ඔය සොඳුරු ගත වටා එතී,,,

| | 0 comments »

වැහි වලාකුලක් වෙන්නට ඇත්නම්,,,
මල් වැස්සක් සේ වැටෙන්න ඇත්නම්,,,
මුවාවෙන්න තැනක් නැතිව ඒ මල් වැස්සෙන්,,,
ඔබ නෑවෙනවා බලන්න ඇත්නම්,,,

සරාසඳින් මල්වර රෑක,,,
ඔබ නිදාගන්න සයනේ සැරසූ,,,
සුදු පුන්චි පුන්චි මල් පොඩි වැටුනූ,,,
සුදු සේද සලුව වෙන්නට ඇත්නම්,,,

සීත වෙලාගත්තු කලුවර රෑක,,,
ඔබට උහුලගන්න බැරිවූ විටෙක,,,
ඔය සොඳුරු ගත වටා එතී,,,
උනුසුම තවරන්නට ඇත්නම්,,,

මගෙ ආදර උනුසුම විඳින ඔබ,,,
ඇස් පියාන නිදාගත් විට,,,
නැලවෙන ඔබෙ ලැමට තුරුලුවී,,,
මිහිරි සිහින දකින්න ඇත්නම්,,,

මා ඇඳි සිත්තම්...(රාධා..ක්‍රිශ්ණා)

| | 1 comments

සසර කෙළවර සොයායනමුත්

| | 0 comments »

සරා සඳ ඇති රැයේ යන්නේ,,,කළකිරුනු ගිහිගෙයින්,,,
එපාවී නොව ඔබේ මුදුගුණ සැන සුනා මුලු හදින්,,,
පුතුව තුරුලේ හොවාගෙන ඔබ නිදන යාමය බලන්,,,
සසර කෙළවර සොයායනමුත් කඳුලු ඇත ඔබ නමින්,,,

පුරා දස වසරකට පෙරදී ස්වයන්වරයේ ඉඳන්,,,
මගෙ විකුම් දැක මා හටම දුන් එකම රස වදනෙකින්,,,
ලඟට ගත්තත් සිළෝ සක්මැද මහා මoගල්ලෙකින්,,,
අහිතකින් නොව යන්නෙ වෙන්වී ඔබට හිතවත් සිතින්,,,

පුතු උපන් ඒ විඩාවෙන් ඔබ නිදන රෑ ඇස් පියන්,,,
සමාකළමැණ ඇහැරවන්නට නොම සිතේ මගේ හිතින්,,,
යන්න යනමුත් එතෙර කරනට සැවොම සoසාරයෙන්,,,
අදත් යන්නේ ඔබට ලෙoගතු එදා උන් සෙනෙහසින්,,

සුබ උපන්දිනයක්

| | 4 comments »

මේක දිග කතාවක්...හුගක් දිග කතාවක්..එත් කෙටියෙන්ම ලියන්නම්...මේක රහසක්....එක ආදරවන්තයින් දෙන්නෙක් හිටියා...කොල්ලා හිටියේ පිට රටක..කෙල්ල ලන්කාවේ ...මේ කොල්ල දවසක් ස්කයිප් කියන දැලේ එල්ලිලා ලන්කාව වටේ රවුමක් ගියා..ඔය යද්දි තමයි මේ ගෑනු ළමයව මෙයාට හමුවුනේ...ඔය දෙන්නා දැන හදුනාගෙන ආදරේ කරන්න පටන්ගත්තා.ස්කයිප්,යාහූ,,,දැල් තමයි මෙයාලට දවස පුරාවෙම එල්ලිලා ඉන්න උදව්කලේ...ඔහොම මෙයාල හුගක් සතුටින් දෙන්නම ආදරෙන් හැමදාමත් හිටියා...පොඩි පොඩි අවුල් ඇති වුනත් හුගක් ආදරෙන් හිටියා...ඔහොම ඉද්දි දවසක් මේ ගෑනු ළමයා මේ පිරිමි ළමයට ලස්සන යෝජනාවක් ගෙනාව..ඒ තමයි "අපි ලස්සන දරුවෙක් හදමු' කියලා...ඒ අදහසට එකඟවුනු මේ ආදර වන්තයත් එක පයින්ම කැමති වෙලා ..දෙන්නගෙම එකතුවෙන්,,,ලස්සන දරු පැටියෙක් බිහිකලා මේ ගෑනු ළමයා...දැන් මේ ලමය හදල තියන්න වුනේ බ්ලොග්ස්පොට්.කොම් කියන ගෙදර...හැමදාමත් වගෙ අම්ම කෙනෙක් අමරුවෙන් වදන දරුවගෙ වාසගම යන්නෙ තාත්තගෙනේ..මේ දරුවටත් එහෙමයි...මෙයාව හදන්න වුනේ දරුවගෙ තාත්තටයි..අම්ම කවදාවත් කැමති තිබුනේ නෑ දරුවගෙ අම්ම එයා කියන්න...හැබැයි මෙ දරුවට ඒ අම්ම්ත් මාර ආදරෙයි...

