කිරිමුට්ටිය වැටිලා ගඟ දියටම,,,

| | 0 comments »

පුන්චි මැණික නුබේ කැකුලු සිනාවට කටු වැට බැඳිලා සමාවෙන්න මට...
රන්කිර වෙනුවෙන් නුබ ඉකිලනවිට මගෙ හිත ගැහුනා බලා ඉන්න විට,,,
සතුට සොයාගෙන නුබමා අත හැර අම්ම ගිහින් කොහෙදෝ මහ දුරකට,,,
තෙරුම් කරන්න තේරෙන්නේ නෑ කිරිමුට්ටිය වැටිලා ගඟ දියටම,,,

කිරි මල් කැකුළක සුවඳ ලබන්නට සිහින ගෙනා අම්මා නුබගෙන්,,,
කිරට හඬන ඔය රන්තරු නෙත් යුග මගහැරියේ අද කොයි ලෙසකින්,,,
ලේනි නැතිව රන් කිරට හඩන මගෙ පුන්චි මැණිකගේ ඉහිළිල්ලෙන්,,,
පියෙකුගෙ කඳුලුත් කිරට හැරේනම් හඬන්න දුක නෑ නුබ වෙනුවෙන්,,,

ඇයගේ නිල්මිණි දෑසම හිමි නුබ කෑමොර දෙන ඔය ලතැවිල්ලෙන්,,,
මාගෙම පපුතෙර හිම දියවෙනවා නුබේ නමින් එන කඳුලැල්ලෙන්,,,
පායන සඳ තරු පෙන්වා රවටන මොහොතෙන් හිනැහෙන කැකුලු කටෙන්,,,
වෑහෙන්නේ නැති මව් කිරි සුවඳක් ළැමෙන් හොයනවා තුරුල් වෙමින්,,,

ඉවසමු අපි සඳසාවී,,,

| | 0 comments »

සුදු සඳ මඩලට තුරුල්වෙලා,,,
සුවෙන් නිදන සඳ සාවී,,,
මගෙ හද මඩලට තුරුල්වෙලා,,,
සෙනෙහස දෙන මගෙ ප්‍රේමී,,,
සඳෙන් වෙන් නොවන සාවි ලෙසින් මා ,,,
සසර පුරා සීදේවී,,,
නුබයි මගේ සඳ සාවී,,,

සඳ මත තැවරුනු හිමකිරණින්,,,
සිසිල බෙදන මගෙ දේවී,,,
සඳ තනිකරලා යන්න එපා,,,
කවදාවත් සඳ සාවී,,,
නුබයි මගේ සඳ සාවී,,,

රැඟුම් වැයුම් මැද මගුල් සිළෝ මැද ,,,
ළඟට ගන්න සීදේවී,,,
නැකත් තාම නෑ හීන ගණිනවා,,,
ඉවසමු අපි සඳසාවී,,,
නුබයි මගේ සඳ සාවී,,,

ඔබටම පෙම්කළ කුවේනි මo,,,

| | 3 comments »

මදුරා පුරයෙන් බිසවක් කැන්දා තම්බපන්නියට වැඩියකමින්,,,
සාපකරන්නෑ වයිරකරන්නෑ,,,ඔබහට ඇත්තේ රාජ වරම්,,,
ඔබේ මගුල්දින රැහේ එවුන්ගෙන් වද විඳ මිය යන කුවේනි මන්,,,
ඔබටම පෙම්කළ කුවේනි මo,,,

තම්බපන්නියට ගොඩබැසලාවිත්,,,නූල් කටින මා දුටුව දිනේ,,,
මා ළන්කරගෙන එක කඩු පහරින් මා මරන්න තැත් කරපු දිනේ,,,
මියගියෙනම් මo අද මෙන් දුක නැත,,,පෙම් කළ සිතින්ම මියෙන වෙලේ,,,,
පෙම්කළ සිතින්ම මියෙන වෙලේ,,,

රජුනි විජය ඔබේ පෙර රජ ගමනට නපුරක්වේයැයි දැනිල බියෙන්,,,
නෑදෑ පිරිවර පාව දුන් මo රැහේ එවුන්ගෙන් මැරෙන වෙලේ,,,,
රජකම ඉදිරියෙ ප්‍රේමය වාගෙම දරු දෙදෙනයි තනි වුනේ කැළේ,,,
දරු දෙදෙනයි තනි වුනේ කැළේ

