පියවර පොඩි ගලපන පා රිදුනද පුතුනේ,,,

| | 3 comments »
කිරි දතකින් සිනාසලන රන්කිරි පුතුනේ,,,
පියවර පොඩි ගලපන පා රිදුනද පුතුනේ,,,
සුදු කොපුලේ විකසිත කුසුමේ,,,
ඇරයුම මව් පියනට සිපගන්නටවේ,,,

කසු කුසු දෙතොලේ පවසන වදන්,,,
නොදනි ත් කදිමයි අත්පුඩි තලන්,,,
පියෙකුගෙ හසරැල් පුතෙකුන් උපන්,,,
රැඳුනේ හුස්මත් මව් පිය ලඟින්,,,

සිත පිරි හැඟුම් කඳුලින් ගලන්,,,
කිරි වුනි ලැමක් මවකගෙ ලෙයින්,,,
හිරු සඳු නැතත් පියෙකුගෙ හිතින්,,,
සැනසේ සිතක් දරු සෙනෙහසින්,,,

දුක් සුසුම් නිම වී මාගේ නෙක පැතුම් පීදිලා,,,

| | 3 comments »
පිoසාර නෙතු මත නිල්ලේ,,,සුබ දසුන් පීදිලා,,,
මල් යාය මගෙ හද නිම්නේ,,නුඹ නමින් පේවිලා,,,
සoසාර මග අරුණැල්ලේ ,,,සෙනෙහසින් යාවිලා,,,
දුක් සුසුම් නිම වී මාගේ නෙක පැතුම්  පීදිලා,,,

හන්තාන  මුදු කඳු නිල්ලේ,,,ලo ලoව යාවිලා,,,
දඟකාර සිත හද ගැස්මේ සුසුමකින් නෑවිලා,,,
නුඹ පෑව සෙනෙහස අතරේ උණු කඳුලු බේරිලා,,,
අප ආව ගිරි දුර අරණේ ඇති සුසුම් පාකලා,,,

නිම්නාද විහඟුන් රාවේ හඬ තලයි රෑ වෙලා,,,
රන් තාරු මත ඇතිරිල්ලේ සඳ රැසින් නෑවිලා,,,
පෙම්පාට නෙක හසරැල්ලේ දෙනුවනින් කී කතා
පින්තාරු හද සැරසිල්ලේ මගෙ සිතින් භාවනා,,,

මල් මී පැණි ඉතිරූ සකුරා බිමේ,,,

| | 0 comments »
මල් මී පැණි ඉතිරූ සකුරා බිමේ,,,
යුකි කඳු මත පිපි කුසුමන් පෑ සිනා,,,//
වගේම නිල් නෙතු නටවා හොරෙන්ම,,,
මා මන බැඳුනේ,,,ඔබයි ප්‍රියේ,,,

නිකැළැල් සෙනේ,,,සකුරා මලේ
රැවටී නොදෙම් ආදරේ,,,
හසකැන් මුවේ කොඳුරයි සෙනේ,,,
දුරකින් රැඳී යාවීහිඳී,,,

හිම මල් පෙතේ දිලෙනා රුවේ
හදෙහී හැඟුම් මා කෙරේ,,,,
බැඳුනයි සිතේ එනමුත් නගේ,,,
බිරිඳයි  සදා  ආදරේ,,,

සසර මගේ ලඟ,,, කවුරුද ඔබ හැර,,,

| | 0 comments »
සුවඳ සිනා මල්,,, වත කමළෙ පිපෙන විට,,,
රත්තරන් නෙත් මතින් ,,, ඔබ කතා කරන විට,,,
සන්සුන්ව තිබූ සිත්,,, දැහන් බිඳෙන විට,,,
ආදරේ සොයනවා,,, මා ලගින් ඉන්න සඳ,,,

ජීවිතේ වන්දනා,,, ගමනේ යන්නට,,,
නීල නෙතු මතින් බාවනා වඩන්නට,,,
සොඳුරු සිනා ලඟ,,,, මට සැනසුම දෙන්නට,,,
එන්න ප්‍රියේ හෙට,,, දිනෙක  අපෙයි අප,,,

ආදරේ පුදසුනේ,,, මහමෙරක් තරම් උස ,,,
නේක කඳුලු දුක්,,,අතරේ නොසැලුන,,,
රැකගෙන ඉන්නම් සදා පෙමින් ඔබ,,,
සසර  මගේ ලඟ,,, කවුරුද ඔබ හැර,,,

නීල අහසට අඳුර එනමුත්,,,

| | 0 comments »
හුදෙකලා වූ යෞවනේ,,,
ගිමන් සොයනා ගොම්මනේ,,,
පාලුවීමුත් සිතුම් විල්තෙර ,,,
මමත් උන්නා සoවරේ,,,
සඳක් සෙව්වා අම්බරේ,,,