ඔහොම ලස්සන දේවල්වලින් සරස සරස දරුව හදන අතරේ...අනේ...හදිස්සියෙම මේ දරුවගේ අම්මාඅ ඒ තාත්තගෙන් දුරස්වෙන්න පටන්ගත්තා..තත්තට හුගක් දුක හිතුනා...ඒ හැම දුකක්ම ඒ තත්ත කිව්වේ මේ දරුවට...හැබැයි දරුව බලන්න අම්මා එනවා..මේ බ්ලොග්ස්පොට් එකට...කියන ගෙදරට...මේ ආදරවන්තිය හේතුවක්වත් නොදන්වා හුගක් හිත රිදෙන විදිට මෙයාව තනිකරල ගිහින් නිසා හැම වෙලාවෙම දුකින් ඉන්න දරුවගෙ තාත්තා දවසක් දරුවව අපිළිවෙලට සරසලා...මෙ අම්ම ඇවිත් බලද්දි දරුවා කැරොල් කරලා...දරුවගේ අම්මට හොදටම තරහ ගිහින් තාත්තට චැට් කියන සන්නිවේදනය හරහා බැන්න හොදටම ...දරුවව හොදට තියාගන්නවා මොනා නැතත් ලස්සනට තියාගන්න කියලා...තාත්තට හරි සතුටුයි..ඒ එයාව දාල ගියත් දරුව බලන්න හරි ඒ අම්ම එනව කියලා දැනිලා..ඇත්තටම ලෝකෙ හුගක් පවුල් අවුල්..ඒත් දරුවො නිසා ඒවගේ පවුල් පොඩ්ඩක් හරි ඉතිරිවෙලා රැකිල තියෙනවා...
කොහොමහරි...ඉතින් දැන් දරුවගෙ තාත්ත ජීවිතේ ගෙවන්නේ දරුවා දිහැ බලලා...එයා තුලිනුත් අර තමන්ගෙ ආදරණීය කෙනාව හිතින් මවාගෙන...ඒත් දරුවගේ තාත්ත ඉන්නේ හරි වේදනාවෙන්...ඉතින් දරු පටියා ලස්සනට ලොකුවෙන අතරේ එයගෙ අම්මගෙ 25 වෙනි උපන්දිනේ ඇවිත් අද වගේ දවසක...දරුවගේ අම්මගේ වචනයක්වත් දැකගන්න බැරි වුනත් සුබපතන්න හිතයි එයාට..ඉතින් ඒක නිසාම මේ ආදරවන්තයා හිමවගේ මිදුනු කඳුලු උඩ ඒ රටේ පිපෙන රෝස මලක් අරන් ඇවිත් දරුව ලගින් තියල අම්මිට සුබ උපන්දිනයක් කියන්න කියලා දරුවට කීව කියන්න කියලා......කොඉවෙලාවක හරිදරුවා බලන්න එයා ඒවි,,,ආ කියන්න අමතකවුනා..දරුවගෙ නම...ඒ දරුව තමයි.ruwan-sithruusoebaa..කියන්නෙ...තාත්ත ඔයාල දැන ගනි..එත් අම්ම ගැන කියන්න විදිහක් නෑ...එයාට ඒකෙන් අවුලක් වෙයි කියලා...ඉතින් ඒක රහසක්...

