අහිමි වුනත් මට මේ තුන් ලෝකෙම

| | 2 comments »

යුග යුග ගණනක සෙනෙහස කැටිකර,,,
එකම ආත්මෙට ඒ පෙම එක්කර,,,
මා හදවත අතගෑ මගෙ සඳවත,,,
නුබට රත්තරන් ආදරේනෙ මම,,,

ඔබ නැතිවිට මට පෙනෙනා මානෙක,,,
දැවී දැවෙනවා මොහොතින් මේ හිත,,,,
මා නිදිකරවන සුවබර හීනය,,,
ඔබයි ආදරී සැමදා මගෙ පණ,,,

මහමෙර තරමට දුක් විඳි මේ හිත,,,
සනසාගන්නේ ඔබවම සිහිකර,,,,
අහිමි වුනත් මට මේ තුන් ලෝකෙම,,,
ඇතැයි සිතෙනවා ඔබවත් මාහට,,,

මගේ සිහිනේ පොඩි කුරුලු පැන්චා

| | 2 comments »

රත්තරන් පුතුනේ මාගේ රත්තරන් පුතුනේ,,,,
නුබයි මගෙ ලොව එලිය කෙරුවේ රත්තරන් පුතුනේ,,,,

නැවුම් අපගේ කුරුලු කූඩුවෙ අඳුර දුරුකරලා,,,,
නුබයි ආවේ මගේ සිහිනේ පොඩි කුරුලු පැන්චා,,,,

නුබේ ලඟ එන මිහිරි සුවඳින් මගේ හිත පිරිලා,,,,
අම්මි හිනැහී බලා ඉන්නවා නුබව මට දීලා

අතුරේ යනෙන අතරේ මේ මගේ සිත

| | 0 comments »

අතුරේ යනෙන අතරේ මේ මගේ සිත,,,
දැවෙනා තරම දැනුනොත් ඔබ හටයි දුක,,,
ජීවත් කරනු වෙනුවෙන් ඔබ මාව අද,,,
අහසේ බැඳුන් ලනුවක දිවි ගෙවයි ඔබ,,,

දුක් දාහක් තිබුනත් අද මගේ ලොවේ,,,
නුබ වෙහෙසෙන්නෙ මන් වෙනුවෙන් දනී සඳේ,,,
කන්නට ගන්න බත් පිඩ මුවගටත් මගේ,,,
දැනුනේ නෑ හිමියනි නුබ මතක්වුනේ,,,

මන් ආවත් ගෙදරින් පැන හොර රහසේ,,,
අම්මා හඬන තරමට අද මමත් මෙසේ,,,
රහසේ කඳුලු ගිනි උහුලමි නිරන්තරේ,,,
අම්මේ නුබට දුන් ගින්නයි වදින්නෙ මේ,,,

කාත් කවුරුවත් නැති මේ කොල්ලට

| | 4 comments »

අම්මව හොයාන එන්නම් කියලා තත්තා ඇවිදින් එක දවසක්,,,
ගියා වුනත් යළි ආවේනම් නෑ මාව බලන්නට කවදාවත්,,,
අම්මා හිටියානම් මා සමගින් මටත් තියේ සුරතල් දිවියක්,,,
කාත් කවුරුවත් නැති මේ කොල්ලට ළමා නිවාසය පිළිසරනක්,,,

ළමා නිවසයේ කඩුල්ල ගාවට ඇවිදින් යනවද එක දවසක්,,,
පුතේ කියා මගෙ ළගට ලන්වෙලා වඩාන ඉන්නකො එක මොහොතක්,,,
යාලුවො බලන්න අම්මලා ඇවිදින් වඩාන ඉන්නවා පැය ගානක්,,,
නෙතින් නොහැඬුවත් හිතින් හඬනවා ලොවට හොරෙන් මo හැමදාමත්,,,

සිවුරක් දරාන ඈත පන්සලක මහනවෙලා ඔබ ඉන්න වගක්,,,
කවුදෝ කිව්වත් හරියට දන්නෑ ඔබ ඉන්නා තැන නියම වගක්,,,
ඉන්නා තැන ගැන දන්නවනම් මo දුවලා එනවා ගව් ගානක්,,,
බණ පදයක්වත් කියන්න අම්මේ ළගට කරන් ඔබේ පුතු මොහොතක්,,,

ඇවිද යමි ඈතටම සුදු නුබේ අත අරන්

| | 0 comments »

