සරසවියට පිය නගිනා මාවත,,,

| | 2 comments »
සරසවියට පිය නගිනා මාවත,,,
එදා මෙන්ම සුවඳ දේවි රහසෙම,,,
මහවැළි ගo දිය කොමළිගෙ තාලෙට,,,
නුඹ ආගිය හැටි සිහිවෙයි මාහට,,,

බහිරව කන්දට අතැඟිළි දිගුකොට,,,
තෙපලූ හැටි මතකයි දිවුරා ඔබ,,,
ආදර නිම් හිම් සිතුවිළි යායක,,,
වැතිරී පෙම්කළ අප අසරණ අද,,,

එක කුඩයක් යට ලoවිගිය දුර,,
දෙතැනක තනිවිය එක ඉර හඳ යට,,,
බාදක මැද ආදර කඳු යායම,,,
නාය ගිහින් කඳුලු දියෙන් සේදුන,,,,

අම්මා කෙනෙක් ඔබත්,,,පින්නැති වුනා වුනත්...

| | 2 comments »
අම්මා කෙනෙක් ඔබත්,,,පින්නැති වුනා වුනත්...
ලෙoගතුවුනේ මව් සෙනෙන්,,,
දුක් විඳ විඳා වුනත්,,,මහ මග සිඟා යදිත්,,,
මග බැලුවෙ දරුවන් එනතුරා,,,

සිත් ඇති දනන් හුගාක් ,,,ඒ මඟ ගියා වුනත්,,,
රැඳුනේද මොහොතක් හද තෙතින්,,,
දහදිය ලෙයින් හුඟක්,,,පුද දුන් කෙනෙක් ඇවිත්,,,
සනසාවි අම්මා ලෙසින්,,ලoවෙලා,,,

ලoවුනු දේඅත් මතින් ,,,පිo දෙන මවක් හඩයි,,,
දරු සෙනෙහසින් උණුවෙලා,,,
ඇතැමෙක් දුරින් හිඳන් නොබලා බලා ගියත්,,,
මනුසත්කමින් පිරිහිලා,,,,

රණගිරවියේ නුඹේ සෙනෙහසට පින් මදි,,,

| | 0 comments »
රණගිරවියේ නුඹේ සෙනෙහසට පිo මදි,,,
ඉගිලුනත් සිත ලඟින් නුඹ  මට උරුම නැතී,,,
සෙනෙහසින් සිත් දෙකක් යාවුනා දුර ඇතී,,,
සමාකරන් වෙන හිතක් මට හිමී,,,

කඳුලු දුක් ගොඩක් වින්දෙ මා නිසා,,,
ආදරේ ඇගෙන්  මා විඳිමි සිත් පුරා,,,
සාවියක් වගෙ සිතක් මට ආදරේ නිසා,,,
සමකරන් මා හිඳිමි ගොලු වෙලා,,,

සිතුම් විහඟ රොන් නුරා සොයනවා,,,
නුඹේ දෙතොල් පෙම් සිනා පුරනවා,,,
යදම් බිඳිනු බැරි සිතින් තැවෙනමා,,,
ඔබේ සෙනෙහසත් සිතින් විඳිනවා.,,,

ලoව ඉමු අපි වඩිනු මැණ දුක්ගිනි නිවා,,,

| | 0 comments »
සිඟන්නී මා ඔබේ සෙනහස සොයන්නී,,,
හඬන්නී මා ඔබෙන් සැනසුම පතන්නී,,,
යදින්නී මා ඔබේ උනුසුම යදින්නී,,,
රිදෙන ඉකිහඩ ඔබම වෙනුවෙන් ගැහෙන්නේ ,,,,

පින්න තැවරුනූ ඔබේ නෙතඟේ පෙම්සිනා,,,
සින්න දුක් දී කළේ නෑ වරදක් මෙමා,,,
යන්න මාගෙන් සැරසෙන්නෙ ඇයි දැයි කියා,,,
නින්ද අතරෙත් විඳින දඬුවම් නෙත් අයා,,,

