ආදරේ තරමෙ විස්කම්,,

| | 0 comments »
රිදී සේල ගෙත්තම්,,,බැඳී මාල රන්දම්,,,
රැඳී ප්‍රේමෙ වත්කම්,,,විඳී මහද හැඟුමන්,,,
රණේ රුවක සිත්තම්,,,කළා වාගෙ ඔබනම්,,,
මගේ වීලා නැකතින්,,,විඳී මහද හැඟුමන්,,,

නෑසියෝ යහලු මිතුරන්,,,පාකළා අසිරි හසරැල්,,,
ගී සිලෝ නාද අතරින්,,,මා එබී බළමි රහසින්,,,
රන් හුයෙන් බැඳුනු සුරතින්,,,අපි අපේ වීල මෙළෙසින්,,,
දිනූ ප්‍රේමෙ සුවදුන් ,,,ඇරඹුමේ සොඳුර ඔබමයි,,,

ආදරේ තරමෙ විස්කම්,,පීදිලා දෑසෙ කැල්මන්,,,
ඉනූ කඳුලෙ රස්නෙන්,,,දැනේ ප්‍රේම අභිමන්,,,
මාලතී මාල පින්නෙන්,,නැහැවෙනා සප්න රැයකින්,,,
පීදෙනා මිහිරි  රැඟුමෙන් ,,,යාවෙලා රඟමු රැඟුමන්,,,

ලතැවුල් නොමවේවා තෙරුවන් සරණේ,,,

| | 0 comments »
රෑ පුර අහසෙහි තනි තරුවක සෙනෙහස නුඹටයි,,,
මේ මo සළකුණු මා හැරදා ඔබ යන වගටයි,,,
පෑ වසන්තයම වියැළෙනමුත් ඔබ යනු නියතයි,,,
මේ දෙනෙත් අගින් ගිළිහෙන වැසි ඔබෙ පෙරමගටයි,,,




දුක ළඟ ගිමන් නිවූ,,,සතුටක උයනේ,,,
ඔබ හරි සුවඳයි මට අදටත් මහදේ,,,
සුව දුන් හාදු දියෙන් නැහැවුනු ලැමදේ,,,
ගැහි ගැහි රිදුම් ගේන උල්පත ඔබ වේ,,,


නෙක තුරු උයන් පුරා සක්මන් ගමනේ,,, අත්වැල් බැඳන් ගියා ආදර ගමනේ,,, මා හැර ගියා වුනත් මේ දුක අතරේ,,, ලතැවුල් නොමවේවා තෙරුවන් සරණේ,,,

සමනල් රූ කුමාරිකා ලන්දූ

| | 0 comments »

හීනයක රුවින් මා විඳපු හැඟුම්,,,

| | 0 comments »

තරු අරණ යටින් ඔබ පෙනුනා දුරින්,,,
දෙව්ළියක ලෙසින්  මට සිතුනා සරින්,,,
හීනයක රුවින් මා විඳපු හැඟුම්,,,
නුඹ වඩින තුරා මම පිරුවා පෙරුම්,,,

සඳ කිරණ නුරා මල් පිපෙනා සරින්,,,
රෑ සිහිනේ පුරා ඔබ රඟපූ රැඟුම්,,,
නෙතු දාර පුරා තුටු කඳුලු මැදින්,,,
සිත සැනසී පිරේ රස මියුරු හැඟුම්,,,

කඳු යාය දිගේ  මිදු සේද අරන්,,,
සිත් යාය පුරා පින්තාරු කරන්,,,
රන් සිහින විමනෙට මාව අරන්,,
ඔබ යන්න හදයි මගෙ හීන අරන්,,,

නොමියෙන ගුණ කඳ...අම්මා

| | 3 comments »
නෙලුම් විලක සුව සුමුදු  ඇකයෙ දී ,,,
මලක් ලෙසින් ගෙන නිම්මා...
ලෙයින් ඉණූ කිරි සෙනෙන්  දරුවෝ තැනු,,,
 නොමියෙන ගුණ කඳ  අම්මා,,,

අමාවකට පසු අහසක්,,, දුකින් ඉන්න හැම වාරේ,,,
පුරා සදක් සේ පායා ,,,එළිය කළා මුළු ලෝකේ ,,,
නිමා නොවන ඒ ගුණ කඳ,,,
වෙනස් නොවෙන අම්මා,,,ගෙදර බුදුන් අම්මා,,,