සීතලට පිනි වැටුන මල් සිහින පුබුදුවන්,,,
රන්පාට මාලතී මල් සුවඳ කැටිකරන්,,,
මගෙ සිතේ සෙනෙහසත් ඔය හදට යාකරන්,,,
කවදාද මම යන්නේ සුදු නුබව එක්කරන්,,,

පෙර වාගෙ හැමදාම කිරි සිනා මතුකරන්,,,
දුර නොයා හැමදාම නුබ මගේ ළඟ හිදින්,,,
පෙම් හීන මාලයක මල් ගොතා අමුනමින්,,,
පලන්දමි කෙදින හෝ සුදු ගෙලේ රත්තරන්,,,

රන් සිහින මල් විමානෙ පාරමී කැටිකරන්,,,
ඇවිද යමි ඈතටම සුදු නුබේ අත අරන්,,,
සoසාරෙ හුරු විළස නුබ මගෙමැයි සිතන්,,,
නිදිවරා බලහිඳිමි තනිකමක් විඳ දරන්,,,

නුබයි මගේ පණ සුදුමැණිකී

| | 2 comments »

මල් කැකුලී,,,මල් මනමාලී,,,
මා සිත සනසන මිහිරාවී,,,
සිත් මැදුරේ පෙම්බර රැජිනී,,,
නුබයි මගේ පණ සුදුමැණිකී,,,

සන්සාරේ පසුපස දැවටී,,,
මගේම වූ ඔබ සීදේවී,,,
මාවෙනුවෙන් දිවියෙන් කැපවූ,,,
නුබයි රාජිනී මනහාරී,,,

ලොවට වසන්වී පෙම්පෑවේ,,,
මගේ වෙන්න නුබ දිව ආවේ,,,
ඉන්න සදාකල් මගෙලෝකේ,,,
නුබයි මගේ රණ තිසරාවී,,,

මා ඇඳි සිත්තම් (රණවිරුවා හා බිරිඳ)

| | 5 comments »

නුබේ අහිoසකි වරදක්කලෙනෑ

| | 2 comments »

හදවත ගලවා පෙන්විය හැකිනම්,,,
නුබ වෙනුවෙන් සිත හඬන තරම්,,,
නුබ නොදනී මා සිතින් පිදූ පෙම,,,
නුබේ නමින් මියදෙන්න තරම්,,,

යුග යුග පසු කර නුබේ වෙලා මo,,,
අනේ නුඹට පෙම් පිරූ තරම්,,,
නුබේ අහිoසකි වරදක්කලෙනෑ,,,
මේ හැටි දුක් ගිනි දෙන්න තරම්,,,

ඇස් දෙක වාගේ රැකගන්නම් කී,,,
ඔබේ මැණික විඳවනා තරම්,,,
දැන දැන පුදුමයි රත්තරනේ ඔබ,,,
මා හැර යන්නට සිතූ තරම්,,,

සුලන් අතරෙ නුබ ආවත් මාර හැඩයි ලඳේ

| | 0 comments »

වළා තිරෙන් සඳ රැජිණිය සිනා පුරන ලෙසේ,,,
රූප තිරෙන් නිළි රැජිණිය සිනා පුරන රඟේ,,,
සරා සඳට පෙම්බැන්දත් ඊට හොරෙන් නුබේ,,,
සිනා වතට පෙම් බැන්දේ අපිත් හොරෙන් වගේ,,,

කැළැල් පිරිනු සඳ එනවට වැඩියෙ හඩැයි වගේ,,,
කැළැල් නැතිව නුබ එනවිට ලැසි ගමනින් ලඳේ,,,
බලා ඉදලා සඳ යනවට වඩා හොදයි වගේ,,,
කතා කරලා සිනාවෙවී නුබ යන එන රඟේ,,,

වළා සේල ගත දවටා සඳ එනවිට රැයේ,,,
නුබත් ගවුම් පොඩි ඇදගෙන සිනා පුරන රඟේ,,,
වළා සේල සුළගෙ ගිහින් සඳ එනවා වගේ,,,
සුලන් අතරෙ නුබ ආවත් මාර හැඩයි ලඳේ,,,

මා ඇඳි සිත්තම් (කඳුලු නෙතූ)

| | 2 comments »

නුබේ පා පොඩි අතර මල් පොඩිවුනාමය

| | 2 comments »


