| | 0 comments »
රතු ලේ නහරින් සෙනෙහස පෙරලා,,, සුවඳ කිරට හරවා,,, රන් කිරි බිඳ බිඳ මුවඟර තියලා මාලොකු කළ අම්මා,,, අම්මා,,, මා ලොකු කළ අම්මා,,, සිරිපා කන්දෙන් ඇරඹෙන සීතල පිරිසිදු දිය දහරා,,, අම්මේ ඔබගේ කඳුලට දෙවෙනියි ඒ මහ ගo දහරා,,, අම්මේ ඔබෙයි සෙනේ දහරා,,, මහමෙව්නාවේ සමාධි පිළිමේ මෙත් කරුණා දහරා,,, ඊටත් වැඩිවේ ගෙදර බුදුන්ගේ හදෙහී ගුණ දහරා,,, අම්මේ ඔබෙයි සෙනේ දහරා

සිදුවූ දෑ මේ බිතු අතරේ රැඳුනී,,,

| | 0 comments »
හඩන්නෙපා දැන්,,,කඳුළැල් සලන්නෙපා,,,
සැනසෙන්නට විත් තැවුලෙන් හිඳින්නෙපා,,,
සුසුමන් පිටවූ පව ගැන හිතන්නෙපා,,,
ඔබගෙම ඇරයුම ගැන දැන් තැවෙන්නෙපා,,,
නොහඬා ඉදිනු මැණේ,,,හමුවූ එකම දිනේ,,,
නටඹුන් සෙනෙහස අතර මගදි හමුවී,,,
ගොලුවූ සිත් යළි කතා කළා නොදැනී,,,
සැනසුම් මිහිරක් නොසිතූ ලෙස විඳිමී,,,
සිදුවූ දෑ මේ බිතු අතරේ රැඳුනී,,,
ඇකයේ රඳවන් හිස අතගා විමසූ,,,
දුක් කඳුළින් පිරි ජීවිතයකි ගෙවුනූ,,,
අලුත් වසන්තෙක මල් නෑ යළි පිපෙනූ,,,
අපිට අපිව දන් හිමි නැති වග දැනුනී,,,

වේලෙන ඉපනැළි දහ දුක් වින්දා,,,

| | 1 comments
දෑතේ වීරිය හිත මත වපුරා,,,
ඩහදිය  මඩටම මුසුකරලා,,,
යායේ අස්වනු ලාබෙට බෙදලා,,,
හිනැහෙයි ගොවිකම රජකරලා,,,
සැනසෙයි ලොවටම බත බෙදලා,,

නාඹර මල් විය ගෙවනා උදවිය,,,
දොල දෙණිවල සුව මග හැරලා,,,
පූදින මල් වී තාලෙට නැමුනා,,,
ගොවියන් එන මග ගරු කරලා,,,

වේලෙන ඉපනැළි දහ දුක් වින්දා,,,
ඔබ දුක් විඳිනා හැටි දැකලා,,,
ලෝකෙම කුසගිනි දැතින් නිවලා,,,
හිනහේ  ගොවියෝ සිත පුරලා,,,

කොලොප්පමට හූ පිම්බට,,,නිතඹ නට තාලෙට,,,

| | 2 comments »
උඩැක්කි තාලෙට නැටවෙන කලට්ට වගෙ නාඹර,,,
ඔඩොක්කුවේ නිදාගන්න උන් කවුරුත් කෑදර,,,
මඩක්කුවේ ඇඹුල් තියල් හන්ගන් උබ ලාබෙට,,,
මුඩුක්කුවෙන් එන උන්ටත් දුන්නේ රා කාලට,,,

කුලප්පු වූ තරුණ ගැටව්,,,වටකොටගෙන ගාරිව,,,
කඩිප්පු කුට්ටම වයනව,,,ගන්ඨාබෙර නාදෙට,,,
කොලොප්පමට හූ පිම්බට,,,නිතඹ නට තාලෙට,,,
ඔරොප්පුවෙන්නෑ ගාරිත් වටේම උන් පෝලිම,,,

හුචක්කු අස්සේ පැන්නම පොලෝසියේ සායම,,,
නැටිච්චි ලඟ දියවෙනවා,,,නාබියෙ දඟාකරෙට,,,
කනප්පුවේ මොණරු තියන් පොලෝසියට පෑවම,,,
තරප්පුවෙන් රිoගනවා ගාරිගෙ ලඟ ලෝලෙට,,