දරාගන්න බැරි කාලේ,,,පාලු මකා හිත මානේ ,,,
කදුළු බිබී ළඟ ඉන්නා එකම හදකි තුන් ලෝකේ,,,
දෙපා වඳිමි හද බැතියෙන,,,
සුවඳ ඔබයි අම්මා,,,ගෙදර බුදුන් අම්මා,,,


යළි නෑ මාගෙ ලෝකේ,,,දැල්වූ පහන් ලෝකේ,,,

| | 4 comments »
දුක් මoදාරම් වැහි හිතට උඩින් වැටුනා,,,
හිත් ගoගාවක දිය නෙතට යටින් ඉනුවා,,,
තෙත් හිත් යායෙම මල් මිලින වෙමින් වැටුනා,,,,
මට ලoවී උන් ඔබ දුරක හෙමින් ඇදුනා,,,


සoසාරෙම දුර පාරේ,,,ඔබ මා එක්වයි ආවේ,,,
මo සළකුණු හිත් මානේ,,,පමණයි මට අත්වූයේ,,,,
ඔබ නෑ අයෙ එන්නේ,,,සිත නෑ වාවගන්නේ,,,

සාලිය මාලා වාගේ,,,සක්මන් අප ගිය කාලේ,,, ඔබ දන් දුන් පෙම මාගේ,,,සිතුවිළි පාරයි ආයේ,,,, යළි නෑ මාගෙ ලෝකේ,,,දැල්වූ පහන් ලෝකේ,,,

මාත් අසරණ වුනා,,,මාත් අසරණ වුනා,,,

| | 0 comments »
නිසල රෑ පුරා,,,වැතිර ඈ නුරා,,,


හැඟුමින් මිදී,,,කඳුලින් ගිලී,,,

මුමුණලා කී කතා,,,අසාගෙන උන්නා,,,

සසළ හැඟුමින් මෙමා,,,


යහන දෝතින් හදා,,,

පැතුව සැනසුම සොයා,,,

කළත් ඇරයුම්,,,හඬන දෑසින්,,,

නොවේ හැඟුමන් ලඟා,,,නොවේ හැඟුමන් ලඟා,,,



මුහුන දෑතින් බදා,,,

ලයෙහි ගැහෙමින් රඳා,,,

විඳත් ඉහිලුම්,,,පෙමින් වෙලෙමින්,,,

මාත් අසරණ වුනා,,,මාත් අසරණ වුනා,,,



රිද්මේ ගැලී රඟන සප්නේ රැයයි අපේ,,,

| | 0 comments »
සන්ධ්‍යා නිශාවේම චන්ද්‍රා දිලී දිලී,,,
නoවාවි ප්‍රීති බෝම හෘදේ මවා රසේ,,,
උම්මාදිනී මිහිරි පෙම් ආසනේ රැඳී ,,,
නoවාවි නේත්‍ර කැල්ම ආරාධනා සිතේ,,,


ලoවීලා හන්ස පද්ම මල් රේණුයේ විතේ,,,
ශෘoගාර ප්‍රේම රoගනේ නුඹයි මමයි ප්‍රියේ,,,
සන්ත්‍රාසයෙන් බලාන ඉන්නා දෙතොල් පෙතේ,,,
මo ආදරේ පෑවෙමී වැතිරිලා ලැමේ,,,

රත්නාලි වර්ණ ලේප ගල්වා ඔබේ ගතේ,,,
දෙව්ලී වගේ වඩිද්දි හoසාවිනී මගේ,,,
නැoවූ සිනාවෙන්ම දැල්වූ දෙනෙත් පෙලේ,,,,
රිද්මේ ගැලී රඟන සප්නේ රැයයි අපේ,,,
| | 0 comments »
මේ නුවර ඉම,,,මල් සුවඳ ගෙන,,,වැව් තලය සිඹ එන සීතලේ,,,
මල් සුවඳ ගෙන මා වෙතට එන,,,ඒ සුමුදු මුදු මගේ ආදරී,,,
සිල් සුවඳ රැඳි මන්දිරය වෙත එන විටක අද වුව මේ හිතේ,,,
නොදැනීම වුව ,,,මතකයට එන මල් කුමරි ඔබ කොහි සැඟවුනේ,,,