වෙරලු ලන්දට ඇවිත් නුබ උන්නෙ පාන්දර,,,
වෙරලු ඇහිඳලා දෙන්න මම ආවෙ පාන්දර,,,
නුබේ පා පොඩි අතර මල් පොඩිවුනාමය,,,
නුබයි සක්මන් කළේ පිනිවැටුනු පාන්දර,,,

හොරෙන් බැඳි පෙම ඉවර වූ දින දීග ගිය,,,
නුබ නොමැති මා හූල්ලනවා ආත්මෙම,,,
වෙරලු මල් පිපෙනව ගෙඩි නැති වුනත් තව,,,
මල් දකිනවිට මතක් වෙන්නේ නුබව මට,,,

ඹමරු ඇවිදින් කෝපි මල් සුවදටයි රැය,,,
මතක් වෙනවා නුබත් ගිය හැටි රෑක මැද,,,
වෙරලු මල් සුවදින්ම නෑවෙන කෝපි මල,,,
සුවඳ දුන්නත් දවයි මා නුඹ මතක් වෙන,,,

ඔබට නපුරක් වෙන්නෙපා

| | 0 comments »

සිත සැලී ගියත්,,,නෙතු තෙමී ගියත්,,,
මා දමා ගියත් ඔබ මේ ලෙසේ,,,
මට නපුරුවූ ඔබට නපුරක් වෙන්නෙපා,,,
සිත තලා ගිය ඔබට නපුරක් වෙන්නෙපා,,,,
ඔබට නපුරක් වෙන්නෙපා

සෙනෙහසින් ඇවිත් මා හිතින් වුනත්,,,
මට ළඟින් උන්නු කාලේ පුරා,,,
හිත තලා පෙලා ඔබ ගියා වුනත් අද,,,
ඔබට නපුරක් වෙන්නෙපා,,,
ඔබට නපුරක් වෙන්නෙපා

මට හොරෙන් වුනත් වෙන කෙනෙක් ලඟින්,,,
සෙනෙහසින් ඉන්න වග දැනෙනවා,,,
මැරි මැරී හිතින් ඉපදුනා වුනත් මා,,,
ඔබට නපුරක් වෙන්නෙපා,,,,
ඔබට නපුරක් වෙන්නෙපා

වෙන මලකින් රොන් ගන්නා බව දැනුනේ

| | 2 comments »

දකින දකින රූ අතරේ නුබෙ රුවමයි නිතරම පෙනුනේ,,,
ඇසෙන ඇසෙන හඬ අතරේ නුබෙ හඬමයි දෙසවන් තෙමුවේ,,,
මුවෙහි රැඳුනු පවනැල්ලේ නුබෙ සුවදයි නිතරම දැනුනේ,,,
නින්ද නේන රෑ යාමේ නුබ ගැනමයි මතකය මැවුනේ,,,

සොලොස් මසක් නුබ මත්තෙම සෙනෙහස පාමින් උන්නාට,,,
වෙනතක හිත නැති ගානට නුබ ඔය මුනිවත රැක්කාට,,,
දිනෙන් දිනම ඔබ ගැන මා සිත් යායේ මල් පිපුනාට,,,
වෙන මලකින් රොන් ගන්නා බව දැනුනේ නොපැතූ දිනෙක,,,

ගතින් ඉන්න නැත්ත් ලගින්,,,හිත මගෙ තිබුනේ ඔබ ගාව,,,
සිතින් ගියේ නැත්ත් මගේ පැතු පැතුමන් ගියෙ බිඳිලාම,,,
හදාගන්න හැකිමුත් හිත වෙනකෙනෙකුට ඔබ හිමිවීම,,,
යලිත් ගන්න බැරිවේ මට,,,ඔබ වෙනුවෙන් පැතු පෙම් සිහින,,,

වෙන්කරන්නට හැකිද දිවයින

| | 3 comments »

සැහැසිකම් කළ මිනිසුනේ ඇයි,,,
නොසිතුවේ හදවත් වලින්,,,
කෙලෙස අරමුනු ජය ලබන්නද,,,
අවි ඇමේරූ යුද්දයෙන්,,,
නැගෙනහිර හා උතුර වෙන්කර,,,
ඊළමක් පැතුවත් සිතින්,,,
කියන් කෙලෙසින් වෙන්කරන්නද,,,
එකම දිවයින දෙකඩකින්,,,

