හීන මල් ඇහිඳ දෝතට...

| | 0 comments »

හීන මල් ඇහිඳ දෝතට...
ආදරේ හෙමින් මුමුණන..
ඔබේ පෙම්හිතේ හැන්ගෙමි ජීවිතේ පුරා...
රත්තරන් පාට හීනෙක...
හැන්ගිලා තවම විඳවමි...
එන්න ලඟඉන්න සෙනෙහෙන් ...
ලන්වෙන්න කියා...
සෙනෙහසේ පිරිනු ඇස් අග...
සීතලේ ගැහෙන කඳුලක...
ජීවිතේ සතුට සමරමි ආදරේ කියා...
සාගරේ තරම් චන්චල...
ආකහේ දුරට පියඹන...
පෙම්හිතේ සුවඳ විඳගමි
ඔබ මගේ කියා...
පිච්ච මල් සුවඳ ගොඩකින්..
දෙතොල් පෙති පුරා තවරා
සුවඳ හාදුවක් ගන්නට
බලමි ඇස් අයා
හඩන්නට හදන අහසින්...
හැන්ගිලා බලන අඩසඳ...
ඒ ඔබයි බලා සැනසෙමි...
හිතේ දුක වසා

සමාවක් අයදිමි සමුගෙන යන්න කලියෙන්...

| | 0 comments »
අනේ සුදු ඔය පපුවමත..
මුව තියන් දහස්වර...
විදින්නට ඔබෙ සුවඳ
පෙරුම් පිරුවාද මම...
රෝසවූ දෙතොල්පෙති...
ආදරෙන් සිර කරන්...
විදින්නට ආලයේ මියුරුබව...
ගත් තැත බිඳුනි හැම විටම...
ඔබේ ලය උනු නොවුනු නිසවෙන්...
වෙනස් නොවුනු මගෙ හදවතින්...
නන්නාදුනනා ඔබට....
පෙම්කලෙමි හැමදාම..
ලන්වීමි මා සෙනෙහසින්...
බිඳෙන පතුමන් අතරින්,...
සන්සාරේ සිදුවූ පාපයක සාපයෙන්...
ගිනිගෙන දැවෙන හදවතින්..
ඔබෙ සෙනෙහස තනියෙන්ම සමරමි...
වියෝවක් දැනෙනා පාලු මොහොතෙදි..
පිටුපා ඉඟිකරනා සෙනෙහස...
මට අහිමි බැව් දැන දැනම ...
කඳුලු අතරින් මා පෙම්කළ ඔබෙන්...
සමාවක් අයදිමි සමුගෙන යන්න කලියෙන්...
සහස්පැතුමන් ගිනිගනිද්දී...

දිනු ලොව ජිවයක් නැති තරම්..

| | 0 comments »

නිදහසේ ඉගිල ගිය...
අහස් කුස උඩ හිඳම..
බලමිමානෙත් යොමා මේ ලෙසින්...
නිදහසේ වසන්නට නොහැකිලෙස ගිනිගන්න...
යුද බිමකි දකින්නේ මේ නෙතින්...
දුකයි හරි කියන්නට...
මහා ලක්පිම් බිමෙහි
ගිනි අවිලුනේ මෙලෙස කොයිලෙසින්
අහස යට පොලොව මත
මහ සයුර බෙදන්නට..
මිනිස් කැල අද දිනේ අවි අරන්..
මිලකරන්නට හැකිද...
අයිතියක් නෑ අපට...
බෙදන්නට
ලක්දෙරණ ඒලෙසින්...
ඇස් අයා යම්දිනෙක ...
බලනවිට...මිනිස් කැල
දිනු ලොව ජිවයක් නැති තරම්..

යමුනා ගන්තෙර සුදු සඳ දැකලා...

| | 0 comments »

යමුනා ගන්තෙර සුදු සඳ දැකලා..
හිනැහේ රැලි සිනහව නන්වා...
කුමරෙකු කුමරිය දෙනෙතෙහි රඳවා...
හිනැහේ රහසින් ඉඟිකරලා...
දහසක් බාධක අතරේ සැඟවී...
කුමරා කුමරිට පෙම්බැන්දා...
කුමරිය කුමරුට ලද ඒ දිනයේ...
සිහිනෙන් පෙම් මාලිග තැනුවා...
පෙම්සිත් උතුරා යන ඒතරේ..
කුමරී මෙලොවට සමුදුන්නා...
යමුනා ගන්දිය වියලුනු දවසේ...
කුමරා නෙත කදුලැල් බීවා...