කෝළ මුත් සිත් විල දඟයි,,,
නිතර පාරන රැළි නටයි,,,
සදාගන්නට ඇවසි මුත් සිත,,,
ගෙනෙන වැසි දිය නෙතු තෙමයි,,,
තාම මා සිත තනිවමයි,,,

ආල සකි සඳ දුර හැඩයි,,,
පාලු වූ යටි හිත හඬයි ,,,
නීල අහසට අඳුර එනමුත්,,,
බියක් නෑ සඳ එනවමයි,,,
මාගෙ පින් සිත මග බලයි,,,

අප්පච්චී එන්නකො දැන් ගෙදර,,,

| | 2 comments »
පුන්චි දූට දුක හිතුනා,,,
අප්පච්චී එන්නේ නැති හින්දා,,,
අම්මා රෑ ඉකි බින්දා,,,
නින්ද නැතිව දුක වැඩිකම හින්දා,,,
දුක වැඩිකම හින්දා,,,

යුද්ද කතා ඇහෙනකොටම
බය හිතුනා අම්මට වාගේම,,,
අන්තිමටම යනදවසෙත් නොකිය ගිහින්
මන් නිදි අතරේම,,,
අප්පච්චී එන්නකො දැන් ගෙදර,,,

සෙලම් බඩු එපා දූට ,,,
ඉන්නවන්ම් අප්ප්ච්චී ලගම,,,
උතුරුකරෙන් එනතුරු අපි බලන් ඉන්නෙ
වැට කඩුලල දෙසම,,,
අප්පච්චී එන්නකො දැන් ගෙදර,,,

කාගේ වීමුත් ඔබ එදා මගෙ පෙම්වතී,,,

| | 0 comments »
කාගේ වීමුත් ඔබ එදා මගෙ පෙම්වතී,,,
කොහේ උන්නත් තුටින්නම් එය මට ඇතී,,,
කාගේ වීමුත් මා එදා ඔබෙ පෙම්වතී,,,
දුරින් උන්නත් සිතින් මතකය නොමියෙතී,,,
කාගේ වීමුත් ඔබ එදා මගෙ පෙම්වතී,,,
කාගේ වීමුත් මා එදා ඔබෙ පෙම්වතී,,,

ගෙවූ කාලය ජීවිතේ,,,උයන් තුරු යට රැඳි යුගේ,,,
සිනා හසරැල් ,,,කඳුලු මුතුළැල් ,,,
ලන්ව වින්දේ සෙනෙහසේ,,,,
නොවේ යළි විඳි පෙම් සුවේ,,,උරෙන් හිස රැඳවුනු යුගේ,,,
සෙනේ ගඟුලැල්,,,පිරූ පැතුමන්,,, බිඳී වෙන්වූ අප සෙනේ,,,

ලියූ ආදර පෙම්පතේ,,,සිතින් මැතිරූ පෙම් කවේ,,,
නුරා සිතුවම්,,,තැනූ කැටයම් ,,,
පුරා වින්දේ ඔබෙ සෙනේ,,,
ඔබේ ආදර සාගරේ,,,මමයි පාවුනු ජීවිතේ,,,
නොවේ මතුයම් ,,,කාට මේවන් දෙසිත් වෙන්වීමක් සෙනේ,,,,

ඔබ ඉන්න විටදි දැනෙනව මව් සෙනෙහේ විස්කම්

| | 2 comments »
සෙනේ ගඟක් නෙතු කඳුලින් රූරා වැටුනා,,,
නිදි පැදුර අසල අම්මා හීනෙන් අත වැනුවා,,,
සිත ආදරයෙන් දෙපා නැමද ගුණ දම් පිදුවා,,,
නෙතු පියන් විහිදි සැබෑ ලොවේ නෑ අද අම්මා,,,,

ඔබ ඉන්න තුරා අප වෙනුවෙන් වින්දෙම කඳුලැල්,,,
මගෙ බිරිඳ වුනත් ලේලි අතින් වුනා වෙනස්කම්,,,
අදමෙලොව නැතත්  පපුවෙ නිතර බොඳවුනු සක්මන්,,,
ඔබ ඉන්න විටදි දැනෙනව මව් සෙනෙහේ විස්කම්,,,

පුන් පෝය හඳින් ගනදුරු ලොව වෙද්දිම සිල්වත්,,,
ඔබ මතක් වෙනවා නියර දිගේ යන හැටි පන්සල්,,,
සිල් සුවඳ මගේ දරු පැටවුන් සැනසුව නෙත්නම්,,
මතු සසර පුරා දැල්වේවා ඔබෙ පුතු වෙනුවෙන්,,,