හන්තාන දෙස නෙතු යොමන විට,,,
සුසුමක් දුවයි කඳු මාවතේ,,,
ඒ සුසුම යළි සන්වේදනාවෙන් ,,,
කඳුලු දෙයි නෙතු තීරයේ,,,



උඩු නුවර දුර රැඳි කඳුලු කලුවක,,, රැඳුන ගැබ්බර ප්‍රේමයේ,,, පිවිතුරු පැතුම් එකිනෙක අරන්,,,
ඔබ මට ඉතිරි කළ ජීවිතේ,,,

ගැට නාරී නුඹ හැඩකාරී

| | 2 comments »
ගැට නාරී නුඹ හැඩකාරී,,,
මා හා හිනැහුන සුකුමාලී,,,
පෙම් සාරී හදවත යාවී,,,
මට වෙනවද පන සුව භාරී,,,


රතු සාරී ගත පටලාවී,,, ඉඟ සුඟ ලඟ කැටයම් බේරී,,, ඉවසාපන් හදවත වාවී,,, මල්සර නැටුමට හිත යාවී,,,   පිණි බේරෙන මල මත පාවී,,, මම වෙන්නම් බමරිඳු මාලී, නිලි නිළියෙන් දඟලන රේණූ,,
,,
කිති කවුනොත් නුඹ පිoකාරී,,,

හිත් මත කකියන දුක් ගිණි රාවය තත් අතරේ වැයුනා

| | 4 comments »
හිත් මත කකියන දුක් ගිණි රාවය තත් අතරේ වැයුනා,,,
ඇස් යට විඳවන දුක්වන කඳුලට නෙතු පියවිළි වැසුනා,,,
ඔබ නෑ ආයෙ එන්නේ,,,දුක මා යාව ඉන්නේ,,,


ගැස්සෙන ඇහැරෙන සිතුවිළි රැඳි සප්නේ,,,
ඉස්සර වෙනවා ඔබ ගැන හද ගැස්මේ,,,
සඳ රෑ තාරකාවී,,,නිදි නෑ මහද යහනේ,,,

ඉස්සර සෙනෙහස ඔබ ගැන දුන් මතකේ,,,
රoපට ගිළිහී මියැදුනි පෙම් සිහිනේ,,,
මා හා ආව සාවී,,,යළි නෑ මාගෙමාලී,,,

මා පෙම් කළා පිරි නිල්දියේ තඹරුන් සොයා,,,

| | 0 comments »
සුදු හාමිනේ නුඹ සැතපුනා පපු තලාවේ,,,
දුක යාවුනා මට ආදරේ නැති වෙලාවේ,,,
නෙතු සේදිලා පිරි කඳුලු ගිළිහෙන වෙලාවේ,,,
හද පෑරුනා කටු විසට මල් නැති අවාරේ,,,


නෙතු දිහා බැලුවත් සිනා මල් සඟවලා,,,
දුක නෙවෙයි ඔය පෙරෙන්නේ තරහක සෙයා,,,
මහ රැයේ වුව නොනිදනා සිතුවිළි පුරා,,,
ඉකි බිඳියි සිත විඳිමි තනිකම් රෑ දිවා,,,

සිත් යාවෙලා ආ දුර පුරා කිඳුරoගනා,,,
මා පෙම් කළා පිරි නිල්දියේ තඹරුන් සොයා,,,
සඳ බැස නොයාමුත් කලුතලා තවරා තියා,,,
ඇයි හැඩිකළේ සිත් අහස් ඉම වැහි ඉහිරිලා,,,,

ඔබ දමා යන්න මට සිදුවුනා,,,

| | 3 comments »
ඔබ දමා යන්න මට සිදුවුනා,,,සමාකරන් සුදු මැණිකේ,,,
ආදරේ ගොඩක් මම දිය කළා,,,මුතු කඳුලුවලින් ඔබෙ දෙනෙතේ,,,
කාලයක් ගියත් මට සිහිවුනා,,,ඔබ වින්ද වේදනා රහසේ,,,
ආ දුරක් නිසා මා තනි වුනා,,,ඔබ වගේ කෙනෙක් නැති ලෝකේ,,,