ජාති කුළ මළ පසෙකලා සැම,,
එකට ජීවත්වුනු බිමේ,,,
ඇයිද ගැටුමක් එකම ලක්බිම,,,
දෙකඩ කරනට මිනිසුනේ,,,
සිරිපියුම් දැක ගලා බසිනා,,,
මහා නදියේ දියකඳින්,,,
වෙන්කරන්නට හැකිද දිවයින,,,
මනන්පිටියේ පාලමින්,,,

තරුණ දැයෙහී හදට වෙඩිකොට,,,
බාලසින්ඝම් මියගිහින්,,,
ගෙන යන්න හැකිවුනිද දිවයින,,,
බිමේ කොටසක්වත් අරන්,,,
දකුනු ලක හිඳ ආවමුත් ,,,
රණබිමක සෙබලුන් ලය දෙමින්,,,
කළේ මිනිසුනි නාමෙ රැකගැන්මටයි ,,,
එකසත් වූ කමින්...

මා ඇඳි සිත්තම්...කරිශ්මා

| | 3 comments »

මා වෙන්නොමවේවා ඔබෙන්,,,

| | 4 comments »

දෝත දරාගෙන ගිලිහෙන පැතුමන් තුලින්,,,
උන්නු විටදි මා හඬාවැටෙන දුක දරන්,,,
ගලාහැලෙන සුව දිය දහරක් ලෙසින්,,,
නුබ වැඩියා අද නිල් දියවරක් අරන්,,,

ගිලිහී යද්දී පිරුනු පැතුම් හදවතින්,,,
කඳුලු පනිද්දී සුසුම් අසල නෙතු විලෙන්,,,
දහසක් නින්දා අතරින් සැනසුම සදන්,,,
නුබ වැටුනා මගෙ දෙපා අබියස පෙමින්,,,

කලුතර බෝදියෙ බෝපත් සිසිලස අරන්,,,
ශ්‍රී මහ බෝදියෙ පිහිට පිරුනු තේජසින්,,,
මෙතේ බුදුන් දැක නිවනට පේවෙන දිනෙන්,,,
වෙන්වනතුරු මා වෙන්නොමවේවා ඔබෙන්,,,

නුබ පැළඳූ මන්ගල මුදුවට දුක හිතිලා

| | 3 comments »

මහමෙරක් තරම් දුක් වින්දා පෙම්හිත බිඳිලා,,,
සීතලකින් ගලා ගියා කන්දුලක් රිදවා,,,
නුබ පැළඳූ මන්ගල මුදුවට දුක හිතිලා,,,
පිරිමි නෙතක් ගැටුනු විටෙක මට තනි රැක්කා,,,

සුදු සේලෙන් මා සැරසුනු මන්ග්ල දිනයේ,,,
මා ළඟ තනි රැක්ක ඔබයි දුරස්ව ඇදුනේ,,,
වෙන ළඳකගෙ පහස නිසා මගෙන් වෙන්වුනේ,,,
සෙනෙහස මතකය ගෙනදීදෙනුවන් තෙමුනේ,,,

රත්තරනින් බැඳි අතැඟිළි වෙන්වුනු දිනයේ,,,
මගෙ හිත ගිනි ගනිද්දි ඔබ ඇයවයි සෙවුයේ,,,
මැරි මැරි ජීවත් වෙද්දිත් මන් හිතින් දුක් පිරී,,,
පතමි අසිරි සෙනෙහස ඇගේ අතරෙ නම් ඔබේ,,,

තවත් ඉන්න බෑ මේ සෙනෙහස හන්ගා

| | 0 comments »

රඟ දෙන නුබේ නිල් දෙනුවන් දෙසට යොමා,,,
බවුන් වඩන්නට බෑමට දෙනෙත් අයා,,,
ලොවට හොරෙන් ඩොඩමලු අපෙ හිත් හන්ගා,,,
තවත් ඉන්න බෑ මේ සෙනෙහස හන්ගා,,,

පිවිතුරු මගෙ හද මඩලට ලන්වෙන්න,,,
මොහොතක් ලන්ව මා සමගින් හිනැහෙන්න,,,
දොඩමලු නෙතින් සෙනෙහස ගැන කියවන්න,,,
දැන්වත් ඉතින් තොල් සඟලට ඉඩ දෙන්න,,,

පූදින හිතට මල් සුවඳක් ලන්වීලා,,,
දින ගනනක් යටි සිතිවිලි කිති කැවිලා,,,
මෙතුවක් කලක් උන්මිතුදම වැඩිකරළා,,,
අරඹමු දෙන්න පුලුවන්නම් හද පුරලා,,,