මොකුත්ම නැතත් ඒ දරුවගේ අම්මා ඒ උපන්දින සුබපතුම ගත්ත කියලවත් දරුවට පුන්චි වචනයක් කියල ගියොත් ඒක ලොකු සැනසුමක් වේවි....

ජේසුනේ ඔබේ දයාවෙනී,,,

| | 0 comments »

සාමයේ සැරු ස්වාමිනේ,,,
සමගියේ මුල් පියාණෙනී,,,
ජේසුනේ ඔබේ දයාවෙනී,,,
ලොවම සාමයේ හිනාවුනේ,,,

ලොවේ සිත් යලි කුරිරු වී,,,
ලොවම යුද ගිනි වෙලාගනී,,,
ලොවට සාමය ගෙනත් දී,,,
යන්න එනුමැණ පියණෙනී,,,

සමගියෙන් තොර ලෝකයේ,,,
එකිනෙකා ඇන කොටගනී,,,
ලොවට ප්‍රේමය කියාදී,,,
යන්න එණුමැණ පියාණෙනී,,,

දැරුවත් කුස සෙනෙහසින්

| | 0 comments »

මට දැනේ ඔබේ කෙඳිරුම් හැඬුම් හඬ,,,
දැනේ ඔබේ කෙඳිරුම්,,,
විඳින්න බෑ මට ඔබේ ඉකිබිඳුම්,,,
දරන්න බැරි වෙහෙසකින්,,,
ඔබ ගෙනා නැවුම් සිහිනේ ඉතින් මම ,,
වින්දට ආදරයෙන්,,,
හදාගන්න හිත තේරෙන්නෑ,,,
ඔබගෙන් දුරක හිඳන්,,,

අපේ කැදල්ලට සොඳුරු අමුත්තෙක්,,,
ගෙනෙන බවට කොඳුරමින්,,,
මගේ ආත්මය අලුතින් ලීවේ,,,
මට හිමි ඔබේ මුදු සිතින්,,,
නැවුම්ව මගෙ දිවියට පණ දී ඔබ,,,
දැරුවත් කුස සෙනෙහසින්,,,
විඳින්නේ කොහොමද කැකුළ උපද්දන,,,
මොහොතෙ දුරින් මම ඉඳන්,,,

හැඟේ කැදැල්ලට නැවුම්ම කැකුළක්,,,
පැමිණි බවට පාවෙමින්,,,
පියසෙනෙහෙන් මේ පිටට ගලන්නේ,,,
ඔබ හෙලු දුක් කඳුලින්,,,
මගේ නමින් පණ අයැද සිටිනවා,,,
දුටුවෙමි ඔබ සිහිනයෙන්,,,
බුදු පාමුල හිඳ වැදගෙන උන්නෙමි,,,
දෙවියනේ අඇය රකිනා ලෙසින්,,,

යන්නම යන්නේ නේන්නනම් ඔබ සතුට අරන් මගෙ යන්න

| | 0 comments »

ගන් දිය ඇවිදින්,,,දුන්හිඳ රිදවා,,,කඩා වැටෙනවා සේම,,,
වැසි දිය ඇවිදින් මල්පෙති රිදවා කඩාවැටෙනවා සේම,,,
කර දිය ඇවිදින් වෙරලෙහි වැදිලා ගලාන යනවා සේම,,,
උනු දිය ඇවිදින් නෙතුපිය රිදවා කඩා හැලෙනවා බෝම,,,

යන්නම යන්නම යනවානම් මට සුවඳ ඉතිරි කර යන්න,,,
යන්නම යන්නේ නෙන්නනම් ඔබ මතක ඉතිරි කර යන්න,,,
යන්නම යන්නම යනවානම් මට කඳුලු ඉතිරි කර යන්න,,,
යන්නම යන්නේ නේන්නනම් ඔබ සතුට අරන් මගෙ යන්න,,,

දමා ගියත් ඔබ සෙනේ සිහිල් ගඟ,,,වියලෙන තරමට මාව,,,
බිඳී ගියත් සිත ආයෙ කෙසේවත් හදා ගන්න බැරි සේම,,,
රැඳී හුගක් කල් ලගින් ඉදන් මගෙ සෙනෙහස දුන්තරමින්ම...
අසිරි පතනවා සමුගෙන යද්දිත් ඉන්න තුටින් ඔබ බෝම,,,