
සැනසී ඉන්න ලoවූයේ මා එක සිතින්,,,
සැරසී උන්නෙ ඔබ වෙනුවෙන්මයි මා සිතින්,,,
පෙම්කලත් මo මහමෙරක් තරමට සිතින්,,,
සමුගනිමි මo හඩ හඬා රන් කූඩුවෙන්,,,
රනින් පැළඳූ මගුල් මුදුවක් අතදරන්,,,
වෙන්වීම වෙනුවෙන් හඬන මා දෙස බලන්,,,
පුදුමවන මා හට පුදුම නෑ නුඹෙ සිතුම්,,,
නුබට නපුරක් වෙන්න කලියෙන් යන්නේ මන්,,,
පොරොන්දම්බල බලා පෙම් නොකලට සිතින්,,,
මගේ අපලය නුබට විපතක් ලඟ බවින්,,,
දැන දැනත් ලන්වෙලා ඉන්නට බැරිකමින්,,,
වෙන්ව යනමුත් යන්නෙ අපමණ සෙනෙහසින්,,,