මවකි නුබ විටෙක සොඳුරියේ

| | 0 comments »

සුව සදන නුබෙ සුවඳේ,,,
දුක ගෙනෙන නුබේ කඳුලේ,,,
හිත දවන නුබේසුසුමේ,,,
රැඳුනු සැනසුම මගෙයි සොඳුරේ,,,

නෙතු රැඳුනු නුබේ රුසිරේ,,,
මැවු සිහින මල් තුහිනේ,,,
රෑ සිහින දුන් මිහිරියේ,,,
නුබෙන් සැනසෙමි මසිත සොඳුරියේ,,,

රස විඳින පෙම් සිහිනයේ,,,
ලැබුනු දින සැනසුනා සිත්සේ,,,
ලඟ ඉන්න සෙවනැල්ල සේ,,,
මවකි නුබ විටෙක සොඳුරියේ,,,

ලදිමි දයාවක් ඔබෙන් මෙමා

| | 0 comments »

සඳුන් දියෙන් ඔබෙ දෙපා දොවා,,,
බැතියෙන් පුදවෙමි ඔබට මෙමා,,,
කප් සුවහස් කල් පෙරුම් පුඅරා,,,
ඔබ වෙත ආවේ සසර පුරා,,,

ලදිමි දයාවක් ඔබෙන් මෙමා,,,
දිටිමි අනාවක් ඉදින් මෙමා,,,
ඔබේ දයාවිය වෙමින් සදා,,,
නිවමි දුක් ගැහැට ළඟට වෙලා,,,

විඳින සුවය ඔබ ළඟදි මෙමා,,,
දුටුවෙ ඔබ ළඟදි පමනි මෙමා,,,
සදා ඔබගෙ සුව ලැමේ රඳා,,
නිදමි හිස තියාමියෙන තුරා,,,

සිතේ කොනක ඔබ රඟ දුන් වෙලාවේ,,,

| | 0 comments »

ඔය නිලුපුල් දෙනුවන් දුටු වෙලාවේ,,,
හදෙහි ඇඳුනු ගීයකි හුදෙකලාවේ,,,
සිතේ කොනක ඔබ රඟ දුන් වෙලාවේ,,,
මුදාහරිමි ඔබ ගැන ගී නුරාවේ,,,

කොරකහ මල් ඔබෙ වරළෙහි ගසාලා,,,
නීල නයන සන්වර වී වැසීලා,,,
නැවුම් දියට පැන තිසරුන් රඟාලා,,,
කතා කළා හිතට මගේඇදීලා,,,

රැයේ දකින සිහිනෙන් වුව මැවීලා,,,
නුබයි ආවෙ නුරා රැඟුම් මවාලා,,,
රුසිරු විඳින හිත මගෙ ඔබ කියාලා,,,
අදත් හිතනවා යළි එයි කියාලා,,,

පසලොස්වක සඳ ඔබමයි

| | 2 comments »

ගනදුරූ අහසෙ හඳ නැතිවට,,,
පසලොස්වක සඳ ඔබමයි මට අම්මේ,,,
තරුවක සිසිලස හිතට නොදැනුනත්,,,
මට ඇති ඔබගේ මව් සෙනෙහේ අම්මේ,,,
ඔබට සෙනෙහෙ දුන් සෙනේ අරන් ගියදා,,,
පිය සෙනෙහේ අඩුවක් නොදැනුවෙ අම්මා,,,
අනන්ත බාධක දුක් ගින්නක් රන්දා,,,
කොහොමද ඉන්නේ ලැම පිරි දුක හන්ගා,,,
නොකා නොබී හරි අපගේ කුස පුරවා,,,
හිතින් පිච්චෙමින් මුවින් සිනාසීලා,,,
කඳුලු බාරගෙන මන් වෙනුවෙන් උහුලා,,,
පෙරුම් පුරන්නේ බුදුවන්නද අම්මා,,,

සුදු සඳක් ලෙසින් ඔබ වෙන්වූදා

| | 1 comments

සුදු සඳක් ලෙසින් ඔබ වෙන්වූදා,,,
පුන්චි තරුව ඉකි බිඳ හැඩුවා,,,
දුක දනුනෙ නැද්ද මා තව දන්නෑ,,,
දිවි කතර අතිර පමණක් දැනුනා,,,

