| | 0 comments »


සඳ අහසේ පායනතුරු...
අපි අසාවෙන් බලන් හිටියා...
නුඹ කරලියේ දිලිසෙන තුරු...
අපි අසාවෙන් බලන් හිටියා...
මිනිසුන් නුබ සමග හිනැහෙනකොට ...
නුබ සතුටින් සිනාසුනා...
නුඹ වගේම සඳ අහින්සක වුනත්...
සඳේ අවාට දැකපු මිනිසුන්...
සඳ ගැන කතා හැදුවා...
නුබේ ආවට නොපෙනුනත්...
මිනිසුන් නුඹට කතා හදනවා.
ඉස්සර නුඹ සමගින් හිනාවුනු මිනිසුන්...
අද නුබට හිනාවෙනවා...
ඇයි දන්නවාද...
සඳ තාමත් වලා සලුවෙන්....
නිරුවත වහගනිද්දී...
නුඹ නිරුවත එලිකරන නිසා....

මල නොතැලුවෙ ඇති ගුනට ඉතින්

| | 0 comments »

හිනාවෙද්දි ඔබ මටත් හොරෙන්..
හිතම පත්තුවෙයි බිඳුනු පෙමින්…
සසර පුරුද්දට හමුව ඉතින් …
දුරස්ව ඉන්නේ කඳුලු සොවින්…
පෙම්නොකලානම් පනට ලෙසින්…
විඳින්නෙ නෑ අද පිරිනු දුකින්…
හදාගන්න හිත දරන තැතින් මන්..
හිනාවෙන්නෙ ඇත්තටද හොරෙන්…
මල නොතැලුවෙ ඇති ගුනට ඉතින්…
හිතන්නෙ ඇයි ඔබ වැරදි ලෙසින්…
හිනාවෙන්නෙ මන් නොකල පවින් රැඳි…
සෙනේවන්ත මගෙ හිතට හොරෙන්….

විඳ බලන්නට නොමැති වූවත්..

| | 0 comments »

රැ අහස සඳ නොදුටු ගානයි…
තරු හඬන අඹර හරි සීතයි…
උනුසුමින් සුසුමින්ම නාවයි…
මගෙ හිතත් ඒ අහස වාගෙයි…
විඳ බලන්නට නොමැති වූවත්..
සිහිනෙකින් පමනක්ම ආවත්…
රිදෙන මුත් දුක්දෙමින් තාමත්
මන් නුබට ආදරේ තාමත්…
යළි පිපෙන්නැති මලක් වූවත්…
වෙන කෙනෙක් මගේ මල නෙලුවත්…
දැනෙන්නෙමි මල්සුවඳ තාමත්…
මන් නුඹට ආදරෙයි කවදත්...

උරුම වූ ජීවිතයක තරම්...

| | 0 comments »

බලමි මා නොනිමි අඹර දෙස
විකල් සිතින්...
කලුවර වූ අහස්කුස...
වෙනදා මෙන් මසිත...
චමත්කර නොකරයි අද...
උහුලාගත නොහැකිදුකක්...
මසිතේ පීඩා විදියි...
හැම තරුවකින්ම මට පෙනෙන්නේ...
නුඹේ දෑසයි...
වැඩි වේලාවක් නොගොස්ම...
නෙතු මා වසාගමි...
ඒ නුබේ සිනාවට...
මා වසඟකල හැකි බැවිනි...
මහද සසල කල ඔබේ හඬ..
ආතුරවූ සිතේහි පන නගයි...
සිත් දොර වසා නෙතුපිය වසාගමි...
අනේ මා නොපැතූ...
ඒත්...උරුම වූ ජීවිතයක තරම්...

ඉන්නම නොහිතුනාට මගෙ ලගින් රැඳී

| | 0 comments »

ඉන්නම නොහිතුනාට මගෙ ලගින් රැඳී....
වින්දෙමි මම දුක් දිවියක් එයින් පසූ...
දරන්න බැරි කඳුලින් බර වුනත් නෙතූ...
හිත තාමත් ඔබ ලඟමයි ඉන්නෙ රැදී...

කල්පහතක් පෙරුම් පුරා ලන් ලන් වී...
මාස හතක් දෙරටක අපි සිතින් වෙලී...
අත්මයක පෙම වින්දත් සිතින් අපී...
දවස් හතයි උන්නේ අපි ගතින් වෙලී...

ඔබේ ලැමද සුව යහනක් වූ දවසේ...
සෙනේ අරණෙ පිපුනු පැතුම් මල් රහසේ...
කඳුලු ගගේ දියවී අද යයි මෙලෙසේ...
එත් තාම සිතපිරි සෙනෙහස ඔබගේ...

සිත් පිත් නැති මිනිසුන්ට වඩා...

| | 0 comments »

සිත් පිත් නැති මිනිසුන්ට වඩා...
නුඹ ලඟින්න් ඉන්න ...
මට සැපයි යාලුවේ...
බල්ලන් ලඟ ඉදන් ඉඳලා...
මැක්කන් එක්ක නැගිටින්න එපා කීවත්...
නොමිනිසුන් මැද ඉන්නවාට වඩා..
තිරිසන් නුඹ හොදයි යාලුවේ...
තිරිසන් ලෙස සිතන පතන...
මිනිසුන්ට වඩා...
තිරිසන් නුඹ මට දක්වන ලැදියාව...
අත්තටම මට අගෙයි යාලුවේ...
| | 0 comments »

මතක හීන පොත් පිටු අතරේ හිඳ,,.
සක්මන් මලුවට එන්න වරක්...
බුදුමදුරක සිල් සුවඳක් විඳ විඳ...
මෙත්සුවයක් මන් විඳිමි එයින්...
අතහරුනත් ඔබ මේ සන්සාරෙදි...
නොවැටුන කඳුලක් පිරිණු නෙතින්...
සැනසෙමි මතකය යටපත්කරගෙන...
ඔබ මා ලගින්ම ඇතයි සිතන්...
වෙරලෙම ඉපදී වෙරලෙම මිලිනව...
ගියේ මදිද මා පිරූ පැතුම්..
හීන ගොන්න ඉහිරුනට නොව දුක...
නුබ රැකගන්මට බැරිවූ බැවින්...