නුඹ නොදනී සිත් අහසින් වැටුනු කඳුලු කැට,,,

| | 1 comments

බෝගම්බර නුවර වැවේ දිය කපනා විට,,,
නුවර අහස හැඩුවා දින ගණනක් දුකටම,,,
මා පෙම් කළ නුඹ මාගෙම සිත කපනා විට,,,
නුඹ නොදනී සිත් අහසින් වැටුනු කඳුලු කැට,,,

සින්න වුනා ලියැවිල්ලෙන් බිරිඳක් විළසට,,,
ඉන්න වෙලා නෑ ලoවී සැනසීමෙන් මට,,,
භාර පඬුරු ගැට ගහුවත් සැමදා දෙවොලට,,,
දේවතාවි යන්න හදයි මාගෙන් පිටටම,,,

කල්ප ගණන් පෙම් කළමුත් මුවින් ලoව හිඳ,,,
වින්ද වේදනාව සැරයි ගිනිගත් කුළගෙය,,,
තෙතමනයක් නැති හිතකට පෙම්කළ වරදට,,,
දෙවියන්වත් ඇහැ ඇරලා බැලුවේ නෑ මට,,,

කඳුළැල් හෙලන මුදු කිණ්නරාවී

| | 3 comments »

සoසුන්ව සරමින්,,,නෙත් මිගනි ගැහෙමින්,,,
කඳුළැල් හෙලන මුදු කිණ්නරාවී,,,
සන්තප්ප සිතඟින්,,,දුක් ගන්නෙපා දැන්,,,
මo ඉන්නකල් නඳුන් විල් තීරයේ,,,
මo ඉන්නකල් මගේ කිණ්නරාවී,,,

නිල් ඕලු මානෙල් ,,,මල් කෙමියෙ රස රොන්,,,
මo වින්දෙ නුබගෙන් කිණ්නරාවී,,,
කුසුමදුනු විළසින්,,,නුබ සොයන සිතඟින්,,,
මo ඉන්නෙ නුඹට බැඳි ස්නේහයේ,,,

සුබ සoඛ නාදෙන්,,,මoගල්ලේ සාරෙන්,,,
කැන්දන්න පින් නැතිලු කිණ්නරාවී,,,
පින්සාර සඳකැන් ළඟ රඟන නුඹනම්,,,
සිත මාගේ සරසාපු මන නන්දනී,,,

දැනෙනා සැනසුම නිමක් නැතී

| | 3 comments »

පැරකුම් සමුදුරු වැව් තාවුල්ලෙන්,,,
දිය බුo ගසන්න රoචු ගැසී,,,
ඉන්නා අතරෙදි හමුවූ හිමි නම,,,
කරුණාබර හදවතක් හිමී,,,
ඇසෙනා විට ඒ හිමිගේ බුදු බණ,,,
දැනෙනා සැනසුම නිමක් නැතී,,,
හඬන්නෙපා අම්මේ මo නාවට ,,,
මගෙ අම්මත් මතු නිවන් දකී,,,

රතු හාලෙන් සැදු කිරිපිඩු ගුළිකර,,,
කැව් හැටි මතකයි අම්මේ අදත්,,,
ඒ රස ආහර වලින් ඉවත්වී,,,
ලැබෙනා දෙය වළඳන්නෙ මමත්,,,
බවුන් වඩන්නට ගල්විහාරයේ,,,
බුදුරුව අබියස වඳින දිනක්,,,
සිහිවෙනවා අප්පච්චී සමගින්,,,
වදින්න ආ හැම පෝය දිනක්,,,

හේනට එන ඒ තුම්පත් රෑණම ,,,
අරණට එන මහ රැයක උනත්,,,
අම්මයි අප්පච්ච්යි සිහිවෙනවා ,,,
සෙනෙහස මතකයි දුන්නු මටත්,,,
අම්මේ ආයෙත් පන්සල් එන දින,,,
අප්පච්චී මැතු..රූ නූලක්,,,
අරගෙන ඇවිදින් අතේ බඳිනවද,,,
පුoචි නමට එය සෙත් පිරිතක්,,,

සමුගනිමි මo හඩ හඬා රන් කූඩුවෙන්

| | 5 comments »

සැනසී ඉන්න ලoවූයේ මා එක සිතින්,,,
සැරසී උන්නෙ ඔබ වෙනුවෙන්මයි මා සිතින්,,,
පෙම්කලත් මo මහමෙරක් තරමට සිතින්,,,
සමුගනිමි මo හඩ හඬා රන් කූඩුවෙන්,,,