නින්ද නේන කලුවර මහ රෑ,,,
හැඬුනි හොදටෝම ඒවි සිතා,,,
ආවෙ නැතත් ඔබ යළිත් සොයා,,,
දුන්නු කඳුලු ගඟ ගලයි සදා,,,

සිනාමල්ම පිබිදුනු විලෙහී,,,,
කඳුලු මල්ම පමණක් ඉහිරී,,,
හැර දමා ගියත් තව වැලපෙන්නේ,,,
අපේ මතක යලියළි මැවිලා,,,

ඔය සොඳුරු ගත වටා එතී,,,

| | 0 comments »

වැහි වලාකුලක් වෙන්නට ඇත්නම්,,,
මල් වැස්සක් සේ වැටෙන්න ඇත්නම්,,,
මුවාවෙන්න තැනක් නැතිව ඒ මල් වැස්සෙන්,,,
ඔබ නෑවෙනවා බලන්න ඇත්නම්,,,

සරාසඳින් මල්වර රෑක,,,
ඔබ නිදාගන්න සයනේ සැරසූ,,,
සුදු පුන්චි පුන්චි මල් පොඩි වැටුනූ,,,
සුදු සේද සලුව වෙන්නට ඇත්නම්,,,

සීත වෙලාගත්තු කලුවර රෑක,,,
ඔබට උහුලගන්න බැරිවූ විටෙක,,,
ඔය සොඳුරු ගත වටා එතී,,,
උනුසුම තවරන්නට ඇත්නම්,,,

මගෙ ආදර උනුසුම විඳින ඔබ,,,
ඇස් පියාන නිදාගත් විට,,,
නැලවෙන ඔබෙ ලැමට තුරුලුවී,,,
මිහිරි සිහින දකින්න ඇත්නම්,,,

මා ඇඳි සිත්තම්...(රාධා..ක්‍රිශ්ණා)

| | 1 comments

සසර කෙළවර සොයායනමුත්

| | 0 comments »

සරා සඳ ඇති රැයේ යන්නේ,,,කළකිරුනු ගිහිගෙයින්,,,
එපාවී නොව ඔබේ මුදුගුණ සැන සුනා මුලු හදින්,,,
පුතුව තුරුලේ හොවාගෙන ඔබ නිදන යාමය බලන්,,,
සසර කෙළවර සොයායනමුත් කඳුලු ඇත ඔබ නමින්,,,

පුරා දස වසරකට පෙරදී ස්වයන්වරයේ ඉඳන්,,,
මගෙ විකුම් දැක මා හටම දුන් එකම රස වදනෙකින්,,,
ලඟට ගත්තත් සිළෝ සක්මැද මහා මoගල්ලෙකින්,,,
අහිතකින් නොව යන්නෙ වෙන්වී ඔබට හිතවත් සිතින්,,,

පුතු උපන් ඒ විඩාවෙන් ඔබ නිදන රෑ ඇස් පියන්,,,
සමාකළමැණ ඇහැරවන්නට නොම සිතේ මගේ හිතින්,,,
යන්න යනමුත් එතෙර කරනට සැවොම සoසාරයෙන්,,,
අදත් යන්නේ ඔබට ලෙoගතු එදා උන් සෙනෙහසින්,,

සුබ උපන්දිනයක්

| | 4 comments »