කන්ද උඩුරුව බුදුන් පාමුල වැතිරිලා,,,
හඬමි තාමත් ඔබෙ නමින් කඳුලක් පුදා,,,
බැන්ද සුරතට වෙන්නෙපා වියොවක් මෙදා,,,
ලoව ඉමු අපි වඩිනු මැණ දුක්ගිනි නිවා,,,

ජීවිතේ හරි පුදුමෙකැයි සිතෙනා,,,

| | 0 comments »
ජීවිතේ වාලුකා තීරයේ...හමුවුනේ ඔබ ,,,
අසනි වැසි වට යොවුන් වස්සානයේ,,,
ගිමන නිවෙනා අසපුවේ,,,
රැඳී උන්නා සොඳුරු සක්මන් මල්මාවතේ,,,

ඇරඹුමයි සතුටේ සිතූ මුත්,,,ගිනිය හැකි නෑ,,,
කඳුලු කැට අද මග දිගේ හැලෙනා,,,
අපි සිතින් හඬනා,,,
ජීවිතේ හරි පුදුමෙකැයි සිතෙනා,,,

ආදරෙන් සිත් නතුවුනත්,,,ගිලිහෙනා හැටි,,,
සොම්නසින් පිරි කාලයේ සිනහා,,,
සිත් තැලී හඬනා,,,
ආදරේ හරි පුදුමෙකැයි සිතෙනා,,,

ආල නියාවෙන් රස නුරා ,,,,

| | 0 comments »
නීල නයන නෙතු රඟනා විළාසිනි,,,
නාරිලතා මල් පිපිලා සිනාසුනි,,,
කෝල බැලුම්දී ...ආල හැඟුම් දී ...
කීව කතා මoමත් කළා සිත,,,
ආල නියාවෙන් රස නුරා ,,,,

මාන බලා නුඹ උන් දිහෑ නෙතු,,,
ආවා ගියා නිතරම සෙනේ තතු,,,
පෑව සිනා වසඟෙට  වෙලා නතු,,,
රූප ශ්‍රියා  නුබ හැඩ කළා සිතු....
රූප ශ්‍රියා නුබ හැඩ කළා ....

දෑත සළා යන හoසියක හැඩ,,,
විඳි මෙමා දුර සිට නුඹේ රඟ,,,
නේත්‍ර විළේ දිය සඳ රැසින් තෙත,,,
යාත්‍රා කළා තිසරුන් සොයා සිත,,,
යාත්‍රා කළා තිසරුන් සොයා,,,,

ඕලු පිපෙන්නේ වැව් දිය ඔබටයි,,,

| | 2 comments »
ඉස්සර හමුවූ ගුරු පාරේ අපි,,,
අත් වැල් පටලන් බැඳුනු පෙමින්,,,
සිනා පිරූ හැටි,,,සෙනේ පිරූ හැටි
අමතක නෑ  මා සිතක පැතුම්,,,
එනමුත් ඔබ අද ගමෙන් දුරස්වී,,,
අතීතයම අමතකව ගිහින්,,,,

නීල ජලේ පිරි වැව් දිය කෙළියේ,,,
නුඹ සමගින් පෙම්ගී ගැයුවේ,,,
මාල බඳින්නට ඔබ තව නාවත් ,,,
ඕලු පිපෙන්නේ වැව් දිය ඔබටයි,,,
ඕලු පිපෙන්නේ වැව් දිය ඔබටයි,,,

ගාන තෙල් සඳුන් ඉසර නොව අද,,,
නෙතු පිය තොල් හිස පාට වෙලා,,,
දෑස රිදෝගෙන බලාන උන්නත්,,,
පැතූ වසන්තය මල්පෙති ගිළිහෙයි,,,
පැතූ වසන්තය මල්පෙති ගිළිහෙයි,,,