නිහඬ ඔබෙ ඔය සොහොන ලග හිඳ

| | 0 comments »
අතීතයේ දවසක...
මල් වැහි වට හැන්දාවේ...
මගේ අතැගිලිවල එල්ලිලා...
මා සමග ඇවිද ගිය ඔබ...
මේ මූසල සැන්දෑවේ...
යලි නොයෙන ගන්මනක...

ගුරුපාට මිනී පෙට්ටියක..
සුදුපාට දිලිසෙන ඇතිරිල්ලක...
ලොවම නිදිපෙර යාමයේ...
ඔබෙන් සැනසුම ලබූ කොල්ලව...
දැකගන්න ආවෙ මෙහෙමද..

ඔබ අහිමි වුනේ මටයි...
අන් අය හැඬුවෙ මන් හඩන නිසයි...
අනේ..වටකුරු ඔය සිනා මුව
අයෙත් නැ මට දකින්නට...
හැඩෙන්නේ මට ඒ සොවින්...
ඔබේ සීතල ලැමට තුරුලුව...

නිහඬ ඔබෙ ඔය සොහොන ලග හිඳ..
පිස්සුවෙන් මෙන් හඬන මන් අද...
පතන්නෙමි තව එකම පැතුමක්...
මතු බවෙත් ඔබ මගෙම වන්නට..

මගෙ ලෝකය පාලුයි

| | 0 comments »

ගෙවෙන තත්පරෙන් තත්පරේ
අතීතයට එකතු වේවි
වෙනද වගේම ඉර පායාවි
ඒ ඉර හන්දැවේ බැසයාවි...
බැස යන අහසට තනියක් නොදැනේවි
සඳ නැග ඒවි.....
එත් මගෙ ලෝකය පාලුයි...අඳුරුයි...
ඔබ මා ලඟ ඉද්දිත්...
මට පාලුයි...
තනියි
...
මේ ජීවිතයේ මට හුස්ම ගන්නවත් ඉඩක් නැතිවෙලා...
මන් පැරදිලා..
මන් මිරිගුවකට රැවටිලා..
එත් මන් තාමත් ඔබට ආදරෙයි...රත්තරන්...

ඔබ දෙහදක් ලඟ සරණු සිතින්

| | 0 comments »

අලුයම එව් කෙටි පනිවිඩයෙන් ඔහු හැගුම් කියනවා ලොවට හොරෙන්
සැනින් අවදිවී සිනා සරින් ඔබ හැගුම් විඳිනවා සැමට හොරෙන්
අනේ අහින්සකි තාමත් නිදි ඇති මාත් සිතනවා දුරක ඉඳන්
දවස පටන්ගෙන බොහෝ දුරක් ගොස් මා අමතනවා බිඳුනු නඳින්

මුවින් ලන්ව ඔහු සෙනේ නොකිව්වත් නෙතින් කියනවා නොවෙද හැඟුම්
ගතින් ලන්වුනේ නැතත් තාම ඔහු ඔබව පතනවා නොවෙද සිතින්
මා දුක් විඳ විඳ සෙනෙහස පෑවට ඔබ දෙහදක් ලඟ සරණු සිතින්
දැන දැන කෙලෙසද බලන් ඉන්නෙමා ඔය සිත ඔහුටද යාවි සිතන්

සඳ සාවි තනිවීල සිතන් මන් බැලුවෙමි සඳටම ලන්ව ඉතින්
සාවි තනිව නෑ තරුවක් ලන්වී තනිරකිනාබව දිටිමි සිතින්
බොහොදුරක් ඔබ සමග ඇවිත් මා ආපසු යන්නේ කෙලෙස ඉතින්
මා සතු උයනෙන් පිටට නැවෙන මල නෙලාගන්න ඔහු ඉදී බලන්