රනින් පැළඳූ මගුල් මුදුවක් අතදරන්,,,
වෙන්වීම වෙනුවෙන් හඬන මා දෙස බලන්,,,
පුදුමවන මා හට පුදුම නෑ නුඹෙ සිතුම්,,,
නුබට නපුරක් වෙන්න කලියෙන් යන්නේ මන්,,,

පොරොන්දම්බල බලා පෙම් නොකලට සිතින්,,,
මගේ අපලය නුබට විපතක් ලඟ බවින්,,,
දැන දැනත් ලන්වෙලා ඉන්නට බැරිකමින්,,,
වෙන්ව යනමුත් යන්නෙ අපමණ සෙනෙහසින්,,,

කිoකිණි කිoකිණි වීනා නද කොට

| | 2 comments »

මනලෝළ ලියා,,,වත පාන ශ්‍රියා,,,
මන කෝළ වෙලා,,,යස වීනා වයා,,,
නද පාන රඟේ,,,සිත් යාය පුරා,,,
රස සිහින මවා මට පේන නියා,,,

රොන්සුනු රොන්සුනු මල්පියවිළි මත,,,
මල් මද කුමරිය සිත් ඉම අද්දර,,,
වයනා තනුවකි ජීවන ගීතෙට,,,
මනමාලයි මාගෙත් මේ සිත් කොන,,,

කිoකිණි කිoකිණි වීනා නද කොට,,,
ගොම්මන් යාමෙක ගoදිය අද්දර,,
මා එන තුරු සුදු සේලෙන් සැරසුන,,,
කුසුම් කැකුළිගේ රූසිරි මත්වන

උපන්බිමෙන් අපි ඈතක උන්නත්,,,,,,

| | 3 comments »

ඉතිරූ ලේ ගoගා නිමවී,,,වසන්තයක් යලී ගෙනදී,,,
සතුරන් ඉදිරියෙ නොසැලුනු රන්වැට,,,
රණවිරුවන් ලoකාවේ,,,
උපන්බිමෙන් අපි ඈතක උන්නත්,,,
සිත නිදහස් හැම මොහොතේ,,,
ඉගිලී යන සිතඟින් සිපගන්නේ,,,
මව්බිම ශ්‍රී ලoකාවේ,,,

කෙත් වතු වැව් බිම් අතුරින් හමනා,,,
පවන් රොදක සුව සිසිළක්,,,
ලක් දෙරණෙන් පිට වෙනත් දේශයක,,,
තියේද විඳින්න මොහොතක්,,,
සමණළ සිරිපා තුමුණ නමුණුකුළ,,,
කඳු අතුරින් දිය දෝතක්,,,
සිසිළ විඳින්නට තියේද කොතැනක,,,
ලක් දෙරණෙන් පිට කාටත්,,,

මහසෙන් පැරකුම් ගැමුණු විජයභා,,,
වැනි නිරිඳුන්ගේ තේජස්,,,
අදත් රකිනවා සපුමල් කුමරුන්,,,
යාපා පටුනම ජයගත්,,,
දුරක ඉදන් අද අපිත් නගනවා,,,
රට වෙනුවෙන් ජය ගීයක්,,,
සව්සිරි සපිරුනු අප ලක්මවුනේ,,,
ඔබ වැජඹේ ලොව කොතැනත්,,,

පැටවෙක් නැති දුකට හඬන කිරිල්ලි මේ මාගේ

| | 4 comments »

පැතුම් පඬුරු දෝත දරා,,,අලුත් නුවර ආවේ,,,
සමන් දෙවිඳුනේ මේ දුක අසනු මැනවි මාගේ,,,
තනාගත්තු කූඩුව මට තාම එලිය නෑනේ,,,
පැටවෙක් නැති දුකට හඬන කිරිල්ලි මේ මාගේ,,,

පෙරුම් පුරා හීන හීන මවා,,,ලoවූයේ ප්‍රේමෙන්,,,
ඒත් දෙයියනේ ඇයි මේ පැටව්නැත්තේ ඈගෙන්,,,
භාර පඬුරු ගැටගහලා පැතුම් පතන නාමෙන්,,,
දරු සම්පත් දෙනු මැණ මේ,,,කිරිල්ලියට මාගෙන්,,,

දරුවො නැත්තෙ ඇයි තාමත්,,,කියල අසන අයගෙන්,,,
සැනසිල්ලක් නෑ කෙල්ලට සිතින් ඉන්නේ ගින්නෙන්,,,
දරු පැටවුන් දකින විටදි හැඩුනේ නැතත් මාගෙන්,,,
පිටවෙන සුසුමක් ගානේ,,, කඳුලු වටුනේ ඈගෙන්,,