මේක දිග කතාවක්...හුගක් දිග කතාවක්..එත් කෙටියෙන්ම ලියන්නම්...මේක රහසක්....එක ආදරවන්තයින් දෙන්නෙක් හිටියා...කොල්ලා හිටියේ පිට රටක..කෙල්ල ලන්කාවේ ...මේ කොල්ල දවසක් ස්කයිප් කියන දැලේ එල්ලිලා ලන්කාව වටේ රවුමක් ගියා..ඔය යද්දි තමයි මේ ගෑනු ළමයව මෙයාට හමුවුනේ...ඔය දෙන්නා දැන හදුනාගෙන ආදරේ කරන්න පටන්ගත්තා.ස්කයිප්,යාහූ,,,දැල් තමයි මෙයාලට දවස පුරාවෙම එල්ලිලා ඉන්න උදව්කලේ...ඔහොම මෙයාල හුගක් සතුටින් දෙන්නම ආදරෙන් හැමදාමත් හිටියා...පොඩි පොඩි අවුල් ඇති වුනත් හුගක් ආදරෙන් හිටියා...ඔහොම ඉද්දි දවසක් මේ ගෑනු ළමයා මේ පිරිමි ළමයට ලස්සන යෝජනාවක් ගෙනාව..ඒ තමයි "අපි ලස්සන දරුවෙක් හදමු' කියලා...ඒ අදහසට එකඟවුනු මේ ආදර වන්තයත් එක පයින්ම කැමති වෙලා ..දෙන්නගෙම එකතුවෙන්,,,ලස්සන දරු පැටියෙක් බිහිකලා මේ ගෑනු ළමයා...දැන් මේ ලමය හදල තියන්න වුනේ බ්ලොග්ස්පොට්.කොම් කියන ගෙදර...හැමදාමත් වගෙ අම්ම කෙනෙක් අමරුවෙන් වදන දරුවගෙ වාසගම යන්නෙ තාත්තගෙනේ..මේ දරුවටත් එහෙමයි...මෙයාව හදන්න වුනේ දරුවගෙ තාත්තටයි..අම්ම කවදාවත් කැමති තිබුනේ නෑ දරුවගෙ අම්ම එයා කියන්න...හැබැයි මෙ දරුවට ඒ අම්ම්ත් මාර ආදරෙයි...

ඔහොම ලස්සන දේවල්වලින් සරස සරස දරුව හදන අතරේ...අනේ...හදිස්සියෙම මේ දරුවගේ අම්මාඅ ඒ තාත්තගෙන් දුරස්වෙන්න පටන්ගත්තා..තත්තට හුගක් දුක හිතුනා...ඒ හැම දුකක්ම ඒ තත්ත කිව්වේ මේ දරුවට...හැබැයි දරුව බලන්න අම්මා එනවා..මේ බ්ලොග්ස්පොට් එකට...කියන ගෙදරට...මේ ආදරවන්තිය හේතුවක්වත් නොදන්වා හුගක් හිත රිදෙන විදිට මෙයාව තනිකරල ගිහින් නිසා හැම වෙලාවෙම දුකින් ඉන්න දරුවගෙ තාත්තා දවසක් දරුවව අපිළිවෙලට සරසලා...මෙ අම්ම ඇවිත් බලද්දි දරුවා කැරොල් කරලා...දරුවගේ අම්මට හොදටම තරහ ගිහින් තාත්තට චැට් කියන සන්නිවේදනය හරහා බැන්න හොදටම ...දරුවව හොදට තියාගන්නවා මොනා නැතත් ලස්සනට තියාගන්න කියලා...තාත්තට හරි සතුටුයි..ඒ එයාව දාල ගියත් දරුව බලන්න හරි ඒ අම්ම එනව කියලා දැනිලා..ඇත්තටම ලෝකෙ හුගක් පවුල් අවුල්..ඒත් දරුවො නිසා ඒවගේ පවුල් පොඩ්ඩක් හරි ඉතිරිවෙලා රැකිල තියෙනවා...
කොහොමහරි...ඉතින් දැන් දරුවගෙ තාත්ත ජීවිතේ ගෙවන්නේ දරුවා දිහැ බලලා...එයා තුලිනුත් අර තමන්ගෙ ආදරණීය කෙනාව හිතින් මවාගෙන...ඒත් දරුවගේ තාත්ත ඉන්නේ හරි වේදනාවෙන්...ඉතින් දරු පටියා ලස්සනට ලොකුවෙන අතරේ එයගෙ අම්මගෙ 25 වෙනි උපන්දිනේ ඇවිත් අද වගේ දවසක...දරුවගේ අම්මගේ වචනයක්වත් දැකගන්න බැරි වුනත් සුබපතන්න හිතයි එයාට..ඉතින් ඒක නිසාම මේ ආදරවන්තයා හිමවගේ මිදුනු කඳුලු උඩ ඒ රටේ පිපෙන රෝස මලක් අරන් ඇවිත් දරුව ලගින් තියල අම්මිට සුබ උපන්දිනයක් කියන්න කියලා දරුවට කීව කියන්න කියලා......කොඉවෙලාවක හරිදරුවා බලන්න එයා ඒවි,,,ආ කියන්න අමතකවුනා..දරුවගෙ නම...ඒ දරුව තමයි.ruwan-sithruusoebaa..කියන්නෙ...තාත්ත ඔයාල දැන ගනි..එත් අම්ම ගැන කියන්න විදිහක් නෑ...එයාට ඒකෙන් අවුලක් වෙයි කියලා...ඉතින් ඒක රහසක්...