නෙක නෙක විසිතුරු  මුකුලිත කුසුමන්
කොතෙකුත් පිපුනා නෙතු මානේ,,,
එනමුදු නුඹෙ මුදු සියුමැළිකම් නෑ,,,
ඒ නෙක මල්වල කටු රැඳුනේ,,,

පොත් පිටු අතරේ සඟවන් පිදුවා,,,
මතකයි ඔබෙ කුලුඳුල් ප්‍රේමේ,,,
සිතුවම් මලුවේ සටහන් ඉතිරියි,,,
අතහැරුනත් සුවඳයි සිහිනේ,,,

මුවැත්තියකට නොතෙරුනුමුත් ජීවිතේ,

| | 2 comments »
එදා වාගෙම අදත් මගෙ වූ ආදරේ,,,
රටා හැඩිකර යනෙන හැoගෙන සoහුරේ,,,
වාන් දැමු ඒ මිතුරුකම් දියකර දියේ,,,
යටින් හoගා ගෙනා ගෙනා ගින්දර හදවිලේ,,,

මුවැත්තියකට නොතෙරුනුමුත් ජීවිතේ,
හිතින් වින්දා දෙනෙත් තෙත් වූ ආදරේ,,,,,
දමා යන්නට නොහැකිමුත් ඔබ මාවතේ,,,
අරන් යන්නත් ඉතින් කොයිවෙද මේලෙසේ,,,

හරස්වෙන විට අතරමැදි ගල් කුළු එසේ,,,
ගඟක් වුව හඬ හඬා ගැලුවා යයි සිතේ,,,
අපේ වෙන්නට පිනක් නැතිවග මේ භවේ,,,
නිතර දැනුනා රිදුම් දී තැලෙනා හදේ,,,

ගෙවන්නී පව් මැෂිමටම දියවී,,,,

| | 4 comments »
වියන්නී සලු අතින් ගෙන යුවතී,,,
හඬන්නී ඇය ලොවට නෙතු නොමදී,,,
දුවන්නී එක් නැවතුමක් නොමැතී,,
හිඟන්නී නිසි පනම් අත නොමැතී,,,


අඳුරු මඟ රැකවලින් රුදු මිතුරූ,,,
නුරා දෙනුවන් වනයි ඇරයුම් ගී,,,
යදම් නැති හිත් මුලාවෙන් රැවටී,,,
අනේ අහුවෙයි බසට නොමිනිස් හී,,,


දුවන්නී රෑ දවල් ගැන නොදනී,,,
කැදැල්ලක් නැති කිරිල්ලී සොවිනී,,,
තැවුල්මැද දිවි ගෙවන්නෙත් සොඳුරී
ගෙවන්නී පව් මැෂිමටම දියවී,,,,

අද නැතත් ඒ දෙවටෙ යන්නට ඔබ,,,

| | 0 comments »
මල්කිණිති මත මුතු පිණිති ඉහිරුන,,,
හිමිදිරියෙ දුටු සුවඳ සුදු මල  ඔබ,,,
පොත් මිටිය මුදු ලැමට තද කරගෙන,,,
මා ලඟින් හැමදාම පාසැල් ගිය,,,

සුදු ගවුමෙ රැළි නිතර පිරිමැද මැද,,,
කෙළිදොලෙන් කී කතා සිහිවෙන විට,,,
අද නැතත් ඒ දෙවටෙ යන්නට ඔබ,,,
හිත විඳින දුක වුනත් මිහිරියි මට,,,

දිය කඩිති ලඟ අතින් සුදු ගෙන මම,,,
පැනපු පිම්මට වඩියෙ දුර ඉගිලුන,,,
මිහිරි හැඟුමින් නැහැවු ඔබ නැති මග,,,
කඳුලු පැන්නා මතක්වන ඉඳ හිට,,,

දැන් ඉතින් අලුත් ජීවිතයකි සුන්දරී,,,

| | 2 comments »
රන් මාල වළලු ගිළිහුනාට සුන්දර මොහොතින්,,,
අපි සෙනේ පුරමු මoගල රෑ පෙම්බරී,,,`
සඳ හිනාවුනත් හෙමින් ඇවිත් එබිකම් දෑසින්,,,
ඔබ තුරුල්වෙන්න මගේ සඳ රාජිණී,,,

