සොඳුරු දවසක මංගල නැකතක්...

| | 2 comments »


සොඳුරු දවසක මංගල නැකතක්,,,
කුමරියක අද වෙලා රැජිණක්,,,
මගේ කලුවර පාලු දිවියට,,,
අදින් ඇරබෙන රැයත් එළියක්,,,

නුරා දෙනෙතින් ගලන හැගුමන්,,,
සැළෙන දෙතොලින් කරයි ඇරයුම්,,,
මුදා හළ රණ තිසර රැඟුමන්,,,
කියන සුන්දර රහස මනරම්,,,

සිනිදු සයනේ සලුව සුදුවන්,,,
රැඟුම් අතරේ වේලු සිත්තම්,,,
නළල සඳවන්,,,තැල්ල රන්වන්,,,
සෙනෙහසින් ඔබ සිබිම්ය මන් දැන්,,,

සැඳෑ රන්වන් පාටට...

| | 8 comments »


සැඳෑ රන්වන් පාටට,,,
අහස හැඩවෙන යාමෙක,,,
රෝස තිරිවානා කන්දට,,,
යමුද බුදු හිම් වඳිනට,,,

කලුදිය පොකුන පාමුළ,,,
සුදුවතින් සැරසී ඔබ,,,
නෙලූ සුදු ඕලු මල් ගෙන,,,
ඉන්න මගෙ පෙම් කුමරිය,,,

සුදු අසුගෙ පිට නැගි මම,,,
නුබව වත්තන් කරගෙන,,,
රෝස තිරිවානා බුදුරුව,,,
ළඟදි පතනව ඔබවම,,,

දුක් දාහක් සේදෙනවා සඳ සවියෙ ඔබෙන්

| | 1 comments

සඳ දෙව්ලිය යන්න එපා,,,කවදාවත් මගෙන්,,,
සිත් අහසට පෑයූවේ ඔබ පමණයි ලඟින්,,,
කුමුදු පිපෙන රෑ යාමේ ,,,සඳ පිනි දිය අරන්,,,
සිත් අරණට ඔබ එනතුරු උන්නා මන් බලන්,,,

හැමදාමත් මා පෙම් කළ මගෙ සුදු සඳ දුරින්,,,
ළගට එන්න බැරිවුනාට ඔබ එනවා හොරෙන්,,,
සඳ වතුරින් මා ගත සිත නැහැවෙනකොට සුවෙන්,,,
දුක් දාහක් සේදෙනවා සඳ සවියෙ ඔබෙන්,,,

කනාමැදිරි රාත්ත්‍රියේ සයනයෙ හිස තියන්,,,
ඇය සිහිවී උනු කඳුලැල් ගලනකොටම නෙතින්,,,
සඳ දෙව්ලිය සෙමින් ඇවිත් කව්ලුපියන් තුළින්,,,
හීන්සීරුවේ මා ළඟ දැවටෙනවා පෙමින්,,,

යාලු මනාලය ලෙසින්

| | 1 comments

මල් කළඹක් වෙනුවට මල් වඩමක් මo,,,
ඔබට දෙන්න ගෙන ආ බැව්නම්,,,
එපා සිතන්නට සිහිනයකින් වත් ,,,
නොදැන වූ දෙයක් වේ මෙයනම්,,,

යාලුකම නිසා යාලු මනාලය ලෙසින්,,,
ඔහුසමග ආවත් මන්,,,
හාන්කවිසියක් දැන උන්නේ නෑ ,,,
ඔහුගෙ මනාලිය ඔබ බැව්නම්,,,

හේතු නොදන්වා මාහට සමුදී,,,
ගියත් ඔබ එදා මන් ගාවින්,,,
ඉතින් අඩන්නට එපා සුබ දිනේ,,,
යළිත් අසරණයි මා මෙලෙසින්,,,

මා ඇඳි සිතුවම්(ආදරය සහ රැකවරණය)

| | 2 comments »

අපේ එක් පොලිස් කාන්තා නිළදාරිණියක්

| | 4 comments »

ශ්‍රි ලoකාව නියොජනය කරමින් හදිසියේ දකුනු කොරියාවට පැමිණි උසස් පොලිස් නිළධාරින් සහ නිළධාරිණියන් කිහිප දෙනෙක් මා හට දකින්න ලැබුනේ හදිසියේ රුපවහිනිය නරඹන අතර තුරදීය.2010 වසරේ මෙහි පැමිණි ඒ කන්ඩායමේ කාන්තා පොලිස් නිළධාරිණියන්කිහිප දෙනෙක් විය...මෙම නිළධාරින් සහ නිළධාරිණියන් මෙම රටේ එක්තරා පොලිස්ථානයකදී සිය අත්දැකීම් එකතුකරගැනීමේ යෙදීසිටියේ රූපවාහිනී ආවරනයක්ද ලැබෙන මොහොතකය...එහි අපේ එක් පොලිස් කාන්තා නිළදාරිණියක් ශ්‍රි ලoකා පොලිස් යන ලාoචනයද සහිත පොලිස් කබායක් පැළඳගෙන,චුයින්ගම් එකක් කටේ දමාගෙන ඔනෑවටත් වඩා සපනු දකින මොහොතේ...අපට යම් ලජ්ජාවක් ඇතිවුනා පමණක් නොව...එහි සිටි එක්තරා කොරියානුවෙක් ,,"උබලගෙ රටේ චුයින්ගම් නැත්ද යනුවෙන් ඇසූ ප්‍රශ්නයෙන් අප පමණක් නොව රටේ නමටත් අවනම්බුවක් යැයි සිතුනි...වැදගත් නිළ ඇදුමකින් සැරසීගෙන සතපනහක් වැනි වටිනාකමක් වූ චුයින්ගම් එකක් නිසාවෙන් රටේ නමට වෙන කැළළ සුලුපටු නොවේයැයි අපට සිතේ.
සැබැවින්ම පිටරටකට සුලු කාලයකට යන පුද්ගලයා කවුරුන් වුවද ,,තමන් පුද්ගලික මිනිසෙක් පමණක් නොව පොදුවේ ශ්‍රි ලාoකිකයෙක් ලෙසින් කටයුතු කරන්නට හැකිනම් එය ලoකාවේ ගරුත්වයට සුබදායක වනු ඇතැයි මා සිතමි...මෙය එක් නිදසුනක් වුවද මෙවන් රටේ නාමයට හානි වන බොහෝ දෑ පිටරටවලදී සිදුවන එක කණගාටුදායකය...නමුත් මා මෙය ගෙන හැර පාන්නේ රට නියොජනය කරන වැදගත් ආයතනයක නිළධරිණියක් අතින් වන මේ වරද කොරියාවේ වසන 22000ක් පමණ ලාoකිකයින්ටද වන අවමානයක් නිසාවෙනි...