මොකුත්ම නැතත් ඒ දරුවගේ අම්මා ඒ උපන්දින සුබපතුම ගත්ත කියලවත් දරුවට පුන්චි වචනයක් කියල ගියොත් ඒක ලොකු සැනසුමක් වේවි....

ජේසුනේ ඔබේ දයාවෙනී,,,

| | 0 comments »

සාමයේ සැරු ස්වාමිනේ,,,
සමගියේ මුල් පියාණෙනී,,,
ජේසුනේ ඔබේ දයාවෙනී,,,
ලොවම සාමයේ හිනාවුනේ,,,

ලොවේ සිත් යලි කුරිරු වී,,,
ලොවම යුද ගිනි වෙලාගනී,,,
ලොවට සාමය ගෙනත් දී,,,
යන්න එනුමැණ පියණෙනී,,,

සමගියෙන් තොර ලෝකයේ,,,
එකිනෙකා ඇන කොටගනී,,,
ලොවට ප්‍රේමය කියාදී,,,
යන්න එණුමැණ පියාණෙනී,,,

දැරුවත් කුස සෙනෙහසින්

| | 0 comments »

මට දැනේ ඔබේ කෙඳිරුම් හැඬුම් හඬ,,,
දැනේ ඔබේ කෙඳිරුම්,,,
විඳින්න බෑ මට ඔබේ ඉකිබිඳුම්,,,
දරන්න බැරි වෙහෙසකින්,,,
ඔබ ගෙනා නැවුම් සිහිනේ ඉතින් මම ,,
වින්දට ආදරයෙන්,,,
හදාගන්න හිත තේරෙන්නෑ,,,
ඔබගෙන් දුරක හිඳන්,,,

අපේ කැදල්ලට සොඳුරු අමුත්තෙක්,,,
ගෙනෙන බවට කොඳුරමින්,,,
මගේ ආත්මය අලුතින් ලීවේ,,,
මට හිමි ඔබේ මුදු සිතින්,,,
නැවුම්ව මගෙ දිවියට පණ දී ඔබ,,,
දැරුවත් කුස සෙනෙහසින්,,,
විඳින්නේ කොහොමද කැකුළ උපද්දන,,,
මොහොතෙ දුරින් මම ඉඳන්,,,

හැඟේ කැදැල්ලට නැවුම්ම කැකුළක්,,,
පැමිණි බවට පාවෙමින්,,,
පියසෙනෙහෙන් මේ පිටට ගලන්නේ,,,
ඔබ හෙලු දුක් කඳුලින්,,,
මගේ නමින් පණ අයැද සිටිනවා,,,
දුටුවෙමි ඔබ සිහිනයෙන්,,,
බුදු පාමුල හිඳ වැදගෙන උන්නෙමි,,,
දෙවියනේ අඇය රකිනා ලෙසින්,,,

යන්නම යන්නේ නේන්නනම් ඔබ සතුට අරන් මගෙ යන්න

| | 0 comments »

ගන් දිය ඇවිදින්,,,දුන්හිඳ රිදවා,,,කඩා වැටෙනවා සේම,,,
වැසි දිය ඇවිදින් මල්පෙති රිදවා කඩාවැටෙනවා සේම,,,
කර දිය ඇවිදින් වෙරලෙහි වැදිලා ගලාන යනවා සේම,,,
උනු දිය ඇවිදින් නෙතුපිය රිදවා කඩා හැලෙනවා බෝම,,,

යන්නම යන්නම යනවානම් මට සුවඳ ඉතිරි කර යන්න,,,
යන්නම යන්නේ නෙන්නනම් ඔබ මතක ඉතිරි කර යන්න,,,
යන්නම යන්නම යනවානම් මට කඳුලු ඉතිරි කර යන්න,,,
යන්නම යන්නේ නේන්නනම් ඔබ සතුට අරන් මගෙ යන්න,,,

දමා ගියත් ඔබ සෙනේ සිහිල් ගඟ,,,වියලෙන තරමට මාව,,,
බිඳී ගියත් සිත ආයෙ කෙසේවත් හදා ගන්න බැරි සේම,,,
රැඳී හුගක් කල් ලගින් ඉදන් මගෙ සෙනෙහස දුන්තරමින්ම...
අසිරි පතනවා සමුගෙන යද්දිත් ඉන්න තුටින් ඔබ බෝම,,,