හඬ නගා කියන්නට බැරිමුත් සුන්දර පහසින්,,,
සනසෙන්න දිනක් උදා වුනා මේ ලෙසේ,,,
පෙම් සිනා පුරන මනාළි  මා සන්තක මොහොතින්,,,
නෙතු වැසී ගියා නුරා කැලුම් රoගනේ,,,

යා වෙලා දෙසිත් මගේම වී ආ කුලකුමරී,,,
දැන් ඉතින් අලුත් ජීවිතයකි සුන්දරී,,,
නෑසියෝ රහස් විමසයි හෙට ලoවී ප්‍රේමී,,,
හරි ආදරයෙන් ඉන්නේ අපි මියුලැසී,,,

දමයන්ති ප්‍රේමෙන් දිනන්නා

| | 0 comments »
නිසයුරාණෙනි...ආකාශයේ පායනා,,,
විසිරෙනා බිඳු තාරුකා ගගනතේ පීදෙනා,,,
ලොව  වෙලා උන් ගණදුරේ දිදුලලා පායනා,,,
යුරු බලා නල හිනැහුනේ කුමරි ගැන සිහිවෙලා,,,

හසරුන් ලවා,,,පෙම් පත් යවා,,,ස්නේහ  නින්නාද දීලා,,,
තඹරුන් සොයා බඹරුන් ගියා  සේම නල කුමරු ඉගිළී අදෙන්නා,,,
වශ්‍රීක දැහැනේ බැඳීලා,,,,,,,ස්වයoවරයෙ කුමරි රඟන්නා,,,

දෙවිදුන් පවා පෙම් දම් පුරා ,,,නල සේම සිවුරූ මවාලා,,,
විපරිසකළා ,,,දෙවඟන නුරා යාව,,,,,,කුමරියද කඳුළින් යදින්නා,,,
දෙවිදුන්ගෙ හදවත තෙමෙන්නා.,,,දමයන්ති ප්‍රේමෙන් දිනන්නා

කියන නොකියන හැඟුම් මා වෙනුවෙන්,,,

| | 0 comments »
සුවඳ යාවුනු සුළඟ මා වෙනුවෙන්,,,
ගෙනෙයි හී සර මළෙවි මල් දුන්නෙන්,,,
නටන දෙනයන සටන ආදරයෙන්,,,
කියන නොකියන හැඟුම් මා වෙනුවෙන්,,,

පිපුනු දෙතොලෙහි රැඳුනු සීතල පැන්,,,
යදියි මුමුණයි හඬන සිත සනසන්,,,
සෙනේ ගඟුලක රුවල් ඔරුවක්වන්,,,
නිතර ගෙනදෙන දසුන මගෙවේනම්,,,

සිහින නිම්නෙක සිනා වපුරන් මo ,,,
බලා උන්නත් කල්පයක් දුර දැන්,,,
සඳලු තලයට දුරයි සඳ මනරම්,,,
නෙතින් ගෙන නුඹ සිතින් විඳිනෙමි පෙම්,,,

ලොවට හොරෙන් අපි හැඬුවා වෙන්වුනත් පෙමින්,,,

| | 4 comments »
ආදරය සොයා සිසිල් දිය යටින්,,,
රාගයෙන් වෙලුණු උණුසුමත් අරන්...
පීනලා සෙවූ පැතුම් සිත් යදම් ...
ගිලිහිලා ගිහින් කාලයත් අරන්,,,
ගිළිහිලා ගිහින් ආ දුරත් අපෙන්,,,

ඉන්න තුරා රන්ඩුවුනා සොඳුරු පෙම යටින්,,,
නින්ද සොරා යන්න ගියත් නුඹයි මගෙ කුසුම්,,,
සින්න කඳුලු සිර කරගෙන පිට කලත් සුසුම්,,,
බැන්ද සුරත ගිළිහුනුදා මිය ගියා පැතුම්...

වින්ද සුවඳ මතක අතර යටවෙලා රැඟුම්,,,
ගින්න වගේ හද දැවුනා ඔබ නොමතිකමින්,,,
ලoව ඉන්න පින නැතිවට අතිවුනත් ගැටුම්,,,
ලොවට හොරෙන් අපි හැඬුවා වෙන්වුනත්  පෙමින්,,,