පුෂ්පාවි පිපුනා වැනී,,,රුචිරාණි සයනේ නිදී,,,

| | 0 comments »
පුෂ්පාවි පිපුනා වැනී,,,රුචිරාණි සයනේ නිදී,,, සුවදේ හදේ,,,රැඳුනා ඔබේ,,,නෙතු කැල්ම රහසේ හෙලූ,,, ඔබ මාගෙ වීනම්,,,සුව දේවි සෙනෙහෙන්,,,රජ කිරුළ ලැබුනා වැනී,,, ඔබ මාගෙ වීනම්,,,සුව සදමි සෙනෙහෙන්,,, රජකුමරු ඔබනේ මගෙ
පිණි සිසිළ ඉස්සා වැනී,,,ඔය දසුන නෙතඟේ වෙළී,,, සෙව්වා හදේ ඉන්න,,,මනසේ රැඳී,,ඉන්න මගෙ දේවි මතකේ බැඳී,,, මිණි තෝඩු ඕනෑ නැතී,,ඔබෙ සෙවනෙ සැනසුම ඇතී,,, නිස අන්දුර දුරලා මනමාළි කරලා ,,, ගෙනයන්න කුමරාණෙනී... දුක කඳුළ මා ළඟ රැඳී,,,නුහුරුයිනෙ සියුමැළි ලැමේ,,, ලතැවුල් මකාගන්න ,,,මොහොතක් සිනා වෙන්න ,,, පුලුවන්ද කඳුලැල් නෙතේ,,, සිත රිදුන මොහොතක් හිමී,,,ඉවසන්න හැකිනම් ලැමේ,,, යට රැඳුනු සුසුමක්,,,මගෙ වතට තවරන්න,,, සැනසිල්ල මා ළඟ ඇතී,,,

සෙනෙහස මිතු දම චපල වෙලා,,,

| | 1 comments
සෙනෙහෙ සොයා දුන් මිතු දම විස්වාසය තබලා,,, සෙනෙහස මෙන් ඒ මිතුදම ඉහලින් ඇදහූවා,,, එනමුදු කිසිදා නොසිතූ විලාසෙන්,,, ඔබ අද ඔහුගෙම පෙම් රැජිණිය වීලා,,,, ඔබ මා සිත බිඳ ,,,ඔහු ළඟ නතරවෙලා,,,, ඉවසා ගනු කෙළෙසින්,,,ඉවසාගනු කෙළෙසින්,,, ඇස් දෙක වාගේ ඔබ මෙන් ඔහු මට,,, සැමදා දිවියට සවිය වෙලා,,, සියලු සබඳකම් මෙලෙසින් සිඳලා මා සිත මුලාකළා,,, සෙනෙහස මිතු දම චපල වෙලා,,, නෙත් දිය කිසිදා නොවේ නිමා,,, රන්මුදු පළඳින දිනයක ඔබ මට,,, සිරි සුබ මoගල මොහොත කියා,,, මිතුරු දමට යළි ඇරයුම් කරලා,,, යයි නම් ඔහුගෙ වෙලා,,, හදවත දෙනයණ හඬයි සදා,,, එනමුදු කිසිදා නොදෙමි නිගා,,,

ආසයි තවරන්නට සුසුමක් ආලෙන්,,,

| | 1 comments
අළුයම සිනා පුරන බන්ඩි කැකුලු මල් සුවඳින්,,,
සැනසෙන ආකාසෙම එළිය වීලු සුබ දසුනින්,,,
නිදි බිඳ ඇහැරෙන සඳ දසුන් මවන ඈ ගාවින්,,,
සිත සිප සැනසෙනවා ඇයටත් නොදනී රහසින්,,,

පවනට සුවඳ දීපු මල් හැඩකාරයි,,,
ඒ මල් අතර පිපුනු ඔබෙ රූ බෝමයි,,,
තාලෙට හිනැහෙන මල දුර මුත් මාගෙන්,,,
ආසයි තවරන්නට සුසුමක් ආලෙන්,,,

දෙවැටෙන් වෙන්වූවත් අපෙ ගෙයි මාඉම්,,,
තියේද මේ හිත් ලඟ සීමා මායිම්,,,
මොහොතින් මොහොතට පාටට පාටින්,,,
හැඩ වී විපරම මාවද කෝලෙන්,,,