්,,,
නින්දට අවසන් සුසුම ළඟයි,,,
දිව්වට දිවිහැර යන රිසියෙන්,,,
යන්න හිතත් නෑ ඔබට හොරෙන්,,,

මටම නුබ වාසනාවන්

| | 2 comments »

කුල කුමරි නුබෙ සිනාවන්,,,
අතරෙ සැඟවුනු දයාවෙන්,,,
මගේ සිත පීදිලා දැන්,,,
මටම නුබ වාසනාවන්,,,

කතර බිම ඉරි තලාවන්,,,
මතට ආ වැහි වලාවන්,,,
ගෙනා වැස්සට තෙමී මo,,,
සරමි නුබෙ සෙනෙහසේ දැන්,,,

සයනයේ තැනිතලාවන්,,,
අතර මල් පීදුනාවෙන්,,,
මගේ කුමරිය වුනානම්,,,
හිනැහෙන්න අපි අපේ දැන්,,,

හිමියනි වඩිනු මැන මොහොතක්

| | 3 comments »

සිතින් නික්මෙන්නෑ,,,ගෙවා ආ ඒ ඇසුර සoසාරේ,,,
නිමාකළහැටි මගේ හිමියනි සිතාගන්නට බෑ,,,
අහිමි වූ පසු ඔබේ සෙනෙහස ,,,ඉතින් නෑ දිවියක්,,

මතකයිද හිමිසඳුනේ,,,ස්වයoවර උළෙලේ,,,
මා ලබන්නට ඇවිත් උන්නා කුමර ගoගාවක්,,,
මගේ කර මා දොවාගත් ඔබ ගඟක දිය දෝතක්,,,

කියන් හිමි සඳුනේ,,,වැරැද්දක්වූවාද මාගෙන් ,,,
ගියේ මට රහසේ,,,ළැමේ ගින්දර දැනෙනම් යළි,,,
සමාවී මට වඩිනු මැන මොහොතක්,,,

මගේ සිතඟින් යන්නෙනෑ,,,

| | 4 comments »

ආයෙනම්,,, ආයෙනම් ඔබ,,,
කිසිම දිනකදි එන්නෙනෑ,,,
නේනමුත්,,, නේනමුත් යළි,,,
මගේ සිතඟින් යන්නෙනෑ,,,

ලoවෙලා හිඳ වෙන්වෙලා,,,
ඒත් මතකෙන් යන්නෙ නෑ,,,
නුඹ නිඳන ඔය සොහොන ළඟ හිඳ,,,
අනේ මට මියැදෙන්න නෑ,,,

මේ සිතින් එක ලෙසින් මo,,,
පෙම් කලා ඔබ දන්නෙ නෑ,,,
පෙම් හිතේ පෙම් පුරාවත,,,
මo ඔබේ ලඟ ඉන්නවා,,,

සාගරය තරමට සෙනේ දිය,,,කිරෙන් පෙව් මගෙ අම්මේ,,,

| | 8 comments »

සාගරය තරමට සෙනේ දිය,,,
කිරෙන් පෙව් මගෙ අම්මේ,,,
ආදරය ලඟ ලොවම පැරදියි ,,,
සෙනෙහසට ඔබෙ අම්මේ,,,

පටාචාරාවකට නොදෙවෙනි,,,
විඳවනා දුක් අම්මේ,,,
ඔබේ කඳුලින් සසර වූ පව්,,,
සේදෙන්න මගෙ අම්මේ,,,

කුසින් වදලා අතින් හදලා ,,,
ලොවක් පෙන්වූ අම්මේ,,,
ජාති ජාතිත් දුන්නු සෙනෙහෙන්,,,
නිවන දුරුනෑ අම්මේ,,,

හිනැහෙන්නෙ රණ විරුවො රැකගත්කමින්

| | 6 comments »

දෙවි දේවතාවුන් විලසින් ගොසින්,,,
ඇස් හිස් මසින් ලෙයින් දිවි කැපකරන්,,,
තිස් තුන් කෝටියක් දෙවිවරු ලෙසින්,,,
රට සුරැකි විරුවන්ට වඳිනවා හිතින්,,,

ගිනි ගහන යුද බිමෙක දිව්වේ ඔවුන්,,,
නෑසිය සොයුරො දරුවො අමතක කරන්,,,
අප සැවොම රැකගත්තෙ දිවි තොරකරන්,,,
මිනිසත්කමින් ඔවුන් අගයන්න දැන්,,,

ලක් දෙරණෙ තිස් වසක් හැඬු මව්වරුන්,,,
හදවතින් බිරින්දන් ගිණි උහුලමින්,,,
පිය සෙනෙහෙ නැතිවුනත් පොඩි පන්චො දැන්,,,
හිනැහෙන්නෙ රණ විරුවො රැකගත්කමින්,,,

තනිකම රජයන දිවියට,,,නුබෙ මතකය මනරම්

| | 2 comments »

වියැළුනු වසන්තයේ අග,,,මල්පෙති ගිලිහීලා,,,
සමනළයෝ ඉගිලීලා යති,,,නව තුරු මල් සොයලා,,,
තනියට සයුරක් තරමට,,,පෙම්හිත් මග රැඳිලා,,,
එනමුත් සැනසිල්ලක් නැති,,, ඔබ නෑ ළඟ රැඳිලා,,,

තනිකම රජයන දිවියට,,,නුබෙ මතකය මනරම්,,,
කළුවර විජිතයෙ එලියට විඳි සෙනෙහස මනරම්,,,
කාට කියන්නද මෙ දුක,,,නුඹ ගිය වග මාගෙන්,,,
යළිත් වසන්තය ඒවිද ,,,නුබ මාවෙත කැන්දන්,,,

රහස් කියූ හැටි මතකද,,,දඟ හිත පිරි මදිමින්,,,
සිහින මැවූ හැටි මතකද,,,ලoවූ විටදි සිතින්,,,
නුබෙ පපුතෙර යළි බදාන,,,දුක කියන්න්න ඇත්නම්,,,
යළිත් දුවන් මo එන්නම්,,,නුබ මට ලැබෙනවනම්,,,