කුළවාලි නුඹ මාගෙ කරකාර බැඳගන්න

| | 5 comments »
කුළවාලි නුබ මාගෙ මනමාලි කරගන්න,,,
මo ආල බැඳි සන්දියේ,,,
ගන් දෑළ ලඟ නාලා,,,මට රහසේ ලoවීලා,,,
දඟ පෑ නුඹේ රoගනේ,,,
වන බැද්දේ නුබෙ අප්පො ,,,දැනගත්තු විට ආලෙ,,,
පැනි කන්න ආවයි වදේ,,,
අල්ලාන කුදළාන,,,ගොස් මාව තැලුවාම,,,
හැඬු ඒ ළඳයි ඔබ මගේ...

නුඹෙ නාරි රුව ගාව,,,දඟකාරකම් පාන,,,
සන්තාන කෝළයි මගේ,,,
කුළවාලි නුඹ මාගෙ කරකාර බැඳගන්න,,,
පිළනම් හොඳයි දැන් ළඳේ...

හඳපාන ඇති රෑක,,,නුබ මාගෙ තොල ගෑව ,,,
මල් විළඳ මී පැනි රසේ,,,,
දිව ගාපු පමණින්ම,,, නුඹෙ නපුරුකම් වුවද,,,
දැනුනේම මීවිත ලෙසේ

ආදරේ හoගා,,,ආදරේ හින්දා

| | 2 comments »

හැර දමා ගියත් ඔබ ,,,හිටි හැටියේ ඇවිදින්,,,
තොරතුරු විමසනවා,,,
ආදරේ හoගා,,,ආදරේ හින්දා,,,

මල් අකලට පරවී ගියාට සිත් යායේ,,,
ආයෙත් පුබුදිනවා,,,ඔබ ආවිට රහසේ,,,
ආදරේ හoගා,,,ආදරේ හින්දා,,,

කලු අහසේ සැඟවී ගියාට සඳ රහසේ,,,
ආයෙත් මතුවෙනවා,,,ඔබ දැක ගත් මොහොතේ,,,
ආදරේ හoගා,,,ආදරේ හින්දා....

අහිමි මුත් මමත් සොයමි ඔබට ජීවිතේ,,,

| | 1 comments

කලුවරයි අමාවකේ ගෙවන ජීවිතේ,,,
කව්ද උන්නෙ ඔබ ළඟින් දුක්ම ජීවිතේ,,,
අරමුණක් තනාදෙන්න ඇවැසිවූ දිනේ,,,
අහිමි මුත් මමත් සොයමි ඔබට ජීවිතේ,,,

කඳුලු මල් පිපී වැනෙන නෙත් උයන් පුරා,,,
සිනා මලක් පිපී වැනෙන තුරුම ලoවෙලා,,,
මාත් හැඟුම් බෝමයක් වසාගෙන මෙදා,,,
අහිමි මුත් මමත් සොයමි ජීවිතේ රඳා,,,

මනාළියක් වෙලා යන්න සෙනෙහසක් සොයා,,,
ලොවට හොරෙන් සිතින් හඬන කුමරියේ මෙදා,,,
කඳුලු හoගලා සෙනේ හිතත් හoගලා,,,
හිමි නැතත් මගෙත් ලෝකෙ රැජිණියයි ඔයා,,,

අප්පච්චී,,,,,ඇයි ඇස් පියාන ...

| | 2 comments »

අප්පච්චී,,,,,ඇයි ඇස් පියාන ...
ගේ මැද සාලේ නිදාන,,,
මූණ පුරාවෙම තුවාල,,,
මොකද වුනේ,,,,මේ ඔයාට,,,

අම්ම අඩනවා හිස බදාන,,,
ගමම එක්වෙලා මෙහාට,,,
හමුදාවේ මාමලා ඔයාට,,,
මුරට ඉන්නෙ ඇයි වටේට,,,

තරහෙ වගේ ඉන්නෙ ඇයිද,,,
දෝනි දුකින්,,, පෙනෙන්නැද්ද,,,
එන්න ළගට දූ වඩාගන්න,,,
ඉන්න ආයෙ යන්න එපා,,,