
පෙම්වන්ත සිතින් නුබ ඉගිල්ලිලා ඇවිදින්,,,
දුන්නු සෙනේ ගඟ ලoව මුවට රහසින්,,,
සන්සුන්ව තිබූ සිත අවුස්සලා මොහොතින්,,,
යන්න ගිහින් මට මාවම නැතිකරමින්,,,
ඉමක් කොනක් නැති අහසින් පහත්වෙලා,,,
සිතින් නෙතින් බඳි පහසින් සනසවලා,,,
නුරා රසින් පෙම්වන්ත සිතක් පාලා,,,
යන්න ගිහින් අද නොකියම ඉගිල්ලිල,,,
මුවට මුව තියා තෙපලූ ආදරයෙන්,,,
මවූ සිහින අද දියවී සාගරයෙන්,,,
දෙපා තුඩුවලින් ඉස්සී ඈත බලන්,,,
අදත් ඉන්නෙ යළි ඉගිලී ඒවි සිතන්,,,





